IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


නුවර සිට කොළඹට සයිටම් විරෝධි පාගමනක්

(රංජන් කස්තුරි)

මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසිකරන ලෙස බලකරමින් මහනුවර සිට කොළඹ දක්වා දින පහක විරෝධතා පාගමනක් හෙට(31) ආරම්භ කරන බව අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩබලන කැඳවුම්කරු සනත් බණ්ඩාර පැවසීය.

එම විරෝධතා පාගමන හෙට පෙරවරු 10ට පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ආරම්භ කරන අතර එතැන් සිට දින පහක් පුරා පාගමනින් කොළඹට පැමිණ අගෝස්තු 04 වැනි දා පස්වරුවේ විරෝධතා උද්ඝෝෂණයක නිරත වන බවද ඔහු කීය.

‘සයිටම් විරෝධී සිසුජන ව්‍යාපාරය‘ මගින් සංවිධානය කරන එම විරෝධතාවයට විශ්ව විද්‍යාල සිසුන්, වෘත්තීය සමිති දෙමාපියන් හා කම්කරුවන් ඇතුළු සෑම පාර්ශවයක්ම සහභාගී වීමට නියමිත ය.



අදහස් (44)

නුවර සිට කොළඹට සයිටම් විරෝධි පාගමනක්

aravinda Sunday, 30 July 2017 10:17 AM

වැඩකට නැති උද්ඝෝෂණයක් පැත්තක තබා, ඔය යන පාගමනේදී කරුණාකර පාර දෙපස පවිත්‍ර කරමින් යන්න. එයින් අඩුම ගානේ රටේ ඩෙංගු මර්ධනයට උදව්වක් වෙයි.

:       852       904

RamsiSunday, 30 July 2017 11:25 AM

හා හොඳයි,!! කරන්නකෝ ඒකත් ..

:       85       41

රතුඅලියා Sunday, 30 July 2017 04:57 PM

SLIIT එක ටත් විරුද්ධ වෙන්න කෝ .

:       0       5

naradhaMonday, 31 July 2017 09:27 AM

අපොයි බෑ. මොකද අපේ බොස්ලාගේ ළමයි ඒකෙනේ....

:       0       1

senavi Sunday, 30 July 2017 10:22 AM

හරි, මෙදා පාර නම් හරියටම හරි... මොවුන්ගේ ශිෂ්‍ය භාවය අවුරුදු පහකට අවලංගු කල යුතුය.

:       1126       1142

naradhaSunday, 30 July 2017 10:46 AM

හරියට හරි. මේ අයව සරසවි වලින් අයින් කර, දිස්ත්‍රික් පදනමින් අසාධාරණයට ලක්ව සරසවි වලට ඇතුල්වීමට නොහැකි වූ දහස් ගණනක් සිසුන්ට ඒ ස්ථාන ලබා දිය යුතුයි.

:       324       314

ReksSunday, 30 July 2017 11:22 AM

ඔයා කියනකම් තමයි බලාගෙන හිටියේ. දැන් පාගමන බයවෙලා නවත්වාවි. බලාගෙන ඉන්න.

:       174       177

samiraMonday, 31 July 2017 07:24 AM

මොකද ඔයා නෙවිල් ද නැත්නම් කිරිඇල්ලද? නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් කරන ඔබ සැමට මගේ ප්‍රණාමය...!!!

:       127       164

SenaviMonday, 31 July 2017 08:24 AM

ඕකනේ මොලේ නැහැ කියන්නේ. වයර් පටලවාගෙන අර සයිටම් විරෝධ කාරයෝ වගේ. සයිටම්, කොතලාවල පීඨයෙන් සහ අනිකුත් පුද්ගලික අධ්‍යාපන ආයතන වලින් නිදහස් අධ්‍යාපනයට වෙන දෙයක් නැහැ. එහෙනම් පුද්ගලික ටියුෂනුත් තහනම් කරන්නකෝ.

:       0       2

mangala Sunday, 30 July 2017 10:32 AM

බොරු කරකර පාරේ ඇවිදිනවට මේ අයට සතුටු ඇති.

:       138       127

wasanths Sunday, 30 July 2017 10:33 AM

පාර දෙපැත්තේ ඉඳල හූ කියන්න.. එල, එල

:       253       257

K Perera Sunday, 30 July 2017 11:14 AM

හූ විතරක් නෙවේ. පාර දෙපැත්තේ ජනතාවගෙන් අම්බානක ගුටි කන්නත් පුළුවන්...

