IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


දෙවිනුවර විෂ්ණු දේවාලයේ ඇසළ උත්සවය ආරම්භයේදී ගැටුමක්

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

දෙවිනුවර උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු දේවාලයේ වාර්ෂික ඇසළ උත්සවය ආරම්භ වු අද (01) දින කප් සිටුවීමේ චාරිත්‍රය සිදු වන අවස්ථාවේ දී දේවාලයේ ප්‍රධාන කපු  මහතා සහ පුද්ගලයින්  කිහිපදෙනකු අතර  ගුටි බැට හුවමාරුවක් සිදු වී දැඩි නොසන්සුන් තත්වයක් හට ගත්තේය.

වෙනදා  එළිමහනේ සිදු කරන කප් සිටුවීමේ  චාරිත්‍රය කපු මහතා විසින් මෙවර දේවාලය තුළ සිදු කිරීමෙන්  පැමිණ සිටි බැතිමතුන් අපහසුතාවටයට පත් වී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙම  ගැටුම හටගෙන තිබේ.
 
බස්නායක නිලමේවරයාගේ සහෝදරයකු සහ තවත් පුද්ගලයකු  දේවාලයේ කපු මහතා  සමඟ මෙම ගැටුම ඇති කරගෙන   ඇත.
 
මේ නිසා බැතිමතුන්ට සුපුරුදු පරිදි කප් සිටුවීමේ චාරිත්‍රය සිදු කිරීමට නොහැකි වී තිබේ.
 
මෙම සිදුවීම  පිළිබඳව පැමිණිල්ලක් කිරීමට යන බව එම දේවාලයේ ප්‍රධාන කපු රාම ක්‍රිෂ්ණ තේනබදු මහතා පැවසීය. කෙසේ වෙතත් ඇති වු නොසන්සුන්තාවය පොලීසිය මැදිහත් වී පාලනය කළේය.
 
ඔවුහු පෙරේදා (31) රාත්‍රි කාලයේ සිට නැකැතට කප් සිටුවීමේ අවස්ථාවට දායක වීම සදහා දේවාල භූමියේ රැදී සිටියහ. රාත්‍රී කාලයේ දී එම චාරිත්‍රය සිදුවේ යයි බොහෝ දෙනෙකු සිතා සිටියද නැකැත යෙදී තිබුණේ අද  (01) උදෑසන 8.49 ට පමණය.

මේ   පිළිබඳව ප්‍රධාන කපු රාම ක්‍රිෂ්ණ තේනබදු මහතාගෙන් විමසූ විට මෙසේ කීය.

“පසුගිය වසර කිහිපය තුළ ඇතිවු තත්වය මත මෙවර කප් සිටුවීම දේවාලය තුළ සිදු කරන බවට මා බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට පවා ලිඛිතව දැනුවත් කර තිබෙනවා.ඒ සදහා බස්නායක නිලමේවරයා පැමිණි පසු ඔහු සමග සිටි සහෝදරයෙකු හා තවත් අයෙකු මට පහර දුන්නා.

නිලමේවරයාට ඔවුන්ට එහිදී අවවාද කළා.නමුත් මම ඒ ගැන පොලීසියට පැමිණිලි කරන්න බලාපොරොත්තු වෙනවා. නිසි පරිදි කප් සිටුවීමේ චාරිත්‍රය මා අකුරටම සිදු කළා.ඊට පසුව කුපිතව සිටි පිරිස දේවාලය තුළ තිබු පැරණි කප් ගසක් පිටතට රැගෙන ගොස් පඩුරු ගැට ගැසීම සිදු කර තිබෙනවා.”

 

 



අදහස් (5)

දෙවිනුවර විෂ්ණු දේවාලයේ ඇසළ උත්සවය ආරම්භයේදී ගැටුමක්

thilak Thursday, 01 August 2019 10:52 AM

හැමදේම නැකතට කරත් රටනම් එතනමයි.

:       0       0

Lankaputha Thursday, 01 August 2019 11:25 AM

එතකොට දෙවියන් මොකද කළේ?

:       0       0

jayath Thursday, 01 August 2019 11:27 AM

මේ වගේ දේවල් වෙද්දීත් මේවා පස්සේ යන මෝඩ මිනිස්සු ඉන්නේ මේ රටේ විතරක් වෙන්නැති..

:       0       0

රාමනායක Thursday, 01 August 2019 01:25 PM

මොකද මේ දෙවියෝ බෙදා ගන්න බැරිවද පොර කන්නේ?

:       0       0

athura Thursday, 01 August 2019 02:35 PM

දකුණු පළාතේ ඉන්නෙ මිනිස්සුද නැතිනම්....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 12 0

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1446 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 445 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 529 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 400 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 566 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site