IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ඇතුළු හය දෙනාගේ මූල්‍ය වංචා නඩුව කල්යයි

(මනෝප‍්‍රිය ගුණසේකර)


මීගමු කලපු සංවර්ධනයට මහා භාණ්ඩාගාරයෙන් ලබා දුන් රුපියල් කෝටියකට අධික මුදලක් අවභාවිතා  කරමින් පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ අවසන් රැලිය මීගමු නගර සභා ක‍්‍රීඩාංගණයේ පැවැත්වු බවට හිටපු ධීවර කටයුතු නියෝජ්‍ය ඇමති සරත් කුමාර ගුණරත්න මහතා ඇතුළු හයදෙනෙකුට එරෙහි නඩුව ලබන අගොස්තු 09 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු  ශෂී මහෙන්ද්‍රන් මහතා අද (04)  තීරණය කළේය.


මෙම නඩුවේ පස්වැනි විත්තිකාර ධීවර සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ මහතාගේ රෝගී තත්වය සම්බන්ධයෙන් ඔහුට මාසයක කාලයක් විදේශගතව ප‍්‍රතිකාර ගැනීමට අවසර දුන් විනිසුරුවරයා ඒ සඳහා ඔහුට රුපියල් මිලියන 05 බැගින් වු අමතර ශරීර ඇප නියම කළේය.


විදේශගතවීම තහනම් කරමින් පනවා ඇති ඇප කොන්දේසිය තාවකාලිකව ඉවත් කළ බව ආගමන විගමන දෙපාර්තමෙන්තුවට දැනුම් දෙන ලෙසද විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළේය.


 බරපතල සංචා සහ දුෂණ විමර්ශණ කොමිසම හමුවේ මුලින්ම මේ පිළිබඳ තොරතුරු හෙළි වු අතර එහි නිර්දේශ මත රහස් පොලිසිය විසින් සිදු කරන ලද විමර්ශනයකින් අනතුරුව නිතීපතිවරයා විසින් විත්තිකරුවන්ට   එරෙහිව   මෙලෙස අධිචෝදනා ගොනු කොට ඇත.


බරපතල වංචා සහ දුෂණ සිද්ධීන් සෙවීම සඳහා පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිසමේ නිර්දේශ මත පවරන ලද මුල්ම නඩුව වන්නේ මෙයයි.


2014 නොවැම්බර් මස 20 වැනිදාත් 2015 ජනවාරී මස 07 වැනිදාත් අතර කාලය තුළ කොළඹ හා මීගමුවේදී ලංකා ධීවර වරාය නීතීගත සංස්ථාව බාරයේ තිබු රජයට අයත් රුපියල් 112,78,000/- (එක් කෝටි දොළොස් ලක්‍ෂ හැත්තෑඅට දහසක මුදලක්) වංක ලෙස සිය ප‍්‍රයෝජනයට ගැනීම සඳහා කුමන්ත‍්‍රණය කළ බව සියළුම විත්තිකරුවන්ට  එරෙහිව  නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත.


2015 ජනාධිපතිවරණ කාලසීමාව තුළදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් මීගමුව නගර සභා කී‍්‍රඩාංගනයේ අවසන් ජනාධිපතිවරණ රැලිය පැවැත්වීමේදී ඒ පිළිබඳව උත්සව සංවිධාන කටයුතු සඳහා ‘ඩිස්ප්ලේ මීජියා ඇඞ්වර්ටයිසින්’ ආයතනයට, අවසන් රැලියේදී තොප්පි හා ටීෂර්ට් මුද්‍රණය කිරීම සඳහා ‘අර්ජුන ගැෆික්ස්’ ආයතනයට, එල්.ඊ.ඞී. තිරය සඳහා සහ සමරු පළකයක් ඉදිකිරීම සඳහා ‘ෆන්ට් ඉයර් 7 ඉන්ටර්නැෂනල්’ ආයතනයට අදාළ මුදල් ගෙවීමෙන් විත්තිකරුවන් පොදු දේපළ පනත යටතේ ද`දඬුවම් ලැබිය යුතු වරදවල් සිදුකර ඇති බව නීතීපතිවරයා විසින් අධිචෝදනා පත‍්‍රයේ සඳහන් කර ඇත.


විත්තිකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීම ස`දහා ලේඛණ 32ක් සහ සාක්කිකරුවන් 26 දෙනෙකු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව නීතීපතිවරයා විසින් වැඩිදුරටත් අධිකරණයට දැනුම් දී ඇත.


මෙලෙස චෝදනා ලැබ සිටින්නේ චන්දන පැල්පිට,  පියල් අබේසේකර,  හිටපු ධීවර කටයුතු නියෝජ්‍ය ඇමති සරත් කුමාර ගුණරත්න, ඔහුගේ බෑණා වන උපුල් චමින්ද පෙරේරා කුමාරසිංහ,  ධීවර සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සහ ලක්මිණ මුනිදාස නමැත්තන්ටය.


ඉදිරිපත් වු කරුණු සළකා බැලූ විනිසුරුවරයා අදාළ නියෝග නිකුත් කළ අතර මෙම නඩුව ලබන අගොස්තු 09 වැනිදා සිට විභාග කිරීමට තීරණය කළේය.


පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ සුදර්ශන පෙරේරා මහතා පෙනී සිටියේය.


විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥ තනුක නන්දසිරි, යොහාන් පීරිස්, භාග්‍යා පීරිස්, ශානක පෙරේරා, සුසිත රණසිංහ, ගයානි විජේසුරිය,  තිළිණ මෙන්ඩිස් යන මහත්ම මහත්මීන් සමඟ නීතීඥවරුන් වන  උපුල් කුමාරප්පෙරුම,  ලාල් කුලරත්න සහ ජනාධිපති නීතීඥවරුන් වන සාලිය පීරීස්, නලීන් ලද්දුවහෙට්ටි යන මහත්වරු පෙනී සිටියහ.
 
 
 



අදහස් (1)

නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ඇතුළු හය දෙනාගේ මූල්‍ය වංචා නඩුව කල්යයි

rocky Tuesday, 05 June 2018 03:42 PM

ඔය තියෙන්නේ ! ඔය කල් දැමිල්ල එක සැරේටම අවුරුදු හතකට අටකට කල් දැම්ම නම් ඉවරයිනේ! රන්ජන් රාමනායකලා, අනුරුද්ධ පාදෙනියලා කතා කරන්නේ කරුණු නැතුව නිකම්ම නොවෙයි නේද කියලත් හිතෙනවා!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 802 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 150 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 992 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1030 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1336 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1197 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 220 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site