:       95       91

ReksSunday, 30 July 2017 11:24 AM

අනුන්ට කිය කිය ඉන්නේ නැතුව තමන්ම ඔය පාගමන පටන්ගන්න තැනටම ගිහින් හූ කියලා ආදර්ශයක් දුන්නානම් නේද? හොඳ... නිකන් කාඩ්බෝඩ් වීරයෝ වෙන්න හදනවා...

:       125       211

බණ්ඩාර(කැකිරාව) Sunday, 30 July 2017 10:44 AM

අනේ කොල්ලනේ, ඔබලාගේ කකුල් කඩාගන්නේ නැතිව ගෙදර ඉන්න. පාගමන් ගියාට මේ හොර උපාධි කඩේ වහන පාටක් නැහැ. එස්.බී., කිරිඇල්ල සහ රාජිත කියන ඇමතිවරු තුන්දෙනාගේ අමාත්‍යාංශ ජනාධිපතිතුමාට පවරා ගැනීමට කටයුතු කළොත් මෙහි අවසානයක් දැකගත හැකිවනු ඇත.

:       11       48

ReksSunday, 30 July 2017 11:17 AM

මේ ආණ්ඩුවේ ජනාධිපතිතුමාට කරන්න පුළුවන් කෙන්ගෙඩියක් නැතිබව ඔප්පු කරලා හමාරයි.

:       13       7

RamsiSunday, 30 July 2017 11:21 AM

අර ව්‍යාජ රෝහල බදුගන්න ගිවිසුම ගහද්දී වස්තරයකුත් ඇඳගෙන ඔය කියන උතුමාණන් වහන්සේ ගිහින් හිටියා දැක්කේ නැද්ද?

:       53       1

rajah Sunday, 30 July 2017 10:48 AM

නිකන් හම්බ වුණු අවස්ථාවෙන් ඉගෙනගන්නේ නැතුව තේරුමක් නැති වැඩ කරනවා. මට හිතෙන විදියට ඔය ශිෂ්‍ය නායකයින්ට හොඳ ගානක් හම්බවෙලා ඇති. රට විනාස කරන අය අස්කරන්නම ඕනේ !!

:       67       365

ReksSunday, 30 July 2017 11:15 AM

ඔන්න දන්න තරම... නිකන් හම්බවෙලා නෙමෙයි. නිදි මරාගෙන පාඩම් කරලා බුද්ධියෙන් හිතලා අමාරුවෙන් ලබාගත්ත අවස්ථාවක්. නිකන් හම්බවුණානම් ඔහෙටත් යන්න තිබුණනේ...

:       140       42

senaviSunday, 30 July 2017 07:44 PM

මොන බුද්දියක්ද ,පාඩම් කලාට මදි හලෝ. මන්ද බුද්දික පොතේ ගුරාල. යවන්න ඕනේ වැලිකඩ නැත්තන් අංගොඩ. අපිත් හලෝ වාසිටි ගිය කොල්ලෝ ,ගමෙන් ආවේ. අපි ඔහොම ගොන් වැඩ කලේ නැහැ,

:       29       27

LakviduSunday, 30 July 2017 11:18 AM

එහෙනම් ඉස්සෙල්ලම ඔය කියන කෙනාව මණ්ඩලයෙන් අස්කරලා ඉන්න.

:       0       2

wimal Sunday, 30 July 2017 10:53 AM

සයිටම් පමණක් නොවේ. පෞද්ගලික රෝහල්, පෞද්ගලික අධ්‍යාපන කඩ, ජන සතු කල යුතුය. මහා මාර්ග වල ගමනා ගමනයට බධා කිරීම වැළැක්විය යුතුය !

:       62       33

ranavi Sunday, 30 July 2017 10:56 AM

මේ අය වැඩි වාර ගාණක් වර්ජනය කරන්නේ සයිටම් එකට විරුද්ධවයි. සයිටම් එක ආරම්භ කළේ පහුගිය රජයයි. එදා නොතිබුණු වර්ජන අද කරන්නේ ඇයි?

:       232       318

samiraMonday, 31 July 2017 07:28 AM

නොදන්නා දේවල් නිකන් කට තිබුණු පලියට කියන්නෙපා. ඔයා දන්නවද ශිෂ්‍ය නායකයෝ දෙන්නෙක් මහපාරේ අමුඅමුවේ මරල දැම්මා. මේවට විරුද්ධව පෙළපාලි යනවට ගහන රූප රචනා දමිළ තමයි මේ ආණ්ඩුවේ “ආයේ ආයේ නොම ඉවසන්“ සින්දුව හදල තියෙන්නෙත්...

