IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


නායකත්ව පුහුණුව සංවිධානය කළ 11කට වැඩ වරදී

නායකත්ව පුහුණුවක් අතරතුරදී විදුහල්පතිනියක මියයෑම සම්බන්ධයෙන් පැවැත්වූ මූලික විමර්ශනයෙන් පසු අධ්‍යාපන අමාත්‍යංශයේ පාසල් කටයුතු අතිරේක ලේකම් ඇතුළු නිලධාරීන් 11 දෙනකුට එරෙහිව විනය පියවර ගන්නා ලෙස නිර්දේශ කර තිබේ.  එම පිරිස අතර ප්‍රසම්පාදන කමිටු සාමාජිකයන් ද සිටින බව දැනගන්නට තිබේ.

මානව සම්පත් සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරු දැරූ නිලධාරීන්  එම තනතුරු වලින් වහාම ඉවත් කිරීමටද නිර්දේශ කර ඇත.

හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනිය නායකත්ව පුහුණුවක් අතරතුරදී මිය යෑම සම්බන්ධයෙන් ගුරු සංගම් ඇතුළු පාර්ශ්ව රැසකින් අධ්‍යාපන අමාත්‍යංශයට චෝදනා එල්ල විය. ඒ අනුව මෙම විමර්ශනය ආරම්භ විය.

මෙම වැඩසටහනට අදාළව මිල ගණන් කැඳවීම, ආයතන තෝරා ගැනීම, සංවිධානය කිරීම ආදී අවස්ථා රැසකදී නිලධාරීන් වගකීම් විරහිතව ක්‍රියා කර ඇති බව විමර්ශන කමිටුව නිරීක්ෂණය කර තිබේ.

පුහුණු වැඩමුළුව පැවැත්වූ ආයතනය අසාදුලේඛණ ගත කිරීමට ද තීරණය කර ඇත.

- 022



අදහස් (17)

නායකත්ව පුහුණුව සංවිධානය කළ 11කට වැඩ වරදී

rama Thursday, 01 March 2018 08:52 AM

හොඳ තීරණයක්....මේ වගේ වැඩ කරනකොට පුද්ගලයවන්ගේ සෞඛ්‍ය තත්ත්වයත් බලන්න ඕනා.....හැම කෙනාටම එක වගේ නෑනේ.................

:       0       176

chandanaThursday, 01 March 2018 11:33 PM

“මිල ගණන් කැඳවීම, ආයතන තෝරා ගැනීම, සංවිධානය කිරීම ආදී අවස්ථා රැසකදී නිලධාරීන් වගකීම් විරහිතව ක්‍රියා කර ඇති බව“ කීමෙන් ඒකෙනුත් මාටියා ගහලා වෙන්න ඇති. මෙහෙම තමයි හුගක් තැන්වල. පහුගිය කාලේත් මෙහෙමයි. දැනුත් එහෙමයි .

:       0       21

Chandima Thursday, 01 March 2018 09:03 AM

අන්තිමේදී මේකත් අර ඒ දවස්වල රුබෙල්ලා එන්නතෙන් පාසල් දියණියක් මියගිය වෙලාවේදී කවුරු කවුරුත් ඇඟ බේරගත්ත වගේ වෙයිද දන්නේ නැහැ. අඩු තරමින් මේ සිද්ධියට වග කිව යුතු අයගේ වැඩ තහනම් කිරීමක් වත් වේවිද මන්ද.

:       0       155

pakeer Thursday, 01 March 2018 10:05 AM

මේ විදිහට අසාදුලේඛන ගත කරන්න ඕනේ පුගලික ආයතන ගණනාවක් තියෙනවා. ඒ එක්කම ඒ ආයතන හොඳ නැති භාව දන දැනත් පාගා අරන් ඒ සමාගම් වලින් සේවය ගන්න රජයේ නිලධාරින්වත් අලන්න ඕනේ.

:       0       148

Sunil Thursday, 01 March 2018 10:16 AM

එතකොට මේ නායකත්ව පුහුණුව ගැන අධ්‍යාපන ඇමති තුමා දන්නෙම නැතිද?

:       61       104

roshan pranandu Thursday, 01 March 2018 10:56 AM

මෝඩ වැඩ , ගිය ආණ්ඩුවේ මෝඩ තීරණ ,අවුරුදු 53 කාන්තාවන් ලණු වලින් බස්සනවා.......මේ වැඩ සටහනම නවත්වන්න ඕන.......තරුණ අය කරන වැඩ මේ වයසේ අයට කරන්න පුළු වන්නද??? මේ නිලධාරින්ට දඩුවම් කරලා වැඩක් නැහැ....මේවා පටන් ගත්ත අයට දඩුවම් කරන්න...

:       333       128

ගුණවර්ධන Thursday, 01 March 2018 11:48 AM

ගිය ආණ්ඩුව මේ වගේ මෝඩ තීරණ ගත්තෙ නෑ..ගිය ආණ්ඩුවෙන් නායකත්ව පුහුණු වැඩ මුළු කරේ ගුරුවරුන්ට නෙවෙයි තරුණ තරුණියන් ට..

