IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


පාඨලී අත්අඩංගුවට ගත් ආකාරය ගැන පොලිස්පතිගෙන් වාර්තාවක් කැඳවයි

(ඉන්දිකා රාමනායක)
 

හිටපු අමාත්‍ය  පාඨලී  චම්පික රණවක මහතා  අත්අඩංගුවට ගැනීමේ දී  පොලිසිය අනුගමනය කළ යුතු  කි‍්‍රයා පිළිවෙත අනුගමනය කර  ඇතිද යන්න  පොලිස් කොමිසම  වැඩබලන පොලිස්පතිවරයාගෙන් අද (23)  වාර්තාවක් කැදවන බව ජාතික පොලිස් කොමිසම කියයි.
 
හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේදී නියමිත  ක‍්‍රමයට  සිදු වී නොමැති බවත් ඒ සම්බන්ධයෙන් පියවර ගන්නැයි නියෝජ්‍ය කථානායක  ආනන්ද කුමාරසිරි  මහතා පොලිස් කොමිසමේ සභාපතිවරයා වෙත ලිපියක් යොමුකර ඇති  බවත් ඒ අනුව පොලිස්පතිවරයාගෙන් සිද්ධිය සම්බන්ධයෙන්  වාර්තාව කැදවන බව  ජාතික පොලිස් කොමිසමේ ලේකම් නිශාන්ත වීරසිංහ  මහතා ලංකාදීපයට පැවසීය.
 
නියෝජ්‍ය කතානායකවරයා මෙම ලිපිය  ඉකුත් (19) දින ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා වෙත යොමු කර ඇති බවද ලේකම්වරයා කියා සිටියේය.
 
පාර්ලිමේන්තු  මන්තී‍්‍රවරයකු  යම්  නිශ්චිත  කාරණයක් සදහා  අත්අඩංගුවට  ගැනීමට  කටයුතු කරන්නේනම්  මෙතෙක් පැවති  සම්ප‍්‍රදාය වුයේ  කථානායකවරයා දැනුවත් කර එසේ කිරීමයි.      පාඨලී චම්පික  මන්ති‍්‍රවරයා අත්අඩංගුවට ගැනීමේ දී  ඒ සදහා   සහභාගි වු  කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්වරයා  ඇතුලූ පොලිස් කණ්ඩායම  අදාල මන්ති‍්‍රවරයාගේ නිවසට ගොස්  පාර්ලිමේන්තුව දැනුවත් කර ඇත්තේ දැයි  විමසු අවස්ථාවේ එම නිවසින් පිටතට පැමිණ  ප.ව  6.57 ට  දුරකතනයෙන්  මා  අමතා  අත්අඩංගුවට  සිදු කළ බවට  දන්වන ලද බවද නියෝජ්‍ය කථානායකවරයාගේ ලිපියේ සඳහන් වේ.
 
මන්තී‍්‍රවරයකු  අත්අඩංගුවට ගැනීමේ දී   අනුගමන  කළ යුතු  කි‍්‍රයා  පිළිවෙත මෙම අවස්ථාවේ   සිදුව නොමැති බවට  තමන් විශ්වාස කරන බවත්  ඒ සම්බන්ධයෙන් අවදානය යොමු කර නිසි පියවර ගන්නා ලෙසට නියෝජ්‍ය කතා නායකවරයා සිය ලිපියෙව් වැඩිදුරත් දන්වා ඇති බවද  කොම්සම් ආරංචි මාර්ග පවසයි.
 
 
 



අදහස් (14)

පාඨලී අත්අඩංගුවට ගත් ආකාරය ගැන පොලිස්පතිගෙන් වාර්තාවක් කැඳවයි

ravin Sunday, 22 December 2019 06:47 PM

ඊට ඉස්සෙල්ලා පොලිස් කොමිසම රටේ ජනතාවට කියන්න ශානි අබේසේකර කියන දක්ෂ අපක්ෂපාති පොලිස් නිලධාරියාව තත්වය පහත් කොට මාරු කලේ ඇයි කියලා ...?

:       243       675

පොලිස් කොමිෂනර් Sunday, 22 December 2019 09:58 PM

අනේ මහත්තයෝ අපේ කොන්ද කැඩුවානේ...අලුත් කට්ටිය..ඉතින් දැන් අපි වහල්ලු වගේ ..

:       2       153

YackandandahSunday, 22 December 2019 11:51 PM

ඔව් ඔව් පොලිස් අධිකාරිව සහායක කෙනෙක් කලේ ඔය අපක්ෂපාතී කොමිසමත් ඒක අනුමත කලා නේද?

:       3       32

Devinda Uduwara Monday, 23 December 2019 01:16 AM

ඔව්. කොමිසමට ඉක්මනින් ප්‍රතිචාර දැක්විය යුතුයි.

:       0       49

MaheeMonday, 23 December 2019 01:42 AM

ශානි ගැන මගේ පැහැදීමක් නැහැ. හැබැයි, ඊට වඩා මගේ අප්‍රසාදයක් තියෙනවා කොමිසම ඔහු මාරු කළා මදිවට තත්ත්වයෙනුත් පහත හෙලීම ගැන. කොමිසම ඒක කලේ ඔවුන්ට උවමනා නිසා නොව බලපෑම් නිසා බව නොතේරෙන කෙනෙක් ඉන්නවද? කෝ අර කියන ස්වාධීනත්වය? 19 යටතේ පිහිටු වූ කොමිෂන් වලින් ස්වාධීනව වැඩක් කරන්නේ මැතිවරණ කොමිසම විතරයි. ඒකෙත් "මණ්ඩලේ කචල්". සාමාජිකයෝ පරස්පරයි. හැබැයි, විසඳුම නම් 19 අහෝසි කිරීම නොවෙයි. දේශපාලන බලපෑම් සිදු කල නොහැකි මට්ටමට තව දුරටත් ඒවා ශක්තිමත් කිරීමයි.

