IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


දෘශ්‍යාබාධිත උපාධිධරයෝ රැකියා ඉල්ලති

(රේඛා තරංගනී ෆොන්සේකා)
‘‘ආබාධිත බව  ප්‍රශ්නයක් කර නොගෙන උපාධිය ගත්තු අපි රස්සාවක් නැතිව විඳින දුක දැකලා අපට අනුකම්පාව එපා සහයෝගය ලබා දෙන්න‘‘ යැයි රැකියා විරහිත දෘෂ්‍යාබාධිත උපාධිධාරි එකමුතුවේ සංවිධායක රංග ප්‍රියදර්ශන මහතා පැවසීය.
ඒ මහතා මෙසේ පැවසුවේ ශ්‍රි ලංකා දෘෂ්‍යාබාධිත උපාධිධාරි මණ්ඩල මොරටුව ශාලාවේ අද(12) පැවැති මාධ්‍ය හමුවට එක් වෙමිනි.
සියයට අටයි දශම අටක  අභාධිත පිරිසක් ලංකාව පුරා ජීවත්වන බවත් උපාධිය ලබා රැකියා ඉල්ලුම් කළද රාජ්‍ය ආයතනවලින් විසඳුමක් නොලැබෙන බවත් ඔහු පැවසීය. 
රැකියාවක් නොමැති හෙයින් ස්වයං රැකියාවක නිරතවීමේ අරමුණින් ණයක් ලබා ගැනීමට රාජ්‍ය බැංකුවට යන ආබාධිත පිරිස් උසුළු විසුළු සමග ප්‍රතික්ෂේප වන තත්වයක් තිබෙන බව සඳහන් කළ රංග ප්‍රියදර්ශන මහතා සියයට 3 රාජ්‍ය රැකියා ලබා දීමේ ක්‍රියාවලිය දිගින් දිගටම කප්පාදු වන බවද වැඩිදුරටත් පැවසීය.
මෙහිදි අදහස් දක්වමින් රැකියා විරහිත දෘෂ්‍යාභාධිත උපාධිධාරි එකමුතුවේ සභාපති එච්. ලාල් පුෂ්පකුමාර මහතා  රාජ්‍ය කොමිසම හමුවට ගිය දෘෂ්‍යාභාධිත තමාට ගුරු වෘත්තියේ නියැලීමට කළුලෑල්ල බාධාවක් බව එහි නිලධාරින් අඩුපාඩුවක් ලෙස දැක් වු බවත් ස්මාර්ට් ටැබ්වලින් අකුරු කරන දරුවන් සිටින ලෝකයේ කළුලෑලි යුගය බාධාවක් කරගැනීම විහිළුවක් බවත් පැවසීය.
 



අදහස් (1)

දෘශ්‍යාබාධිත උපාධිධරයෝ රැකියා ඉල්ලති

Senarath Monday, 13 November 2017 03:37 AM

මේක අපේ රටේ ඉන්න ලොක්කන්ගේ හැටි. නොකෙරෙන පැත්තටම තමයි කතාකරන්නේ. මේ වගේ අහිංසකයන්ට අවශ්‍ය පහසුකම් දීල මොනවා හරි රැකියාවක් දෙන්නම ඕනෙනේ. ඇස් නොපෙනී උපාධියක් ගන්න පුළුවන් කෙනෙකුට, මොනතරම් ආත්ම ශක්තියක් තියෙන්න ඕනෙද. මේ තරුණ ශක්තියෙන් වැඩක් ගන්න රජය දැනගන්න ඕනේ. අනතුරකින් කකුල අහිමි වූණු මල්ලි කෙනෙකුට වීසා ගන්න පෙර තියෙන පරීක්ෂණයෙන් අසමත් කරලා ඔහුට කකුලක් නැහැ කියල. ඔහු විදේශයක රැකියාවක් කරපු කෙනෙක්. පසුව විසිට් විසා එකක් අරගෙන ඒ රටට ගිහිල්ල රැකියාවක් සොයා ගත්තා. කම්කරු නොවන රැකියාවක් කරන්න බොරු කකුලක් දමපු කෙනෙකුට බැරිකම නැහැනේ. ඕක තමයි අපේ රටේ තත්වේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිවෙස් බිඳින ළමා කල්ලියක් අල්ලයි
2024 අප්‍රේල් මස 18 183 0

මුහුණු ආවරණය කර අත් ආවරණ පැළඳ නිවස බිදුම් කරන බාලවයස් කාර කල්ලියක සාමාජිකයන් තිදෙනකු කහතූඩුව පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පො


නරක් වූ සිරුරු දෙකක් කලුතර නිවසක
2024 අප්‍රේල් මස 18 242 1

කළුතර ඉසුරු උයන ප්‍රදේශයේ නිවසක වයෝවෘධ අඹුසැමි යුවළක් සැකකටයුතු අන්දමින් මියගොස් සිටියදී සොයාගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි.


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 178 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


සිව් හැවිරිදි දරුවාට සීනි කරිඤ්ඤං පොවලා
2024 අප්‍රේල් මස 18 314 0

අවුරුදු හතරක දරුවකුට සීනි කරිඤ්ඤං පොවන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අසල්වැසි නිවසයක 52 හැවිරිදි කාන්තාවක් හිඟුරුකඩුව පොලීසිය විසින් අත්අඩංගුව


දවසේ කාලගුණය
2024 අප්‍රේල් මස 18 33 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්


මගී වලියෙන් බදුලු දුම්රිය පැයක් ප්‍රමාද වේ
2024 අප්‍රේල් මස 18 417 0

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රියට හැටන් දුම්රිය ස්ථානයේදී ගොඩවීමට ගිය මගින් පිරිසක් සහ දුම්රිය මැදිරියක සිටි මගීන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 184 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1470 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1386 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site