IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


නවසීලන්තය ලංකාවේ සිසුන් 83ගේ ඉල්ලූම්පත් ප‍්‍රතික්ෂේප කරයි

උසස් අධ්‍යාපනය සඳහා තම රටට පැමිණිමට ශ‍්‍රී ලංකාවේ සිසුන් ව්‍යාජ තොරතුරු ඇතුළත් ඉල්ලූම්පත් භාර දි ඇති බව නවසීලන්ත ආගමන කටයුතු භාර කාර්යාලය සඳහන් කර ඇතැයි ‘‘රේඩියෝ නිව්සීලන්ඞ් ’’ අද (31) වාර්තා කළේය.

2018 වර්ෂයේ ජනවාරි මසයේදී මෙම තොරතුරු හෙළි වන අවස්ථාව වන විට පමණක් ශ‍්‍රි ලාංකීක සිසුන්ගේ ඉල්ලූම්පත් 88ක් තිබි ඇති අතර ඒ අතුරින් 83ක්ම ව්‍යාජ තොරතුරු ඇතුළත් ඉල්ලූම්පත් බව හෙළි වී ඇත.

ඒ අනුව ව්‍යාජ තොරතුරු ඇතුලත් සියළුම ඉල්ලූම්පත් ප‍්‍රතික්ෂේප කිරීමට නවසීලන්ත ආගමන බලධාරීන් කටයුතු කළ බව එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

ඉන්දියාවේ මුම්බායි හි පිහිටි නවසීලන්ත ආගමන කටයුතු භාර කාර්යාලට ලැබුණු තොරතුරක් මත විමර්ශන කටයුතු කිරීමේදී ශ‍්‍රී ලංකාවේ එක් මුල්‍ය සමාගමක් හරහා ව්‍යාජ තොරතුරු ඇතුළත් කර මෙරට සිසුන් විසින් නවසීලන්තයේ උසස් අධ්‍යාපනය සඳහා වීසා ඉල්ලූම් කර ඇති බව හෙළි වි ඇත.

නවසීලන්තයේ  උසස් අධ්‍යාපනය සඳහා ඉල්ලූම් කිරීමේදී එක් සිසුවෙකුගේ බැංකු ගිණුමේ අමෙරිකානු ඩොලර් 15, 000ක් තිබිය යුතු අතර නමුත් මෙම සිසුන් අදාල මුල්‍ය සමාගම හරහා ව්‍යාජ තොරතුරු සකස් කර ඉල්ලූම්පත් සකසා අයදුම්පත් ඉදිරිපත් කර ඇත.

නවසීලන්ත ආගමන කටයුතු භාර අමාත්‍ය ඊයන් ලීස්  ගැලෝවේ මහතා ප‍්‍රකාශ කරන්නේ දැනට එරට අධ්‍යාපනය හදාර සිසුන් සම්බන්ධයෙන් නීතිමය පියවර නොගන්නා නමුත් ඉදිරියෙදී වීසා ඉල්ලූම් කරන සිසුන් සම්බන්ධයෙන් දැඩි ලෙස විමර්ශනය කරන බවය.

125



අදහස් (5)

නවසීලන්තය ලංකාවේ සිසුන් 83ගේ ඉල්ලූම්පත් ප‍්‍රතික්ෂේප කරයි

Chaminda Tuesday, 31 July 2018 02:43 PM

මේ අය අල්ලලා දැඩි දඩුවම් දෙන්න ඕනේ මේකෙන් වෙන්නේ රටේ නම කැත වෙන එක විතරයි......

:       0       1

lalith Tuesday, 31 July 2018 03:42 PM

ළමයින්ගේ අවසන්ව උනත් රටේ වාසනාව. ජාතික ධනයෙන් කොටි ගණනක් ඒ රටට දීල උගන්වපු ළමයි ටික එරටටම සින්නවෙලා අපේ රටේ ඉතිරි වෙන අහිංසක මිනිස්සු තවත් වලපල්ලට යනඑක නැවතුන එක කොයි තරම් හොඳ දෙයක්ද?

:       0       0

rasika Tuesday, 31 July 2018 07:17 PM

මේ හොර වැඩ නිසා ලංකාව හොඳටම සවුත්තු වෙලයි තියෙන්නේ. අනෙක ඔය රටවල වීසා ගන්න තමයි සුදු වැන් කතාව පතුරවන්නේ, බොරු කියලා දෙමළ සරණාගතයෝ කොච්චර ඔය රටවලට යනවද? වැදගත් ලාංකිකයෙක්ට රටකට යන්න බැහැ. ලංකාවේ ගමන් බලපත්‍රය දැන් ගණන් ගන්නෙම නැහැ. හොරු විදියට තමයි හිතන්නේ. ලංකාව ගැන තිබුණු ආඩම්බරකම දැන් නැතිවෙලා. අපිත් බලන්නේ දැන් වෙන රටක පුරවැසිකම ගන්න. මොකද දැන් ලංකාව හදන්න බැරි මට්ටමටම ඇවිත්. ඉන්න අයට කිසිම වුවමනාවක් නැහැ.

:       0       0

sam Wednesday, 01 August 2018 12:54 AM

අපේ එවුන් උරුලෑවෝ වගේ. කොහේගියත් යන පළාතම ගඳ ගස්සනවා.

:       0       0

Niranjan Dehiwala Wednesday, 01 August 2018 06:07 AM

කොහේ යන්න ගියත් හොර පාරෙන් යන්න තමයි උත්සාහය, මෙවැනි අය නිසා අවංකව ඉල්ලුම් කරන ශ්‍රීලාංකික සිසුන් අමාරුවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


දරුවාගේ ගෙලට පිහියක් මවගේ ආභරණ කොල්ලකාලා
2024 අප්‍රේල් මස 18 239 0

දරුවාගේ ගෙලට පිහියක් තබා මව පැළද සිටි රන් ආභරණ සහ ගමන් කළ යතුරුපැදිය කොල්ල කා පලා ගිය පිරිසක් සොයන බව පොලීසිය කියයි.


ජනපති චමරිට කතා කරයි
2024 අප්‍රේල් මස 18 440 0

දකුණු අප්‍රිකාවේ එක්දින ක්‍රිකට් තරගාවලියකින් නොදැවී ලකුණු 195ක් ලබා ගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට ජනාධිපති රනිල් වික


ජාජබ - කාදිනල් හිමියන් හමුවෙයි
2024 අප්‍රේල් මස 18 578 0

’පාස්කු ඉරුදින’ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමෙහිලා වන ජාතික ජන බලවේගයේ ප්‍රතිඥාව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමියන්


අඟහරු ගවේෂණ ආදර්ශ මෙහෙයුමට ලාංකික කතක්
2024 අප්‍රේල් මස 18 569 0

ඇමෙරිකාවේ හියුස්ටන් නගරයේ පිහිටි නාසා ආයතනයේ ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පැවැත්වෙන අඟහරු ගවේෂණයේ කිරීමේ ආදර්ශ මෙහෙයුමකට සහභාගී වීමට ශ්‍රී ලංකා


සජබ බෙලිඅත්තේ ලොකු අත්තක් එජාපයට
2024 අප්‍රේල් මස 18 1456 1

සමගි ජන බලවේගයේ බෙලිඅත්ත ආසන සංවිධායක වෛද්‍ය ප්‍රවීන් රුවින්ද අතපත්තු මහතා අද(18) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 198 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1484 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1396 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site