බිඟුන් මේනක ගමගේ
දේශපාලන පලිගැනීම්වලට ලක් වූ රාජ්‍ය නිලධාරින් වෙත සහන සැලැසීමේ අරමුණෙන් නිකුත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා පහ නැවත සමාලෝචනයට ලක්කරන්නැයි සමස්ත ලංකා දුම්රිය සේවකයන්ගේ පොදු සේවක සංගමය රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගෙන් ඉල්ලා සිටී.
අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා මගින් සහන සලසා දී ඇති බොහෝ දෙනෙකු දේශපාලන පලිගැනීම්වලට ලක්වූවන් නොවන බවටත් දුම්රිය දෙපාර්තමේන්තුවට අදාළව කර ඇති සහන සැලැසීම්වලින් එහි පරිපාලනය විකෘති වී ඇති බවටත් එම සංගමය චෝදනා කරයි.
සමස්ත ලංකා දුම්රිය සේවකයන්ගේ පොදු සේවක සංගමයේ ලේකම් එස්.පී විතානගේ මහතාගේ අස්සනින් යුතුව නිකුත් කර ඇති ලිපියක් මගින් මෙම ඉල්ලීම කර ඇත.
මෙම සහන සැලැසීම නිසා විවිධ දුෂ්කරතා මැද වැඩ කළ සේවකයින්ට අසාධාරණයක් සිදුව ඇති බවට චෝදනා කරන හෙතෙම රටතුල යහපාලනය ගොඩනගන බවට ජනතාවට පොරොන්දු වූ ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 55 (1) ව්‍යවස්ථාවෙන් සැලසී ඇති ප්රතිපාදනයන් අනිසි ලෙස යොදාගැනීමක් මෙමගින් සිදුව ඇති බව පවසයි.
මෙම අමාත්‍ය මණ්ඩල තීරණ ක්‍රියාත්තමක කළහොත් වගකීම් සහිත තනතුරුවලට නුසුදුසු අය පත්වීමෙන් දුම්රිය පරිපාලනය බරපතල ලෙස කඩාවැටෙනු ඇති බව ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙයි..
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
රාගම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙරට පවතින ආර්ථික අපහසු තත්ත්වය හමුවේ රුසියානු පුරවැසි භාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාවට බැඳී ඇති බව එරට ස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
දේශපාලන පලිගැනීම් කැබිනට් පත්‍රිකා යළි සලකන්නැයි ඉල්ලීක්
kalpa Wednesday, 02 May 2018 01:20 AM
පසුගිය කාලෙ වැටුප් තල සකස් කිරීමේදී කළමණාකරන සහකාර සේවයේ පළමු පංතියේ හා අධිශ්‍රේණියේ අයට පහල ශ්‍රේණිවල අයට අඩුවෙන් වැටුප් ලැබෙනසේ වැටුප්තල සකස්කලා. එහෙම කලේ එම ශ්‍රේණිවල ඒ වනවිට සිටියේ 1994 ට පෙර බදවාගත් අය නිසා. පැවති රජය සිතුවේ ඒ සියලුදෙනා එ.ජා.ප.පාක්ෂිකයන් කියලා. වැටුප් කොමිසම පුද්ගලික ඉල්ලීම් කල කීප දෙනෙකුට ඔවුන්ට පුද්ගලික වනසේ වැටුප් වැඩිකලා. (මේ වෙනුවෙන් එක් වෘත්තීය සමිතියක් වැඩකරනවා කියනවා නමුත් ඒහිත් කිසිම ප්‍රගතියක් නම් නැහැ.). මෙනිසා දැනට විශ්‍රාම ලබාසිටින පිරිසට සිදුවුනේ බලවත් අසාධාරණයක්. මෙයත් දේශපාලන පළිගැනීමක්. කුමන රජයක් පත්වුනත් සැමදාම ජයගන්නේ එකම පක්ෂයේ අය. එනිසා දැනට අසාධාරණයට පත්ව සිටින අප ගැනත් සලකා බලනවානම් එය අසාධාරණයට ලක්වූවන්ට කරන සාධාරණයක් වෙනවා.