:       289       553

roshan prananduThursday, 01 March 2018 04:05 PM

ගිය ආණ්ඩුවෙන් තමයි විදුහල්පතිවරුන්ට හමුදා පුහුණුව දුන්නේ, හමුදා තනතුරු නම් භාවිත කලේ ,(කැප්ටන් , මෙජෙර් )

:       0       0

vernonFriday, 02 March 2018 09:55 AM

විදුහල්පතිලාට හමුදා පුහුණුව දීලා කර්නල් පට්ටම් ගැහුවේ පහුගිය ආණ්ඩුව තමයි.

:       50       0

senevi Thursday, 01 March 2018 11:22 AM

මේවා හමුදාව විසින් අධ්‍යාපනයට ගෙනාපු ගොන් පුහුණු. විදුහපතිවරුන්ට ආමි යුනිෆොර්ම් අන්දවන්ට දරුවෝ රණවිරුවෝ නොවේ..............

:       48       62

wasantha Thursday, 01 March 2018 01:42 PM

වෛද්‍ය පරීක්ෂණයක් තිබ්බද? අනවශ්‍ය ක්‍රියාකාරකම් නැවැත් විය යුතුයි. ගිය ආණ්ඩුව පතන ආරේ ගති එදා... පාසලේ සිටම ව්‍යායාම් කිරීම කළ යුතුයි. අවුරුදු 50 ක් ගිය කාන්තාවක් ලණුවෙන් බස්සන්නේ කොහොමද? අපේ මුලේ සිට කළ යුතු වැඩ බොහෝමයි. නිලධාරීන්ට දඬුවම් දීම වරදකි. මෙම කටයුත්තට රුපියල් කෝටියක වන්දියක් ගෙවන්න ඕනෑ. මේ වැඩපිළිවෙල පටන් ගත්තු අයට දඬුවම් දෙමු.

:       0       1

sarath perth Thursday, 01 March 2018 04:37 PM

මෙම නිලධාරීන් වැරදිකරුවන් වුවොත් ඔවුන් අගතියට පත් පාර්ශවයට වන්දිගෙවිය යුතුයි.....

:       0       3

Wade mudalaali Thursday, 01 March 2018 09:20 PM

සාරිපොට, දනගැස්සවීම, වගේ වෙයිද.?

:       0       11

anura Friday, 02 March 2018 01:29 AM

රජයේ නිලධාරීන් කිහිපදෙනෙක්ට දඬුවම් කිරීම ප්‍රමාණවත් නැහැ. මෙම ආකාරයේ දැඩි පුහුණුවක් කුමක් අරඹයාද? බලාපොරොත්තු උනේ පුහුණුව ලැබූ අය අනාගතයේදී ගුරුවරු සහ ශිෂ්‍යයන් මර්ධනයට යෙදවීමටද? මේක දේශපාලන තීන්දුවක් මත සිදුවූවක් නම් ඒ වාට වග කිවයුත්තේ කවුරුන්ද?

:       0       2

alfred Friday, 02 March 2018 03:51 AM

නායකත්ව පුහුණුව ලංකාවට අරගෙන ආපු අයවයි හිරභාරයට ගන්න ඕන

:       19       1

lalitha Friday, 02 March 2018 05:07 AM

අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරින් ගැන කියල වැඩක් නැහැ .2017 .11 .06 වෙනිදා බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනියක් හා ගුරුවරු කණ්ඩායමක් පාසල් වෙලාවේ ළමයි 3000 ක් විතර එලියට බස්සලා මුළු දවස පුරාම උද්ගෝෂණයක් කරවලා බරපතල ළමා මානසික අපයෝජනයක් සිදුකලා. එහෙත් අද වෙනකන් ඇමතිවරයා හෝ එකම නිලධාරියකුවත් ඒ ගැන සොයා බැලුවේ නැහැ. ඉතින් මහජන මුදලින් නඩත්තු කරන අධ්‍යාපන අමාත්‍යාංශයක් ,අධ්‍යාපන ඇමතිවරයෙක් ,හා නිලධාරින් රටට අවශ්‍යද ?ගරු ජනාධිපති තුමාගේ අවධානයට යොමුවේවා !

:       262       255

pradeep Friday, 02 March 2018 10:02 AM

අකිල ඇමති මේවා ගැන දන්නේ නැහැ.. අවුරුදු 45න් පස්සෙවත් පඩිපෙලක්වත් නගින්න බහින්න දෙපාරක් හිතන්න ඕනේ.. එහෙම එකේ මේ වගේ තකතීරු නායකත්ව පුහුණු මොකටද? අනිවාර්යයෙන්ම මේ වැඩමුළුවෙන් අකිල බබාට කීයක් හරි යන්න ඕනේ... මියගිය විදුහල්පතිට කෝටියක් වන්දි ගෙව්වත් මදි...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 123 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 126 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 189 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 139 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 552 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 935 4

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1518 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site