IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


දෙවිනුවර දේවාලයේ කපුවා රිමාන්ඩ්


( ක්‍රිෂාන් ජීවක ජයරුක්)

ඓතිහාසික දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ දී පූජා වට්ටියට තබන ලද පඩුරක් ගැට ගැසීම සදහා රෙදි පටියක් ඉල්ලා සිටි සිව් දරු පියෙකුගේ හිසට යකඩ බන්දේසියකින් පහරදී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගත් එම දේවාලයේ ප්‍රධාන කපුවා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා 09 වනදා  වන තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය නියෝග කර ඇත.

එසේ රිමාන්ඩ් භාරයටපත් කෙරුණේ දෙවිනුවර පදිංචිරාම ක්‍රිෂ්ණතේනබදු  නැමැති දෙවිනුවර මහදේවාලයේ ප්‍රධාන කපුමහතාය. 

ඔහු ගන්දර පොලීසියේ ස්ථානාධිපති විපුල දසනායක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (06) සැක පිට අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

ඉකුත් සිකුරාදා(03) රාත්‍රියේ එම දේවාලයේ වාර්ෂික ඇසල උත්සවයේ කෝල්මුර යාගය හෙවත් දේව තොවිලය පැවැත්වීමට පෙර මෙම සිද්ධිය සිදු වී තිබෙන බවත් සැකකාර කපුවාගේ ප්‍රහාරයට ලක්වු බව කියන හොරපාවිට ,බමුණුගම පදිංචි බුද්ධික චන්ද්කුමාරහිත්තැටියගේ (44) මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා මාතර මහරෝහල වෙත ඇතුළත්කර සිටින බවත් පොලීසිය අධිකරණයට දැනුම් දී ඇත.

අකුරැස්සලංගම ඩිපෝවේ කොන්දොස්තරවරයෙකු ලෙස රැකියාව කරන ඔහු සිය බිරිද හා දරුවන් සිව් දෙනා සමග දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලය වැද පුදා ගැනීමට ගොස් සිටි අවස්ථාවේ පූජා වට්ටියට තබන ලද පඩුරු කාසියත් ත්‍රීරෝද රථයේ ගැට ගැසීම සදහා ප්‍රධාන කපුවාගෙන් රෙදි කැබැල්ලක් ඉල්ලා සිටි අවස්ථාවේ මෙම පහරදීම සිදුකර ඇත. 

දකුණු පළාතභාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එෆ්.ප්‍රනාන්දු මහතාගේඋපදෙස් මත මාතර කොට්ඨාසයභාර පොලිස්අධිකාරී ගයංග හසන්ත මාරපනමහතාගේ අධීක්ෂණය යටතේ ගන්දර පොලීසියේ වැඩබලන ස්ථානාධිපති විපුල දසනායක මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක ජේ.සී.අලවත්ත,උපපොලිස් පරීක්ෂක සුනිල් බැට්ටගේ යන මහත්වරු ඇතුළු කණ්ඩායමක් මෙම සිද්ධිය පිලිබඳවවැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.
 

 

 



අදහස් (14)

දෙවිනුවර දේවාලයේ කපුවා රිමාන්ඩ්

Anura Tuesday, 07 August 2018 06:57 AM

මේ කපුවද එතකොට දෙයියන්ට කන්නලව් කරන්නේ? අනේ අපේ මිනිස්සු කවද තේරුම් ගනියිද මෙව්වා? මොන දේව පිහිටක්ද මේ විදියට ලැබෙන්නේ ?

:       0       116

Susantha Tuesday, 07 August 2018 07:12 AM

වදින්න ගිය දේවාලේ ඔලුවට ගඩාගෙන වැටුනා.

:       0       56

SayimanTuesday, 07 August 2018 08:12 AM

දෙවියන් වන්නේත් තිරිසන් වන්නේත් මිනිසාමයි ලෝකේ.

:       0       41

kalani Tuesday, 07 August 2018 07:32 AM

නවීන තාක්ෂණයේ දීප්තිමත් ආලෝක කදම්භයට බියවී තිර හතකින් යුත් අඳුරු කුටියක මුළු ගැන්වෙන දෙවියන්ට යදින කපුවන් ගැන කුමන කතාද?

:       11       53

සූසන්ත Tuesday, 07 August 2018 07:41 AM

වදින්න ගිය දේවාලෙ ඉහෙ කඩා ගෙන වැටුනා

:       0       9

nuwan Tuesday, 07 August 2018 07:52 AM

දේව නියෝජිතයෙක් මේ වගේ හැසිරෙයිද ?

:       0       2

makuna Tuesday, 07 August 2018 08:06 AM

ප්‍රශ්නයක් නෑ... දෙවියො බේර ගනී. ලෝයර් කෙනෙක් ඕනෙත් නෑ.

:       0       35

Bahirawapaala Tuesday, 07 August 2018 08:17 AM

දෙවි දේවතාවුන් වැනි මිනිසුන් මැද වන සිව්පාවුන් වැනි කපුවන් ඇත.

:       0       24

sirimal Tuesday, 07 August 2018 08:33 AM

"අඳුරු කුටිය තුල දොරගුළු ලාගෙන ගයන ගීතිකා යදින යාතිකා දෙවියන් හට නැසේ" කීවේ ඕකයි. චතුරාර්ය සත්‍යය වගේ ලෝකෙටම සරිලන ඉගැන්වීමක් උත්පත්තියෙන්ම උරුම කරගෙන තියෙද්දී අවබෝධ කර ගැනීමේ අමාරුකම නිසා ඒගැන සලකන්නේ නැතුව ක්ෂණික පිළියම් සොයා කාලයත් ධනයත් අපතේ යවමින් මේවගේ කපටින් පස්සේ යන අහිංසක මිනිස්සුන් දැනුවත් කිරීම තමා අත්‍යාවශ්‍ය.

:       0       68

Ruwan Tuesday, 07 August 2018 08:59 AM

හොද වැඩේ. මෝඩ දේවල් අදහන්න යද්දී ඔළුවට ගහල මදි...ඔයි කපුවෝ කරන ඒවා විශ්වාස කරන්න පුලුවන්ද?

:       0       6

Chaminda Tuesday, 07 August 2018 10:28 AM

දෙවියන්ගේ ගෝලයන්ට නීතය ක්‍රියාත්මක වෙන්නේ පරක්කුවෙලා මේ ගැනත් හොයල බලන්න දේවාලයේ උත්සවයේ කටයුතු ඉවරවෙකල් අත්අඩංගුවට ගන්න බැහැ කියල මොන පොතේ ද තියෙන්නේ

:       0       1

Chaminda Tuesday, 07 August 2018 10:28 AM

දෙවියන්ගේ ගෝලයන්ට නීතය ක්‍රියාත්මක වෙන්නේ පරක්කුවෙලා මේ ගැනත් හොයල බලන්න දේවාලයේ උත්සවයේ කටයුතු ඉවරවෙකල් අත්අඩංගුවට ගන්න බැහැ කියල මොන පොතේ ද තියෙන්නේ

:       0       0

erdi Tuesday, 07 August 2018 10:35 AM

ඒ ගමනනම් කපුවා කපෝති? රිමාන්ඩ් එකෙත් දේවාලයක් හදල දුන්නම් හරි හොර කපුවට.

:       0       1

abiya Tuesday, 07 August 2018 11:13 AM

කපුවා කපෝති!!

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 935 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1012 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 579 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1531 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 78 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2639 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1544 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site