IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


නාගමඩුව වැව් රක්ෂිතයේ ගස් දරට කපති

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

වනාතවිල්ලුව නාගමඩුව වැවට අයත් රක්ෂිතයක තිබු වටිනා ශාක වර්ග රැසක් දරට කපා තිබෙනු දක්නට ලැබිණි.

මෙසේ කපා ඇත්තේ වැව් රක්ෂිතයට අයත් අක්කර දෙකක පමණ තිබු කොහොඹ, මාදං, ඇතුළු ශාකමය අතින් වටිනා ගස් රැසක් බව කියයි.

අදාල රක්ෂිතයේ තිබු මෙම දැවැන්ත ගස් කපා ට්‍රැක්ටර් යොදා ගනිමින් ඇද ඇති බවද ප්‍රදේශවාසීහු චෝදනා කරති.  

අක්කර 15 කට ආසන්න වපසරියකින් යුත් නාගමඩුව වැව පුත්තලම වනාතවිල්ලුව ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති සුන්දර වැවක් වෙයි.

මෙම නාගමඩුව වැවේ එක් පසකින් මොන්ගිල්ආරු ඔය ගලා බසින අතර ඒ ඔය තුලද තිබු ශාක මෙසේ කපා ඇති ගස් අතරට අයත් බව කියයි.

මෙම වැව් රක්ෂිතය ආසන්නයේ පිහිටි පුද්ගලික ඉඩමක් හිමි පුද්ගලයකු වැව් රක්ෂිතයේ ශාක දරට කැපිමට ලබාදී ඇති බවත් මෙයට පෙර මෙම කන්ද මත තිබු කුඹුක් ගස්ද මෙම පුද්ගලයා කපා දමා ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

සිද්දිය වාර්තා විමත් සමග වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් නිලංග නන්දසේන මහතා හා අදාල වසම භාර ග්‍රාම නිළධාරි වරයාද සමග පැමිණ නිරික්ෂණයක නිරත වුහ.

මෙහිදි ප්‍රාදේශීයවරයා මෙහිදී පවසා සිටියේ මෙම රක්ෂිතයේ සිදුකර ඇති කටයුත්ත සම්පුර්ණයෙන් නීති විරෝධි ක්‍රියාවක් බවය.

"මෙම සිද්දිය පිළිබදව මෙයට පෙර කෘෂිකර්ම කමිටුව පැවැත්වෙන අවස්ථාවකදී වාර්තා වෙලා ඒ පිළිබදව වනාතවිල්ලුව පොලිසිය දැනුවත් කළා. ඒ සමගම මේ ශාක කපා දැමිමට සම්බන්ධ සැකකරු අදාල රක්ෂිතයට බලපත්‍ර තිබෙන බවට දන්වලා තිබේනවා. නමුත් වැව් රක්ෂිතයට බලපත්‍ර ලැබීම ගැටළුවක්.

ඒ සමගම මේ කපලා තිබේන ගස් සදහා කිසිදු අවසරයක් අරන් නැහැ. එසේම මේ කපලා තිබේන කොහොඹ, මාදම් කපන්න කිසිම ලෙසකින් අවසර ලබා දිලත් නැහැ. ඒ නිසා මේ පිළිපබදව විශේෂ පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා." යැයි ඔහු පැවසිය.



අදහස් (11)

නාගමඩුව වැව් රක්ෂිතයේ ගස් දරට කපති

karu Sunday, 28 February 2021 01:45 PM

මේ සහගහන අපරාධය කිරීමට සැලසුම් කළ, ඊට දායක වූ සියලුම සහාසික නරුමයින්ට, ඔවුන්ට හෙනහතම වදියි..

:       0       36

Rata PerataMonday, 01 March 2021 12:42 PM

ප්‍රාර්ථනාව නම් හොඳයි. ඒත් හෙණ එනකොට නන්දසේන ඇතුළු මේ රැළම රටේ ඉන්න එකක් නැහැ. අන්තිමට අපිට තමයි ඒකත් වදින්නේ... ඒක නිසා දැන්මම මේ අය එළවන්න පෙළ ගැසෙමු...

:       0       7

gamini Sunday, 28 February 2021 02:52 PM

අවසරයකින් තොරව පරිසරය විනාශ කිරීමට (ගස් කැපීම, පස් කැපීම, වැලි කැපීම, තෙත්බිම්, ජලපෝෂක ප්‍රදේශ විනාශ කිරීම, වනසතුන් දඩයම් කිරීම) ඇතුළු පරිසරයට හානිකරන්නා වූ පුද්ගලයන් සහ ඒ සඳහා නිසි ක්‍රමවේදයන් අනුගමනය නොකර බලපත්‍ර නිකුත් කල සියලු දෙනාට දස වසරක සිරදඩුවම් ලබාදීමට කටයුතු කළයුතුවේ.

