IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


නිවාස අධිකාරියේ නාරාහේන්පිට කාර්යාලයට ජනපති හදිසියේම යයි

අවස්ථා ගණනාවකදී නිවාස සංවර්ධන අධිකාරියට අයත් නාරාහේන්පිට කාර්යාලයට ගියද සිය අවශ්‍යතාව ඉටු කරගැනීමට නොහැකි වූ කාන්තාවක කරන ලද පැමිණිල්ලක් මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (23) එම කාර්යාලයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

ප්‍රමාණවත් තරම් කාර්යමණ්ඩලයක් නොමැති බව කියමින් නිවාස සංවර්ධන අධිකාරියට අයත් නාරාහේන්පිට කාර්යාලයේ නිලධාරීන් සිය රාජකාරී අවශ්‍යතාව ඉටු කිරීමට අපොහොසත් වූ බව ද එම කාන්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙති පැමිණිලි කර තිබිණි.

‘‘ඕගොල්ලෝ මොනාද කරන්නේ’’ යැයි ජනාධිපතිවරයා එහිදි එම කාර්යාලයේ නිලධාරීන්ගෙන් විමසීය.

‘‘දැන් අද මෙතැනට ආවාම එලවලා. ඊයේත් ඇවිල්ලා අදත් ඇවිල්ලා. එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක්. ඇයි ඕගොල්ලෝ එහෙම මිනිස්සු එලවන්නේ ?’’ යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම නිලධාරීන්ගෙන් නැවත විමසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ කාන්තාවට දුරකතන ඇමතුමක් ගෙන කරුණු විමසීය.

ජනාධිපතිවරයාගේ දුරකතන ඇමතුමට පිළිතුරු දුන් අදාළ කාන්තාව මෙසේ කීය.

‘‘ජනාධිපතිතුමා, අපි පැය දෙකහාමාරක් හිටියා. ඊයේත් ආවා අදත් ආවා. අපි ගියේ 10.30ට. අපි එතනින් ආවේ 12.45ට. ස්ටාෆ් එක නැහැ කියලා අපිට කිව්වා.

කෝල් එකකුත් දීලා තමයි අපි ආවේ’’

ආබාධිත පුද්ගලයකු ද සේවා ලබාගැනීම සඳහා නිවාස සංවර්ධන අධිකාරියට අයත් නාරාහේන්පිට කාර්යාලයට පැමිණි සිට අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහුගෙන් ද කරුණු විමසීය.

‘‘දවස් ගණනාවක් රස්තියාදු වෙනවා ජනාධිපතිතුමා, මෙතැනි ඔප්පු ප්‍රශ්නයක් තියෙන්නේ. පොලියත් ලක්ෂ එකහාමාරක් ගෙවලා තියෙනවා. මේ අඩුපාඩුව හදාල දෙන්න ජනාධිපතිතුමා, කරුණාකරලා. දවස් ගාණක් තිස්සේ ජනාධිපතිතුමා. මං උදේ ඉඳලා මේ ඇවිල්ලා ඉන්නේ’’ යැයි එම පුද්ගලයා කීය.

එහිදි අදාළ ආබාධිත පුද්ගලයාගේ ගැටලුවට විසඳුම් දෙන්නැයි පවසමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම ස්ථානයෙන් නික්ම ගියේය. 

055

 



අදහස් (15)

නිවාස අධිකාරියේ නාරාහේන්පිට කාර්යාලයට ජනපති හදිසියේම යයි

aravinda Wednesday, 23 September 2020 02:42 PM

මෙන්න මෙහෙමයි රටක ජනාධිපතිවරු ක්‍රියාකළ යුත්තේ. ආණ්ඩුවේ කන්තෝරුවල වැඩකරන උදවිය තමන් "රජයේ සේවකයින්" බැවින් ඔවුන් මහජනයාට ඉහලින් වැජඹෙන කොටසක් සේ සැලකීමට පුරුදුවී තිබේ. මොවුන්ව "මහජන සේවකයින්" ලෙස නම් කළ යුතුයි.

:       7       61

Tharindu Perera Wednesday, 23 September 2020 02:46 PM

මට මතක විදිහට හිට්ලර්ලා මුසෝලිනීලත් මේ වගේ වැඩ මුලදී කළා. මම ප්‍රාර්ථනා කරනවා මේවත් ඒ වගේ වැඩ නොවේවා කියලා...

:       81       23

DumiWednesday, 23 September 2020 11:33 PM

තරිඳු මොකෝ? ඔයාට ගොඩක් වයස අැති. මොකද හිට්‍ලර්ලාගේ දේවල් දකින්න. මෙන්න මේකයි අපිට කෙලවෙලා තියෙන්නේ... හමදේකම හිල් හොයනවා. අගය කරන්නේ නැහැ. කුහක නොවී මේ මනුස්සයා කරන දේ අගය කරන්න.

:       2       10

Nuwan WickramasingheThursday, 24 September 2020 04:22 AM

තරින්දු පෙරේරා මහතා, කරුණාකර යොමු සබැඳිය (Reference/Link) ලබා දිය හැකිද? එවැනි කතාවක් ගැන මා අසා නැති නිසා මූලාශ්‍රය කියවීමට මම කැමතියි. මම ඒ වගේ කතාවක් ඇසූ පළමු අවස්ථාව මෙයයි. ඔබට ස්තුතියි

:       1       11

විජේ Thursday, 24 September 2020 04:46 AM

එහෙමද තරිදු, අනේ ආය හම්බවුනොත් මම මතක්කරා කියන්න.....

