(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජූලිගේ)
යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට හිමි තැනෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් මණ්ඩලයෙහි ප්‍රධානියා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරන බව කී රාජ්‍ය ඇමතිවරයා බුද්ධාගමට හිමි නිසි තැන ලබාදීම ගැන අගමැතිවරයාගේ අවධානය යොමු වී ඇති බව ද කීය.
ඒ අනුව මීට පෙර ඒ සම්බන්ධව ඉදිරිපත් කළ කෙටුම්පතෙහි ඒ පිළිබඳව පැහැදිළිව සඳහන් වී ඇති බව ද පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්තා ප්‍රතිසංස්කරණය පිළිබඳව මහජන අදහස් විමසීමට පත් කළ කමිටුවට එම කටයුතු සඳහා රුපියල් අසූලක්ෂ දහ අට දහස් නවසිය එකකුත් ශත78ක් රජය වැය කර ඇති බව ද රාජ්‍ය ඇමතිවරයා කීය.
රාජ්‍ය ඇමතිවරයා මේ වනවිට පැවසුවේ කොළඹ දිස්ත්‍රික් (එ.ජ.නි.ස) මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘නව ව්‍යවස්ථාවෙන් බෞද්ධ ආගමට හිමි ස්ථානයේ වෙනසක් නෑ‘
Bamunuarachchi Friday, 07 September 2018 12:10 PM
අනික් ආගම්වලට බුද්ධාගමට හිමි තැන දෙනවා.... එතකොට හරිනේ නේද?
BamunuarachchiFriday, 07 September 2018 01:54 PM
ඒ ආගම් බුද්ධාගම තිබෙන තැනට ගෙනාවත් එකයි බුද්ධාගම ඒ ආගම් තිබෙන ස්ථානයට ගෙනගියත් එකයි. දෙකෙන්ම සිදුවන්නේ බුද්ධාගමට හිමි විශේෂස්ථානය නැතිවීමයි. බුද්ධාගමට විශේෂ ස්ථානයක් තිබිය යුතුයි. රටේ වැඩිම දෙනා අදහන පැරණිම ආගම. මේ රටේ සංස්කෘතිය හැදිලා තිබෙන්නේ බුද්ධාගමෙන්. සුරාව සහ ගවමස් බුදීම අපේ සංස්කෘතියට එකතු වුනේ... වෙනත් ආගම් පැමිණීමෙන්. අන්‍ය ආගම්වල සිට වෙනත් හේතුන් මත බුද්ධාගමට පැමිණි අයට මේ සංස්කෘතියට ෆිට් වී බුද්ධාගම විශේෂයෙන් හිතන්නට බැරිය. ඔවුන්ට කෝකත් එකයි...
චන්දිමාල් Friday, 07 September 2018 08:42 PM
බුද්ධාගමට ඔය කියන විශේෂ තැන කියන දෙය ලබාදුන්නේ ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක 1970 වියවස්ථාවෙන්. ඊට කලින් ඔය " නාඩගම් " තිබුනේ නැහැ.
BamunuarachchiSaturday, 08 September 2018 07:38 AM
බුද්ධාගමට හිමිතැන නීත්‍යානුකූල කලේ බුද්ධාගමට මේ බෞද්ධ රටේ අනිවාර්යයෙන්ම හිමිතැන වෙනත් ආගම් හිස එසවීමට දේශපාලකයන් ඉඩ දීම නිසා නැතිවන බව දුටු නිසයි. ඒ නිසයි කාලයක් භුක්ති වින්ද දේවල් භුක්ති විඳින්නාට නැතිවෙයි කියන බයට ඔප්පුවලින්ම ලියා දෙන්නේ? 1970ට කලින් බුද්ධාගම සමග ගැටෙන්න කිසිකෙනෙක් ආවේ නැත. 1956ට කලින් නම් එහෙම වුණා. එ්කට හරියන්න හොඳට ඒ ගොල්ලන්ට වැදුණා. ඒ නාඩගම අපි නටාගන්නම්... ඔහෙලා ආව රටකට දැන්වත් යන්න ලැහැස්ති වෙන්නකෝ...
BamunuarachchiSaturday, 08 September 2018 07:43 AM
මෙයා ගිය සුමානේ ඉපදුණු කෙනෙක්ද කොහෙද? රටේ ඉතිහාසය ගැන දන්න මගුලක් නැහැ වගේ...
කාවින්දිSaturday, 08 September 2018 11:40 PM
බමුණෝ ඉන්නේ හින්දු ආගමේ.
sugath Friday, 07 September 2018 01:38 PM
කොහොම ආවත් ගේන ඒමට තටමන ව්‍යවස්ථාව රටටම මරාලයක්. මහජනතාව 2015 ව්‍යවස්ථා සංශෝධනයකට ඡන්දය දී නැහැ...
BamunuarachchiFriday, 07 September 2018 03:13 PM
මේගොල්ලෝ කරන්න හදනදේ අපි නොදන්නවා නොවේ. බලය නැති කොටසකට බලය දෙන්නයි හදන්නේ.
BamunuarachchiSaturday, 08 September 2018 07:41 AM
සිංහල ජනතාව දුන්නේ නැත. නමුත් දමිල ඡන්දය ගත්තේ ඕවා පොරොන්දුවෙලා කියලා ඒ ගොල්ලෝම කියනවනේ...
Bamunuarachchi Friday, 07 September 2018 02:47 PM
ඔය වාක්‍යයට කී දෙනෙක් රැවටෙයිද? ඔය වැකියට රැවටෙන මිනිස්සු බොහොමයි. එ්ත් අපිව තම්බන්න බැහැ.
Deepal Nirosh Friday, 07 September 2018 03:15 PM
බුද්ධාගම තියන තැන තියෙද්දෙන්. කරුණාකරල ඔය රටට විනාශකාරී නව ව්‍යවස්ථාව අකුලගමු. ඒ හොඳටම ඇති.
Menna Saturday, 08 September 2018 03:43 AM
විපක්ෂ නායකයා කිව්වා වගේ අනාගාමී රටක් කරන්න.
BamunuarachchiSaturday, 08 September 2018 10:38 AM
ගෝල්ෆේස් ගෙනැල්ලා හිටවන්න ඕනේ..