IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


නියෝජ්‍ය ඇමති සරත් කුමාර ගුණරත්නට එරෙහි නඩුව විභාගයට දින දෙයි

(මනෝප‍්‍රිය ගුණසේකර)

මීගමු කලපු සංවර්ධනයට මහා භාණ්ඩාගාරයෙන් ලබා දුන් රුපියල් කෝටියකට අධික මුදලක් අවභාවිතා කරමින් පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ අවසන් රැළිය මීගමු නගර සභා ක‍්‍රීඩාංගණයේ පැවැත්වූ බවට චෝදනා ලැබ සිටින හිටපු ධීවර කටයුතු නියෝජ්‍ය ඇමති සරත් කුමාර ගුණරත්න මහතා ඇතුළු  විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණ දෙකක පවරා ඇති  නඩු දෙකක සාක්කි විභායන් ලබන සැප්තැම්බර් 27 සහ ඔක්තෝම්බර් 03 වැනි දිනවල ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙක් අද (05)  නියම කළහ.

ධීවර කටයුතු නියෝජ්‍ය ඇමතිවරයාව සිටි සරත් කුමාර ගුණරත්න මහතා ඇතුළු  පිරිසකට එරෙහිව වෙන වෙනම පවරා ඇති නඩු කැදවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් විනිසුරුවරු එලෙස නියම කළහ.

මෙම නඩු කැදවනු ලැබු කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහෙන්ද්‍රන් මහතා සහ ප‍්‍රදීප් හෙට්ටිආරච්චි මහතා එලෙස නියම කළහ.

මෙම නඩු කැදවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවෝ අදාළ අධිකරණයන් හමුවේ පෙනී සිටියහ.

මෙලෙස අධිකරණයේ පෙනී සිටියේ චන්දන පැල්පිට, පියල් අබේසේකර, හිටපු ධීවර කටයුතු නියෝජ්‍ය ඇමති සරත් කුමාර ගුණරත්න, ඔහුගේ බෑණා වන උපුල් චමින්ද පෙරේරා කුමාරසිංහ, ධීවර සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සහ ලක්මිණ මුනිදාස නමැත්තන්ය.

බරපතල සංචා සහ දුෂණ විමර්ශන කොමිසම හමුවේ මුලින්ම මේ පිළිබද තොරතුරු හෙළි වු අතර එහි නිර්දේශ මත රහස් පොලිසිය විසින් සිදු කරන ලද විමර්ශණයකින් අනතුරුව නිතීපතිවරයා විසින් විත්තිකරුවන්ට   එරෙහිව   මෙලෙස අධිචෝදනා ගොනු කොට ඇත.බරපතල වංචා සහ දුෂණ සිද්ධීන් සෙවීම සදහා පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිසමේ නිර්දේශ මත පවරන ලද මුල්ම නඩුව වන්නේ මෙයයි.

2014 නොවැම්බර් මස 20 වැනිදාත් 2015 ජනවාරී මස 07 වැනිදාත් අතර කාලය තුළ කොළඹ හා මීගමුවේදී ලංකා ධීවර වරාය නීතීගත සංස්ථාව බාරයේ තිබු රජයට අයත් රුපියල් 112,78,000/- (එක් කෝටි දොළොස් ලක්‍ෂ හැත්තෑඅට දහසක මුදලක) වංක ලෙස සිය ප‍්‍රයෝජනයට ගැනීම සදහා කුමන්ත‍්‍රණය කළ බව සියළුම විත්තිකරුවන්ට  එරෙහිව  නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත.

2015 ජනාධිපතිවරණ කාලසීමාව තුළදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් මීගමුව නගර සභා කී‍්‍රඩාංගනයේ අවසන් ජනාධිපතිවරණ රැළිය පැවැත්වීමේදී ඒ පිළිබදව උත්සව සංවිධාන කටයුතු සදහා ‘ඩිස්ප්ලේ මීජියා ඇඞ්වර්ටයිසින්’ ආයතනයට, අවසන් රැළියේදී තොප්පි හා ටීෂර්ට් මුද්‍රණය කිරීම සදහා ‘අර්ජුන ගැෆික්ස්’ ආයතනයට, එල්.ඊ.ඞී. තිරය සදහා සහ සමරු පළකයක් ඉදිකිරීම සදහා ‘ෆන්ට් ඉයර් 7 ඉන්ටර්නැෂනල්’ ආයතනයට අදාළ මුදල් ගෙවීමෙන් විත්තිකරුවන් පොදු දේපළ පනත යටතේ දඩුවම් ලැබිය යුතු වරදවල් සිදුකොට ඇති බව නීතීපතිවරයා විසින් අධිචෝදනා පත‍්‍රයේ සදහන් කර  ඇත.

විත්තිකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීම සදහා ලේඛන 32ක් සහ සාක්කිකරුවන් 26 දෙනෙකු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව නීතීපතිවරයා විසින් වැඩිදුරටත් අධිකරණයට දැනුම් දී ඇත.

කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහෙන්ද්‍රන් මහතා හමුවේ විභාග කරන නඩුව කැදවු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් විත්තිකරුවන්ට විදේශගත වීම තහනම් කළ අතර වෛද්‍ය ප‍්‍රතිකාර ගැනීමට විදේශගත වීමට අවශ්‍ය නම් වෛද්‍ය වාර්තා මාර්ගයෙන් ඒ බව දැනුම් දී ඉල්ලීමක් කරන ලෙසද විනිසුරුවරයා විත්තිකරුවන්ට වැඩිදුරටත් නියම කළේය.

එම නඩුවේ සාක්කි විභාගය ලබන සැප්තැම්බර් මස 27 වැනිදා ආරම්භ කිරීමට විනිසුරු ශෂි මහෙන්ද්‍රන් මහතා වැඩිදුරටත් නියම කළේය.



අදහස් (3)

නියෝජ්‍ය ඇමති සරත් කුමාර ගුණරත්නට එරෙහි නඩුව විභාගයට දින දෙයි

Don Monday, 05 August 2019 11:46 AM

මේ නඩු අහන ඒවා නොවේ. කල්දාන, කල්මරණ ඒවා... තීන්දු දෙනකොට ඔවුන් සල්ලිවලින් ජීවිත කාලෙටම සැප විඳින්න දේවල් කරගෙන ඉවරයි. ගහපු සල්ලිවල වටිනාකමත් තුට්ටුවට බැහැලා...

:       0       64

Raveendra Monday, 05 August 2019 11:59 AM

අනේ.. මේ අහිංසක මුහුණ දැක්කාම මහජන මුදල් හොරා කන හිවලෙක් කියලා හිතන්නවත් බැහැ නොවැ... හරිම පුදුමයි නේද මිනිසුන්ගේ රූපකාය...

:       0       54

sandy123 Monday, 05 August 2019 02:49 PM

ලගදීම බලාපොරුත්තු වෙන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 146 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 388 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 978 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1265 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 429 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 202 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site