බිඟුන් මේනක ගමගේ
තොරතුරු කොමිසමේ නියෝග නොපිළිපදින ආයතන සම්බන්ධයෙන් මෙතෙක් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළ නමුත් ලබන වසරේ සිට එවැනි ආයතනවලට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන්නේ යැයි එහි අධ්යක්ෂ ජනරාල් පියතිස්ස රණසිංහ මහතා කොළඹ ජානකී හෝටලයේ පැවැති වැඩමුළුවකදී පැවැසීය.
කොමිසම නඩුවක් විභාග කරද්දී ඊට පෙනී නොසිටීමත් දුන් නියෝග ක්‍රියාත්මක නොකිරීමත් දෑවුරුද්දක සිර දඬුවමකට හා රුපියල් පනස් දහසක දඩයකට යටත් කළ හැකි වරදක් යැයි ද රණසිංහ මහතා කීවේය.
හැකි තරම් තොරතුරු දැනගැනීමේ අයැදුම්පත් පොදු අධිකාරින්ට යොමු කරන්නැයි ජනතාවගෙන් තමා ඉල්ලා සිටින්නේ යැයි කී හෙතෙම තොරතුරු යනු මහජන දේපළක් යැයි අවධාරණය කර කීය.
ඇතැම් රාජ්‍ය සේවකයන් තොරතුරු යනු පුද්ගලික බූදලයක් යැයි සිතා සිටින නමුත් තොරතුරු ලබාදීමේදී දකුණු ආසියාවේ හොදම ප්‍රතිචාරය ඇත්තේ ලංකාවේ යැයි ද රණසිංහ මහතා වැඩිදුරටත් කීවේය.
පියතිස්ස රණසිංහ මහතා මේ අදහස් පළ කළේ ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් දිනයට සමගාමීව තොරතුරු අයිතිය හා තොරතුරු නීතිය පිළිබඳව සන්නිවේදනයේදී මාධ්‍යවේදියාගේ කාර්යභාරය මැයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය මගින් සංවිධානය කළ වැඩමුළුවක මුඛ්‍ය දෙසුම සිදුකරමිනි.
ඡායාරූප - චතුර එස් .කොඩිකාර
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
නියෝග නොතකන අයට ලබන වසරේ සිට තොරතුරු කොමිසමෙන් නඩු
සතයපාල Monday, 17 September 2018 01:15 PM
තොරතුරු දැන ගැනිමේ කොමිසම පිහිටවූවේ ජනතාවගේ තොරතුරු දැන ගැනිමේ අයිතිය ආරක්ෂා කරන බවටත් එසේ නොමැතිව රාජ්‍ය සේවකයින් හුරතල් කරන්න නොවන බවට තොරතුරු කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා දැන්වත් අවබෝධ කර ගැනීම ඉතා හොඳ කටයුත්තකි.
GettupaalaMonday, 17 September 2018 02:36 PM
අපි ලබන වසර තෙක් බලා සිටිමු.