මැතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීම, ප්‍රචණ්ඩ ක්‍රියා, තලේබාන් සහ අයි.එස් ප්‍රහාර එල්ල වීමේ අවදානම මධ්‍යයේ පාකිස්තාන මහ මැතිවරණය අද (25) ආරම්භ විය.
පාකිස්තාන ඡන්ද දායකයන් අද (25) උදෑසනින්ම ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ කළ බව එරට මාධ්‍ය වාර්තා කර තිබිණි. මිලියන 106ක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටින අතර පාකිස්තාන පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය සහ ප්‍රධාන පරිපාලන පළාත් හතරේ සභා සඳහා සාමාජිකයන් තෝරා පත් කරගැනීම වෙනුවෙන් මහ මැතිවරණය පැවැත්වේ.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් පී.ටි.අයි පක්ෂය සහ හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ පී.එම්.එල් - එන් පක්ෂය අතර දැඩි තරගයක් පවතී. නවාස් ෆරීස් දූෂණ චෝදනාවලට වැරැදිකරු වී මේ වනවිට සිර භාරයේ පසුවන අතර ඔහුට හමුදාවේ සහාය හිමිවන බවට නවාස් ෂරීෆ් සහ ඔහුගේ පක්ෂය චෝදනා කරයි. එම චෝදනා ප්‍රතික්ෂේප කරන ඉම්රාන් ඛාන් නවාස් ෂරීෆ් අපරාධකරුවකු බවත් ඔහුට කිසිවකුගේ සහාය හිමි නොවිය යුතු බවත් සඳහන් කරයි.
මැතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීමේ දැඩි උත්සහායක් තිබෙන බවට තොරතුරු වාර්තා වී ඇතැයි ද මානව හිමිකම් සංවිධානය උපුටා දක්වමින් පාකිස්තාන මෙන්ම විදෙස් මාධ්‍යය ද වාර්තා කර තිබිණි.
මැතිවරණයේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයන් 372,000ක් යෙදවීමට පාකිස්තාන බලධාරීන් කටයුතු කර තිබූ අතර ආරක්ෂක අංශ සාමාජිකයන් පුළුල් අධිකරණ බලතල ලබාදීමට ද පාකිස්තාන මැතිවරණ කොමිසම පසුගිය සතියේදී පියවර ගත්තේය.
ඒ.එෆ්.පී/රොයිටර්
(055)
අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ
පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස
කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්
එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව
ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පාකිස්තාන් මහ මැතිවරණය ඇරැඹේ