:       1       72

kap Sunday, 30 July 2017 11:00 AM

එන ගමන් සිද්ධාලේප බෝතල් ටිකක් අරගෙන එන්න .. කොලඹ කට්ටිය පොලු, ගල්, වතුර එහෙම ලෑස්ති කරගෙනයි ඉන්නේ.. මේ පාර ගුටිකන්නේ පොලිසිවලින් නෙමෙයි. සාමාන්‍ය ජනතාවගෙන්...

:       260       346

ReksMonday, 31 July 2017 03:20 AM

ඔයා හිතන් ඉන්නෙ කොළඔ ඉන්නේ මොලේ නැති ගොන්නු කියලද?

:       3       0

kapMonday, 31 July 2017 06:06 AM

ඔයා යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ දේවල් නේ කියන්නේ

:       0       2

ck Sunday, 30 July 2017 12:04 PM

නාමල්වත් එකතු කරගන්න. එතකොට නිකම්ම ඇවිදගෙන යන්නේ නැතුව කකා බිබී නට නටා යන්න පුළුවන්...

:       0       87

ajith Sunday, 30 July 2017 12:10 PM

අන්තරේ පිටුපස සිටින්නේ දේශපාලනයයි... මේ සුළු ශිෂ්‍යයන් නිසා අහිංසක සරසවි සිසුන් පවා අමාරුවේ වැටිලා.. නීතියක් හදලා මේ අයට සරසවි වරම අවලංගු කල යුතුය.

:       34       240

jayampathi Sunday, 30 July 2017 12:36 PM

ඕන දෙයක් කරගන්න. හැබැයි පාරවල් අවහිර කරලා ජනතාවට කරදර කළොත් හොඳ පාඩමක් උගන්වනවා.. අපේ බදු මුදල් වලින් විකාර කරන්න එපා...

:       13       113

migidaSunday, 30 July 2017 07:46 PM

එහෙම උනොත් තලනවා මඩු වලිගෙන්.

:       0       14

ReksMonday, 31 July 2017 12:11 PM

දේශපාලකයෝ සූදු ක්‍රීඩා කරන්නේ ඔහෙලගෙ බදු මුදල්වලින් නෙමෙයි නේද? ඒවට නම් සද්ද නැතුව නැට්ට පිටිපස්සේ ගහගෙන ඉන්නවා නේද?

:       0       0

srimala Sunday, 30 July 2017 12:39 PM

මේ අයට දෙමව්පියන් නැත්ද? අපේ බදු මුදල් වලින් නොමිලේ දෙන අධ්‍යාපනය අරගෙන මනුස්සයෙක් වෙන්න කියලා දෙන්න.

:       1       109

Richad Sunday, 30 July 2017 04:09 PM

විශිෂ්ටයි... සමහරු සයිටම් වසා ශ්‍රී ලාංකීයයන්ගේ ජීවිත ආරක්ෂා කරන්නයි බලන්නේ..

:       7       59

ප්‍රීති Sunday, 30 July 2017 05:47 PM

ආ.. වරෙල්ලකෝ, අපිත් එනකල් තමයි බලාගෙන ඉන්නේ? අසුචි ප්‍රහාරයක් එල්ල කළා නම්, කට්ටියට තේරෙනවා සමාජ සමානත්වයේ තේරුම?

:       0       16

ranjith Sunday, 30 July 2017 06:59 PM

ලංකාවේ විශ්ව විද්යාල වලත් ගාස්තු අය කරන ක්‍රමයක් ඇතිකලයුතුයි. එතකොට වත් ගෙවපු සල්ලි වලට හරියන්නවත් ඉගෙන ගනී. නොමිලේ අධ්‍යාපනය නතරකල යුතුයි. එතකොට නිකන් ලැබෙන අධ්‍යාපනයේ වටිනාකම තේරෙයි.

