IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘පක්ෂයේ තීරණය කුමක් වුවත් ම‍ගේ ඡන්දය අයවැයට විරුද්ධවයි’

(ඩයනා උදයංගනී)

පාර්ලිමේන්තුවේදී හෙට  (5) පැවැත්වීමට නියමිත  ‘අයවැය’ අවසන් ඡන්ද විමසීමේදී ඡන්දය භාවිතා කරන ආකාරය සම්බන්ධයෙන් පක්‍ෂය කුමන තීරණයක් ගත්තද තමන් අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදීද තමන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් සිව් දෙනෙක් එයට විරුද්ධව ඡන්දය භාවිතා කළ බව කී මන්ත‍්‍රීවරයා මෙවර එම තීරණය වෙනස් කිරීමට කිසිදු හේතුවක් තමන්ට නැතැයි ද සදහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සියලූ දෙනා අයවැයට විරුද්ධව ඡන්දය දීමට තීරණය කරන්නේ නම් තමන් වඩාත් කැමති බව කී ඩිලාන් පෙරේරා මහතා අයවැයේදී ඡන්දය භාවිතා කරන ආකාරය මත ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පවතින සාකච්ඡා බිඳ නොවැටෙන බව ද කීවේය.

ඩිලාන් පෙරේරා මහතා මේ බව පැවසුවේ පුංචි බොරැල්ලේ, තිලංග සුමතිපාල මහතාගේ නිවසේ පිහිටි පරිවර්තන කේන්ද්‍රයේදී අද (4) පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

අයවැයෙන් ආණ්ඩුව පැරදවීම කළ නොහැකි විය වුවත් ජනතාවට බොරු පොරොන්දු රැසක් දී ඇති එයට විරෝධය දැක්වීම කළ යුතු බව ද මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කළේය. ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂ කිහිපයක් ද මෙවර අයවැයෙහි අන්තර්ගත බැවින් එයට විරුද්ධවීම සාධාරණද යන්න ගැන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇතැම් මන්ත‍්‍රීවරුන් ප‍්‍රශ්න කරන බව කී මන්ත‍්‍රීවරයා එය ගැටලූවක් කර නොගත යුතු බව ද කීවේය.

මීට පෙර චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපතිව සිටි සමයේත්, තවත් අවස්ථාවලදීත් මෙවැනිම තත්ත්වයක් ඇතිවූ බව කී මන්ත‍්‍රීවරයා එම අවස්ථාවේදී පක්‍ෂය අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කළ බව ද කීවේය.

මෙම මාධ්‍ය හමුවට එක්ව සිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී එස්.බී දිසානායක මහතාගෙන්ද ඡන්දය භාවිතා කරන ආකාරය පිළිබද මාධ්‍යවේදියෙක් ප‍්‍රශ්න කළ අතර ඔහු පැවසුවේ එය ඡන්දය විමසන අවස්ථාවේදී බලාගත හැකි බවයි.

අයවැයට විරුද්ධව ඡන්දය දීම කෙරෙහි පක්‍ෂය යොමු කරවීමට කළ හැකි සෑම දෙයක්ම කරන බව ද එස්.බී දිසානායක මහතා කීවේය. පක්‍ෂය සමඟ එක්ව කටයුතු කිරීම තම අපේක්‍ෂාව වුවත් එක්ව සිටිය නොහැකි අවස්ථාද තිබිය හැකි බව මන්ත‍්‍රීවරයා කීවේය.



අදහස් (12)

‘පක්ෂයේ තීරණය කුමක් වුවත් ම‍ගේ ඡන්දය අයවැයට විරුද්ධවයි’

චමින්ද Thursday, 04 April 2019 09:57 AM

අපි නිදහස ලබා අවුරුදු 70 ක් ඉක්මවා සිටිමු. නිදහස ගත් කාලයට වඩා අපේ රට ඉතා පහළ මට්ටමකට පත්ව ඇත. රටේ ජනතාවටද පක්ෂ ක්‍රියා කාරයින්ටද තමන්ගේ පක්ෂයේ එවුන් රට කාදැමීම අවුලක් නොවේ. ඔවුන්ට අවුල් වෙනත් පක්ෂයක එවුන් රට කාදැමීමය... මෙරටේ පවතින ක්‍රමයට පක්ෂ පවතින තාක්කල් මේ රට හැදීම කල නොහැක....

