IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘නොර්වේ රාජ්‍යයේ නව දැනුම හා සහය ලංකාවට ලබා දෙන්න සුදානම්’


 
 
(අංජුල මහික වීරරත්න)

 
නිල ආර්ථික වැඩපිළිවෙළ ඔස්සේ ශ්‍රී ලංකාවට උදාවන නව අවකාශයන් හරහා සංවර්ධන අවස්ථාවන් ගොඩනංවා ගැනීමට නොර්වේ රාජ්‍ය සතු අත්දැකීම්, නව දැනුම හා සහය ලබා දීමට සූදානම් බව නොර්වේ ජාත්‍යන්තර සංවර්ධන අමාත්‍ය නිකොලායි අස්ට්‍රප්  මහතා සමඟ පැවසීය.


නෝර්වේ රාජ්‍යයේ නිල සංචාරයක නිරත වී සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස වෙත රාත්‍රී භෝජනයක් පිරිනමමින් අස්ට්‍රප් මහතා වැඩිදුරටත් පැවසූයේ දෙරටටම සාගරය ඉතා වැදගත් බැවින්, සාගර ආර්ථිකය පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.


සාගර අර්ථිකය නංවාලීමේ අරමුණින් නොර්වේ අග්‍රාමාත්‍යවරිය විසින් මේ වන විටත් ඉහළ පෙළේ කමිටුවක් පත්කර ඇති බවද මෙහිදී අස්ට්‍රප් මහතා සඳහන් කළේය.


සමුද්‍ර දූෂණය අවම කර ගැනීම හා සාගර සම්පත් ආරක්‍ෂා කර ගැනීම සම්බන්ධව ද මේ සාකච්ඡාවේ දී අවධානය යොමු කෙරිණි. 


අනාගතයේ දී මත්ස්‍ය වගාව සඳහා දැඩි අවධානයක් යොමු කළ යුතු බව දෙපාර්ශවයේම මතය විය. සාගර කලාපයන්හි සාමය, ආරක්‍ෂාව හා නිදහස් නාවික ගමනාගමනය සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු කර ගැණිනි.


 



අදහස් (7)

‘නොර්වේ රාජ්‍යයේ නව දැනුම හා සහය ලංකාවට ලබා දෙන්න සුදානම්’

lalith Friday, 05 October 2018 02:13 PM

හැමෝම සූදානමින් ඉන්නවා සෑහෙන කලෙක ඉඳන්. එ්ත් ඉතින් තව මොනතරම් කාලයක් යයිද වෙඩිල්ල පත්තු කරන්න. ඒ වෙනකොට තව මොනමොනවා වෙයිද? රටේ ලෝකේ. එ්කනේ බුදු බණේ වුණත් තියෙන්නේ "අප්පමාදෝ අමතපදං" කියලා.

:       1       104

Hafeel Friday, 05 October 2018 03:08 PM

තවත් මහේන්ද්‍රන් කෙනෙක්ද ගේන්න යන්නේ? මේ රටේ ඕනේ තරම් සාගර ආර්ථික විශේෂඥයින් ඉන්නවා. ඔවුන්ට අවස්ථා දෙන්න. අර දුම්රිය එන්ජිමේ දෝෂය හදපු තරුණයාගේ හැකියාව හොඳ උදාරණයක්...

:       235       179

OMGFriday, 05 October 2018 05:17 PM

සහෝදර රටවල් වලට ප්‍රේම කරන්න එපාද? අපේ හැකියාවන් කවදද ප්‍රයෝජනයට ගත්තේ

:       58       2

HafeelSaturday, 06 October 2018 08:09 AM

ඉතිහාසයේ රනිල් කවදා බලයට අවත්, මොනවහරි විනාශයක්ම තමා. විදේශ සංචාරවල නිරතවුණත් එහෙමයි. සිංගප්පූරුවටත් ගිහින් ආවා කිහිප වතාවක්... ඔන්න පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කරන්න බැරි ගිවිසුමක්.... ඔක්කොම රටට හංගගෙන තමයි කරන්නේ...

:       20       47

Shyama Saturday, 06 October 2018 03:13 AM

අපි නොදන්න නොර්වේ ප්‍රේමය.. ඒ පාර මොකාටද එන්න හදන්නේ..? කවුරුත් අත දෙන්නේ අපෙන් ලොකු දෙයක් බලාගෙනයි..

:       19       64

OMG Sunday, 07 October 2018 06:44 AM

හෆීල්, වැරදි විදිහට තේරුම් අරන් වගේ. කිසිම රටක් අපිට ආදරේට උදව් කරන්නේ නැහැ තමන්ට උපරිම වාසියක් නැත්නම්. දැන් කාලේ තමන්ගේ කෙනෙක්වත් උදව් කරන්නේ නැහැ තමන්ට වාසියක් නැත්නම්. මේක තමා සත්‍යය.

:       0       0

Bamunuarachchi Sunday, 07 October 2018 01:38 PM

මේ 225 අතරින් දැනුම තිබෙන්නේ කාටද කියා ඔබලා දන්නවානේ. ඔබලාගේ සාම ගැටවලට අසුනොවී යුද්ධයෙන්ම වැඩ කෙළවර කරපු කට්ටිය තමයි.. මේ රටේ සාමයක් අතිකරන්න දන්නෙත්... එමනිසා කියලා දෙන දෙයක් අර අනික් කට්ටියට කියා දීලා බැංකු මංකොල්ල කන විදිහ ඒ ගොල්ලන්ගෙන් ඉගෙන ගන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 234 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 656 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1676 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1877 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 584 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 263 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site