:       3       141

de silva Sunday, 30 July 2017 07:27 PM

කරන දෙයක් පාරවල් අවහිර නොකර කරන්න , මගේ නම් මතය පවුද්ගලික රෝහල් හොඳ නම් පවුද්ගලික වෛද්‍ය විද්‍යාලත් හොඳය , පවුද්ගලික වෛද්‍ය විද්‍යාල වහනවා නම් පවුද්ගලික රෝහල් , බෙහෙත් ශාලාත් වහන්න ඕනේ

:       5       31

kasun Monday, 31 July 2017 12:34 AM

මොවුන්ට අනුව රටේ තිබෙන එකම ප්‍රශ්නය සයිටම් පමණි. රටේ වටිනා දේවල් පිට රට වලින් මිල දීගෙන අපේ රටට හෙන ගැහුවත් මොවුන්ට කමක් නැත. මොකද ඒවා රටේ ප්‍රශ්න මිසක් කුහකයන්ගේ ප්‍රශ්න නොවන නිසාය. පිල්පත්තුව,හම්බන්තොට තෙල් ළිං බේරා ගැනීමට වගේ වගක්වත් නැත. ඒවාට සද්දයක්වත් නැත. තමන්ගේ බඩට වදිනවානම් අන්න එක ප්‍රශ්නයකි. තනිකරම කුහකයන් පිරිසක්. සයිටම් වලට මමත් විරුද්දය. නමුත් රටට ආදරේනම් කල යුතු තවත් දේ බොහෝ තිබේ. සයිටම් වැසීම සියල්ලටම විසදුම නොවේ.

:       1       253

ReksMonday, 31 July 2017 12:14 PM

ඉතින් ඔයා ඒවට විරුද්ධව උද්ඝෝෂණයක් පටන් ගන්නකෝ. එතකොට හැමෝම එයි ඔයත් එක්ක.

:       0       0

kasunWednesday, 02 August 2017 12:54 AM

ඒවාට විරුද්දව අරගල කරන්න කෝ පිරිස. තනියම කරන්න බෑනේ. මොකද ලංකාවේ මිනිස්සු අරගල කරන්නේ රටේ හොදට නෙවෙයි. තමන්ට වාසියක් වෙනවනම් විතරයි. අරගල කරන්නම ඕනි නෑ. ඔය වෛද්‍ය සංගමයේ පිරිස විල්පත්තුව කපනකොට, හම්බන්තොට සහ තෙල් ළිං විකුනනකොට,රටේ රණවිරුවන්ට යුධ අපරාධ චෝදනා එනකොට අරගල, වැඩවර්ජන තියා අඩු තරමේ වාචිකවත් විරුද්දයි කියල ප්‍රකාශයක්වත් කලාද? නැනේ.

:       0       0

nelka Monday, 31 July 2017 03:23 AM

මේ ආණ්ඩුවක් රටේ උගත් ළමයි පාරේ වර්ජන කරනකොට උඩ බලාගේන ඉන්නේ මොකද?

:       1       3

wedage Monday, 31 July 2017 03:53 AM

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ගැන මේ කිසිම කෙනෙකුටවත් අවබෝධයක් නොමැති බව පෙනේ මේ ක්‍රියාත්මක වන්නේ අධ්‍යාපන ධවල පත්‍රිකාවේ තිබුන අද්‍යාපනය කප්පාදු කිරීමේ ක්‍රියාවලියයි

:       1       12

Dusara Monday, 31 July 2017 04:13 AM

කියල තියෙන අදහස් වලින් තේරෙනවා, ගොඩක් ඉන්නේ බුරුවෝවගේ අය. මුන්ට තෙරෙනේ නැද්ද මේ දෙසපලුවෝ කරන්නේ මගඩියක් කියල.

:       2       122

Reks Monday, 31 July 2017 12:16 PM

සෙනෙවි මහත්තයෝ, ඔයා කලේ මොනවගේ වැඩද?

:       0       0

Saman Monday, 31 July 2017 02:05 PM

ඉස්සර මෙතන හොඳට තර්කවලට තර්කවලින් උත්තර දුන්නා. දැන් මේකටත් අන්තරේ පැනගෙන... මේකත් ෆේස් බූක් එකක් කරගෙන...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්දය දුන් පළමු සරණාගතයා නාලීනී
2024 අප්‍රේල් මස 20 178 0

ඉන්දියාවේ තිරුචි දිස්ත්‍රික්කයේ කොට්ටපට්ටු සරණාගත කඳවුරේ දිවිගෙවූ ශ්‍රී ලාංකික කාන්තාවක් වූ කේ.නාලිනී ඉන්දීය මහ මැතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කළාය


කෞෂාලි කුසුමපාලට කෝක් සමාගමේ අධ්‍යක්ෂක තනතුරක්
2024 අප්‍රේල් මස 20 522 0

කොකා කෝලා සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂකවරිය ලෙස කෞෂාලි කුසුමපාල මහත්මිය පත් කර ඇත.


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 667 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 1089 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 747 1

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1614 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1553 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1457 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site