:       0       40

RaveendraThursday, 04 April 2019 12:25 PM

චමින්ද මයා වෙත, ඔබගේ නිවැරදි අදහස් අප අගය කරන්නෙමු. ඇත්තෙන්ම මොහු මේ තරම් කෑමොර දෙන්නේ ඇයි? තව අවුරුදු 150 පසු කලත් ශ්‍රීලංකාව දියුණු " හිමින් " පවතින රටකි. කාටද ආඩම්බර....

:       0       0

sirimal Thursday, 04 April 2019 10:06 AM

ඔව් ඉතින් රට ගැන හරි ප්‍රතිපත්ති ගැන හරි හිතල නෙවේනේ අපේ කට්ටිය ඡන්දය දෙන්නේ.

:       0       20

Vajira Thursday, 04 April 2019 10:43 AM

එකෙන් වෙන්නේ සුළු ජාතික පක්ෂවල සහය ගන්න එයාලගේ කොන්දේසි වලට එකග වෙන්න ආණ්ඩුව තල්ලු කරන එක විතරයි. මෙයාල වගේ මේ රටේ කුජිත දේශපාලකයෝ එළවලා අලුත් තරුණ නායකත්වයකට රට බාර දෙමු.

:       7       89

de Thursday, 04 April 2019 10:49 AM

මහතයෝ ඔයාලා පක්ෂ උනත් නැතත් , අපි ඔයාල 225 දෙනාටම විරුද්දය . මොකද අපිට ජීවත්වෙන්න හරිම අමාරුයි අනේ. එහෙම නැතුව ඔයාලා හිටියේ නැ කියලා අපිට තියන හොදේ මොකක්ද . ලබන ඡන්දෙදි ඔයාල වැඩි දෙනෙක්ට පිළිතුරු දෙයි ජනතාව .

:       0       67

RaveendraThursday, 04 April 2019 12:34 PM

ඇත්තෙන්ම ඔබ නිවැරදියි.

:       0       1

Prabha Thursday, 04 April 2019 03:58 PM

කතාව හරියට ජනතාව පත්කරලා එව්වා වගේ

:       0       0

රවින් Friday, 05 April 2019 02:18 AM

පත්වෙච්චද? එහෙනම් ඡන්දය දුන්නු අයගේ හඬ. පත්කරපුද ? එහෙනම් පත්කරපු හඬ.

:       0       0

sirimal Friday, 05 April 2019 08:36 AM

මේ මහත්තය ඔහොම කීවට එයාගේම ගජ මිතුරන් කිහිපදෙනෙක්ම අයවැය අවසන් ඡන්ද විමසීම තියෙන වෙලාවේ පාර්ලිමේන්තුවට නොපැමිණීමටත් ඡන්ද විමසීම අවසන් වුවාට පසුව ඒ කණ්ඩායම රනිල් වික්‍රමසිංහ මහතා හමිවී මොන මොනවාදෝ කතා බස් කිරීමටත් තීරණය කර ඇති බවයි අපටනම් ආරංචි වෙන්නේ.

:       0       67

Bamunuarachchi Saturday, 06 April 2019 09:31 AM

ඔබ කීවදේ කර තිබෙනවා සන්තෝසයි. කෝ අර අමරවීර, ජයසේකරලා... හොර වැඩ නේද වෙන්නේ? මේ සැරේ ඡන්දෙදි ගහලා පන්නමු. යූ.එන්.පී යට කත් අදින පල් හොරුන්...

:       0       0

Bamunuarachchi Saturday, 06 April 2019 09:34 AM

තිලංග සුමතිපාලගේ ගෙදර රැස්වීම තිබ්බත් ඌත් විරුද්ධව ඡන්දෙ නොදී පැන්නා නේද?

:       0       0

Sathhaya Monday, 08 April 2019 03:11 AM

අනේ හොදයි , විරුද්ද වෙලා ගෙදරටම වෙලා හිටියානම් රටට කරන ලොකුම සේවයක් .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 276 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 663 0

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 586 1

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 871 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 707 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 104 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1683 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site