IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පොකුණු ඉස්සන් වගාවට තර්ජනයක් විය හැකි අලුත් ඉස්සන් වර්ගයක්

(හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)
                    
මෙරට පොකුණු ඉස්සන් වගාව විනාශ කළ හැකි වන මී  නමැති ඉස්සන් වර්ගයක් සංවිධනාත්මක ව්‍යාපාරික ආයතනයක් විසින් මෙරටට ගෙන්විමට ගෙන ඇති තීරණය වහාම නවතන ලෙසට ඉල්ලා ශ්‍රී ලංකා ජල ජීවි වගා සංවර්ධන සන්ධානය හලාවත පොලිස් අධිකාරි සුරංජිත් කුමාරපේලි මහතාගෙන් ඉල්ලා ඇත.

එම සන්ධානයේ නියෝජිතයන් පිරිසක් අද (7 දා) දහවල් හලාවත පොලිස් අධිකාරි කාර්යාලය වෙත පැමිණ පොලිස් අධිකාරිවරයා හමුවි මෙම කරුණු ඉදිරිපත් කරමින් සිය විරෝධතාව පල කළේය.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමේදී ශ්‍රී ලංකා ජල ජීවි වගා සංවර්ධන සන්ධානයේ සභාපති කමල් නානායක්කාර මහතා පැවසූයේ මෙරට පොකුණු ඉස්සන් මිල බෙහෙවින් පහල බැස ඇති නිසා ඉස්සන් වගාකරුවන් දැඩි ලෙසින් පීඩාවට පත්ව තිබෙන බවත්, එසේ තිබිය දී නයිනමඩම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් ඇමරිකාවෙන් මෙරටට ගෙන ආ ඉස්සන් මගින් පැටවුන් බෝකරගෙන පුත්තලම ආශ්‍රිත ප්‍රදේශවල ඉස්සන් වගාකරුවන් වෙත අලෙවි කළ බවයි.

මෙම වනමී වර්ගයේ ඉස්සන් හේතුවෙන් අප රටේ මොනඩොං නමැති ඉස්සන්ගේ ව්‍යාප්තියට දැඩි ලෙස හානි පමුණුවන බව සොයාගැනීමට හැකි වී තිබේ.   

ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරියට හා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයට මේ පිළිබඳව දන්වා තිබෙන බවත්, වහාම මෙම ඉස්සන් මෙරටට ගෙන්වීම තහනම් කිරීමට පියවර ගන්නා ලෙසත් දැනුම් දී තිබේ.



අදහස් (3)

පොකුණු ඉස්සන් වගාවට තර්ජනයක් විය හැකි අලුත් ඉස්සන් වර්ගයක්

රජින්ද Saturday, 07 April 2018 10:51 AM

බලයට කුලල් කා ගන්න රටක ඉස්සන් ගැන කවර කතාද? මේ රටේ ආණ්ඩු පත්වෙන්නේ මේ රටට සොච්චමක් හරි දුක් මහන්සියෙන් උපයලා දෙන මිනිස්සු සහ ඔවුන්ගේ කර්මාන්ත තියා පිරිසිදු වාතය, හුස්ම ගන්න තියෙන ගහ-කොළ රැකගන්නවත් නෙවෙයි. තනිකරම තම තමන්ගේ සුඛවිහරණයටම පමණයි. දවසක් ගානේ පැයක් ගානේ මේ රට හැම අතින්ම දූෂණය වෙනවා. ඒ හැම දූෂණයකටම රටේ පාලකයින්ගේ හෙවනැල්ල වැටිලා තියෙන නිසා මේ රට බේරාගන්න කෙනෙකුත් නැහැ. මේ රටේ ඉරණම අතිශයින්ම ඛේදනීයයි.

:       5       459

PerakumSaturday, 07 April 2018 03:34 PM

රජින්ද ඔබ හරි... මේ රටේ ඉරණම අතිශයින්ම ඛේදනීයයි. මේ බව පවසමින් නිහඬව සිටින්නේ නැතිව අපට කළහැකි යමක් නැද්ද?

:       0       19

Nawshad Sunday, 08 April 2018 06:15 AM

මෙම ප්‍රකාශය නිවැරදි නැත. මම පසුගිය වසර දහය තුළ මැද පෙරදිග රටක වැඩ කරමින් සිටිමි. අපි එම ඉස්සන් වගා කරන "Penaeus vannamei" වගා කරයි. එය ඉක්වදෝරයෙන් ගෙන එන ලදී. මූලික වශයෙන් "Vannamei" ශීග්‍රයෙන් වර්ධනය වන ලක්ෂණ හා ඉහළ අස්වැන්නක් ඇති හැකියාවක් ඇති නිසා, මෙය ශ්‍රී ලංකාවේ ඉස්සන් වගාව සඳහා නිරපේක්ෂ විකල්පයක් වනු ඇත. වැනේමීට ඉහළින් වෛරස් ආසාදන සඳහා වාණිජ ගොවීන්ගේ සැබෑ වාසියක් ඇති නමුත් දැනට ශ්‍රී ලංකාවේ වර්ධනය වන ටිගර් ඉස්සන්ගේ WSSV වෛරසය සඳහා වැඩි අවදානමක් ඇත (සාමාන්‍යයෙන් සුදු පුල්ලි රෝගයක් ලෙස හැඳින්වේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 51 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 153 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 724 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 78 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 244 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 237 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1708 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site