:       2       6

චමිලා Wednesday, 23 September 2020 06:29 PM

තෙවරප්පෙරුම යද්දී නරක් වෙන්නත්, සර් යද්දී හොඳ වෙන්නත් කොහොමද?

:       1       4

Prabha Wednesday, 23 September 2020 06:41 PM

රාජකාරි මේසේ උඩ පත්තර...

:       0       2

smantha rathnayake Thursday, 24 September 2020 12:12 AM

නාරාහේන්පිට හාල් වෙළඳ පොලේ ගියා, වාහන රෙජිස්ටර් එකට ගියා, ඊයේ පෙරේදා මිදි වතුවල, දැන් නිවාස අධිකාරියේ යං යං ඔහොම යං... මේ සංදර්ශන වලට කාලය කන්නද 69 ලක්ෂයක් රැවට්ටුවේ.

:       6       6

sachith Thursday, 24 September 2020 12:57 AM

හොඳ වැඩක්, මේ වගේම කලින්ම ගියපු රියදුරු බලපත්‍ර කන්තෝරුව ගැනත් පසු විපරමක් කරානම් හොඳයි.

:       1       6

චමින්ද Thursday, 24 September 2020 12:59 AM

2019 ජනාධිපතිවරනයෙන් පසුව නිවාස අධිකාරියේ සේවය කරමින් සිටි මෙරට පුරවැසි පිරිසක් හේතුවක් නැතිව සේවය අත්හිටුවීමේ ප්‍රථිපලද වැඩකරන්න පිරිස් නැත්තේ කියලා හිතෙනවා

:       1       3

චමින්ද Thursday, 24 September 2020 01:01 AM

2019 ජනාධිපතිවරණයෙන් පසුව නිවාස අධිකාරියේ සේවය කරමින් සිටි මෙරට පුරවැසි පිරිසක් හේතුවක් නැතිව සේවයෙන් ඉවත්කළේ වැඩකරන්න පිරිස් නැති නිසාද කියලා හිතෙනවා.

:       1       0

janabala asamagi Thursday, 24 September 2020 04:38 AM

රට තුල හරි පාලනයට පුද්ගලයා ප්‍රශ්නයක් නැහැ.

:       1       4

තුසිත Thursday, 24 September 2020 05:56 AM

2/3 ක් අරගෙන සර් කන්තෝරු ගානේ පැමිණිලි විභාග කරනවා. ආඩම්බරයි. අදාල ඇමතිවරු නිලධාරීන් පඩි අරගෙන නිකන් ඉන්නවා. වෙනස නියමයි.

:       3       13

නිමල් Thursday, 24 September 2020 06:40 AM

අපේ රටේ රාජ්‍ය සේවය සහ ඊට සම්බන්ධ ආයතන ගොඩගැනීම අතිශයින්ම දුෂ්කරයි! - ඒවායේ සේවය කරන අය සිතන්නේ වැඩ කරනවාට වඩා වැඩ නොකර සිටිමටයි! - රටේ දේශපාලනය කුමක් වුවත්, රටේ රාජ්‍ය සේවය නිසියාකාරව ඉටු කීරීමට හැකි නම්, රට දියුණු කිරීමට එය පදනම වනවා ඇත!

:       0       9

pj Thursday, 24 September 2020 09:31 AM

අපරාදෙනේ ඇමතිවරු පත් කරන්නේ... රටකට ජනාධිපති කෙනෙක් හිටියාම හොඳටම ඇති වගේ. මේ වගේ ජනාධිපතිලාට කියන්නේ කව් බෝයි ජනාධිපතිලා කියලයි. ආයතන නීති රීති, මුදල් රෙගුලාසි බල්ලට දාලා තමන්ට කැමති කැමති දේ කරන්න අණ කරනවා. මේවා දේශපාලන ප්‍රදර්ශන. අන්තිමට ඊළඟ ජනාධිපති කොමිසමේදී මේ අහිංසක නිලධාරීන් බෙල්ලෙන්ම අල්ලා ගන්නවා. කව් බෝයිස්ලා නිදහස්. සමහර මිනිසුන්ට උප්පත්තියෙන්ම ඇස් වපරයි දත් ටික වැහෙන්න කට වහගන්න බැහැ. නොදන්න අයට හිතෙන්නේ මේ අය හැම තිස්සේම හිනාමුසු මුහුණින් ඉන්නවා කියලා. අර පාසල්වල ඉන්නේ විදුහල්පතිලටවත් පාලනය කරගන්න බැරි නොටෝරියස් කේසස්... මෙයාගේ පාසල් කාලයත් එහෙමමයි. ආනන්දේ සමකාලීනයෙකුගෙන් ඇත්ත දැනගන්න පුළුවන් දැන් මුළු රටම රැවටිලා ඉන්න මේ කව් බෝයි ගැන. මොනවා වුණත් කමක් නැහැ ආවේ ඇමරිකාවෙන්නේ...

:       14       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 890 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 2018 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 2333 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 1206 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 312 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 2347 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1644 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site