:       0       3

Raveendra Sunday, 28 February 2021 02:57 PM

මෙම මහා පාපකර්මයට දායකවුණු ඒ අය පමණක් නොව ඔවුන්ගේ අඹුදරුවන්ද මෙම පව්කාර මල්වට්ටියට අත ගසා ඇති බැවින් මෙලොවදීම එහි ගුණ අගුණ ලබාගනු නියතය.

:       0       4

Rukmal Sunday, 28 February 2021 03:00 PM

කාලකන්නි රටක... කාලකන්නි ජනතාව... කාලකන්නි පාලකයින් නිසාම තමයි.

:       0       4

බද්රානි Sunday, 28 February 2021 03:15 PM

ඕවා ගැන ඔච්චරටම කලබල වෙන්න දෙයක් නැහැ. අනාගතයේදී ඔය ගස් වෙනුවට රටඉඳි ගස් සිටුවේවි. ඔය වනයේ සිටින තිරිසන් සත්තු වෙනුවට, ඔටුවන් පැමිණේවි. එතකොට අපිට ඔටුකිරි බී රට ඉඳි කා තිරිසන් වීමට හැකිවේවි. අනික ඔය බොරතෙල් වගේද අපේ රත්තරන් නිධිවල වටිනාකම..? අනාගතයේදී අපට ලැබෙන ප්‍රතිලාභ ගැන සිතා මම නම් දැනටමත්, මැදපෙරදිගින් හෝ යුරෝපයෙන් මගේ ගෙදරට ගෘහ සේවිකාවක් ගේන්න ඉල්ලීමක් කරලයි තියෙන්නේ? කාටද ආඩම්බර?

:       0       8

sunil samarasinghe Sunday, 28 February 2021 03:28 PM

මේවගේ සාපරාධී වනාන්තර විනාශයන් පුද්ගල ඝාතනයන් හා සමානයි. මෙවැනි සාපරාධී පුද්ගලයින්ට එරෙහිව ඉතාමත් කෙටි කාලයක් තුළ නීතිය ක්‍රියාත්මක විය යුතුයි. නමුත් ශ්‍රී ලංකාවේ තිබෙන නීතිමය රාමුවක් තුළ තව වසර 20 කින් වත් ඔය අදාළ පුද්ගලයාට දඬුවම් නොලැබේවි. බොහෝ විට ඔහු දේශපාලන කුක්කෙක් විය හැකියි. වනාන්තර වල තිබෙන වැදගත්කම මිනිසුන්ට කියා දීම ඉතාමත්ම වැදගත්ය. අපගේ පාදඩ ටීවී නාලිකා ද ඉන්දියාවේ තිබෙන කුණුහරප නාට්‍ය ප්‍රදර්ශනය කරමින් මෙවැනි උතුම් කාර්යයට දායක නොවන්නේය. නූතන සන්නිවේදනයේ මිනිසුන් සතුව ඇති දැනුම වර්ධනය කිරීම සඳහා මාධ්‍ය ආයතන වලට ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමේ වගකීම ඇත...

:       0       5

Pradeep Sunday, 28 February 2021 03:56 PM

මෙපමණ විනාශයක් සිදුවන තුරු අදාල බලධාරීන් නින්දේ පසුවීම අදහාගත නොහැකි කාරණයක්... පුවත්පත් වල පලවන බොහොමයක් මෙවන් ක්‍රියා සිදුවීමට පෙර හෝ සිදුවන අතරදී අදාල බලධාරීන් දැනුවත් නොවීම හාස්‍යයට කරුණක්. වනාන්තර සතා සිව්පාවා විනාශ කරමින් මිනිසුන් මේ කරන්නේ සියතින් ගෙල සිඳගැනීමක් බව ඔවුන්ට නොවැටහෙන්නේ ඇයි?

:       0       8

Perera Sunday, 28 February 2021 06:44 PM

‘‘ඔක්සිජන් කන්නද‘‘ කියලා අහපු අයගේ වැඩ වෙන්න ඇති... !!! 

:       0       11

Anura Nanayakkara Monday, 01 March 2021 03:02 AM

ජනපතිතුමාට පාලනයක් නොමැති වන සංහාරය... මේකේ පාලනයක් ගන්න බැරි දූෂිත දේශපාලකයන් නිසා.

:       0       13

Lohan Rathupaswala Monday, 01 March 2021 04:34 AM

කරු මහත්මයා, පිළිසඳර පවත්වන්න ඉඩක් තියෙන්න ඕනෑ නිසා දුරස්ථභාවය තියාගන්න සුද්ද කර දැම්මාද දන්නේ නෑ නේද?

:       1       10

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1017 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 2418 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 1046 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 189 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 832 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 414 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 278 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1627 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1513 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site