:       10       152

suri Sunday, 22 December 2019 06:58 PM

මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මන්ත්‍රීවරයෙක් ඕන ජඩවැඩක් කරලා අහුවුණොත් පොලිසියට බැහැ අත ගගා ඉන්න. බෙල්ලෙන් අල්ලලා කූඩුවට දමනවා මිසක. සමහරවිට කතානායකට කෝල් කළානම් කතානායක කියාවි ගොඩින් බේරාගන්න.. ඔන්න ඔහේ ඇපයක් පිට නිදහස් කරන්න "කියලා. අපි නොදන්නා දේශපාලුවන්නේ. එකම වල්ලේ පොල්නේ. අනික නීතිය කියන එක රටේ කාටත් සාධාරණ විය යුතුයි. අපේ රටේ නීතිය ජනාධිපතිට එකක්. මන්ත්‍රීට එකක්. අහිංසක රට වැසියෙකුට එකක්. ඇමෙරිකාවේවත් නැති නීති තිබෙන මහා පුදුම ප්‍රජාතන්ත්‍රවාදයක් තිබෙන ශිෂ්ඨාචාර ගතවී නැති ගෝත්‍රිකයින් රට කරවන දූපතක තමයි අවාසනාවට අප ජීවත්වන්නේ. ඔහොම යමුකෝ... මේ සියල්ලටම මුල පසුගිය රජයේ "හොරු" අල්ලපු නැති එකයි. දැන් හොරු එළියේ... හොරුන්ව අල්ලලා දුන්නු පොලිසියේ අය කූඩුවේ.. නැත්නම් පණ බේරාගෙන රට පැනලා...

:       11       103

Kalu Sunday, 22 December 2019 08:56 PM

පාඨලී අහිංසක මනුස්සයව හප්පලා මග මැරෙන්න දාලා පැනල ගිහින්, රියැදුරාව වෙනස්කරලා, සී සී ටී වී මකලා, නීතිය නවද්දී. පොලිස් කොමිසම නිදාගෙනද හිටියේ? කතානායක මැරිලද හිටියේ? බොරු බයිලා තමයි. පාඨලී බෞද්ධ නායකයෙක් නොවෙයි. බුද්ධාගමේ ලේබලය ගහගෙන බෞද්ධාගමට නිගාකරන , බෞද්ධයන් නොමග යවපු පුද්ගලයෙක් !

:       225       217

lalithmMonday, 23 December 2019 03:16 AM

පාඨලී මේ සිද්ධියේදී නිවැරදි නොවෙන්න පුළුවන්. ඒත් ඔහුව නීතියෙන් වැරදි කාරයෙක් කරන්න කලින්ම සමහර මාධ්‍ය සංදර්ශන මගින් එල්ලලා දමල ඉවරයි වගේ. ඒ වගේම ඔය හැප්පුණු අහිංසක කියපු කෙනත් අහිංසක නැති වගේ නේද? බයික් එක ගැනත් යම් යම් කතා තියෙනවා නේද?

:       9       120

isuru Monday, 23 December 2019 12:36 AM

බඩුත් හාමුදුරුවන්නේගේ නඩුත් හාමුදුරුවන්ගේ ඉතින් කාට කියන්දෝ ....!!!

:       0       56

Yasa karu Monday, 23 December 2019 02:41 AM

පොලිසියෙන් මොකටද ඔය හමුදාව ඉන්නේ හැමතැනම.

:       1       9

Mahesh Monday, 23 December 2019 03:27 AM

සම්ප‍්‍රදාය කැඩීම මිසක් නීතියක් කඩලා නැති නිසා තමයි බය නැතුව කොමිසමේ ලේකම් ඔය වගේ වැඩක් කරන්න ඇත්තේ. ශානී වෙනුවෙන් කතා නොකරපු කොමිසම

:       0       8

Deepal Nirosh Monday, 23 December 2019 03:51 AM

හොරාගෙ අම්මගෙන් පේන ඇහිල්ල හරියටම හරි ගියා නේද?

:       0       1

Hemantha Monday, 23 December 2019 04:01 AM

මෙහි බහුතරයක් කමෙන්ට්ස්වලින් තේරෙන්නේ අපේ රටේ මිනිස්සු වාහන පැද්දට මාර්ග නීති දන්නේ නැහැ කියලා. වාහන අනතුරු වැඩිවෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ.

:       6       12

eresh S kumara Monday, 23 December 2019 05:00 AM

ඔය වැඩටික හමුදාවට බාරදුන්න නම් නියමෙට කරලා තියයි .පොලීසිය වැඩක් කරොත් අනාගන්නවනේ.

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 63 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 124 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


පොහොට්ටුවේ ජනපති අපේක්ෂක මැයි රැළියේදී එළියට
2024 අප්‍රේල් මස 23 592 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මැයි රැළියේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ.


දියතලාව අනතුරු ගැන සොයන්න යුද හමුදාවෙන් විශේෂ කමිටුවක්
2024 අප්‍රේල් මස 23 190 0

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රෝස් තරගාවලිය අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත 7 දෙනකු ගෙන


චමරි අතපත්තු ලෝකයේ පළමු තැනට එයි
2024 අප්‍රේල් මස 23 863 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකාරීයන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව


අනුර දුන් දිනවල සජිත්ට වැඩලු
2024 අප්‍රේල් මස 23 899 8

සමඟි ජන බලවේගයේ නායක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර යෝජිත විවාදයට ජාතික ජන බලවේගය දුන් දිනවල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1622 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1511 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site