IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


නියගයෙන් බැටකන ජනතාව වෙනුවෙන් බන්දුල සහන ඉල්ලයි

(විනීතා එම්. ගමගේ)
රටේ දිස්ත‍්‍රික් 25න් 20 කම තවමත් නියඟයෙන් බැට කන ජනතාවට අවම  වශයෙන් මසකට රුපියල් 2000ක සහනාධාරයක් දියයුතු යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
නියඟින් පීඩා විඳින ජනතාව හැරුණු විට ඩෙංගු වලින් පීඩා විඳින 129000 ක් පමණ ජනතාවද සිටින බවත් ඩෙංගුවලින් මේ වනවිට 300 කට ආසන්න පිරිසක් මියගොස් ඇති බවත් කී මන්තී‍්‍රවරයා ඔවුන්ගේ පවුල්වලටද  සහන සැලසිය යුතු යැයි කීය. 
මන්ත‍්‍රීවරයා මේ අදහස් පළ කලේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි ඒකාබද්ධ විපක්ෂයේ කාර්යාලයේ අද (13) පැවැති මාධ්‍ය හමුවක දීය. එහි දී තව දුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා මෙසේ ද කීය. 
‘‘අයවැය ගැන අපේ අදහස කිව්වොත් ඒක කුමන්ත‍්‍රණකාරී ලෙස මාතෘකා කිහිපයක් අරන් ඒ අතර හීලෑ විපක්ෂය ඞීල් විපක්ෂයෙත් සහාය අරන් කටයුතු කළ අයවැයක්.  ඇත්ත කතන්දරේ රටේ දිස්ත‍්‍රික් 25  න් 20 ක් තවමත් නියඟයෙන් පීඩා විඳිනවා. මේ මිනිස්සුන්ට නොමැරී ජීවත් වෙන්න මාසෙකට රුපියල් 2000 ගණනෙවත් දෙන්න කියල අපි යෝජනා කරනවා. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරු 54 දෙනාට තම මතය පාර්ලිමේන්තුවේ පළ කරන්න අවස්ථාව නැහැ. අපට ලැබෙන වෙලාව ප‍්‍රමාණවත් නැහැ. අපි ප‍්‍රවෘත්ති සාකච්ඡා තියා අපේ අදහස පළ කරන්නේ ඒකයි. අපේ පිරිසට ප‍්‍රමාණවත් වෙලාවක් ලැබෙන්නේම නැහැ‘‘ යැයි ද ඔහු කීවේය.  
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට එල්ලවන ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී තාඩන පීඩන සම්බන්ධයෙන් ජිනීවා අන්තර් පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කිරීමට මේ දිනවල ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරු කිහිප දෙනෙක් එහි ගොස් සිටින බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.
 



අදහස් (4)

නියගයෙන් බැටකන ජනතාව වෙනුවෙන් බන්දුල සහන ඉල්ලයි

sunil Monday, 13 November 2017 01:52 PM

බොන්න වතුර ඉල්ලපු රතුපස්වල මිනිසුන් වෙනුවෙනුත් මෙතුමා කැප වෙලා කටයුතු කරපු හැටි අපි කොහොම අමතක කරන්නද? මෙතුමාට ජය වේවා !

:       21       38

rocky Monday, 13 November 2017 02:17 PM

බජට් එකෙන් බියර් ගණන් අඩු කරලා තියෙන්නේ සහනයක් හැටියට බව තේරෙන්නේ නැද්ද?

:       0       1

Upul Monday, 13 November 2017 03:13 PM

රුපියල් 2500 කින් පවුලක්ම නඩත්තු කරන්න පුළුවන් කියලා ඔබ තුමාම කියපු රටේ.... රු.2000 ක් ම සහනාධාර ලෙස දෙන එක හරි නැහැ නේද?

:       0       29

rohana Tuesday, 14 November 2017 01:49 AM

මේ ගොල්ලෝ කතා කරන්නේ අපි මැරිලා ඉප දුනා වගේනේ.

:       0       23

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීටා බළකාය යාල පීරයි
2024 අප්‍රේල් මස 23 629 0

පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි


එජාප මැයි රැලිය මරදානේදී
2024 අප්‍රේල් මස 23 355 0

එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය කියයි.


හොර ලයිසන් ස්ටිකර් හැදූ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 23 201 0

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුද්‍රා සහ තාවකලික රියදුරු බලපත්වලට අලවන ස්ටිකර් වලට සමාන ව්‍යාජ ස්ටිකර් සහ කූට ලේඛන සමග 43 හැවිරිදි සැකකරුවෙක් සහ 22 හැ


මාර්තු උද්ධමනය පහළට
2024 අප්‍රේල් මස 23 151 0

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාර්තු මස මෙරට උද්ධමනය සියයට 2.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 274 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මැලේසියාවේ හෙලිකොප්ටර් දෙකක් හැපී 10ක් මරුට
2024 අප්‍රේල් මස 23 467 0

මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙළපාලියකට පුහුණු වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානා දෙකක් ඉහළ අහසේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 269 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1507 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site