IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


දරුවන් 20ක් වැදූ අම්මා ලෝක වාර්තාවට හිමිකම් කියනවාදැයි සොයයි

(විනීතා එම් ගමගේ)
 
දරුවන් 20 දෙනෙකු සිටින මවක ලෙස වැඩිහිටි දිනයේ දී උපහාර ලැබූ ගලේවෙල බඹරගස්වැව කටුපොත පදිංචි හස්තිමු ආරච්චිගේ රොසලින් නෝනා මාතාව ලොව වැඩිම දරු පිරිසක් ලැබූ මවගේ වාර්තාවට හිමිකම් ලබන්නේ දැයි සොයා බලන බව ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ සුමින්ද සිංගප්පුලි මහතා ලංකාදීපයට අද (2) පැවැසිය. 
 
මේ වනවිට වැඩිම දරුවන් පිරිසක් ඇති මාතාව ලෙස ගිනස් වාර්තාව ඇත්තේ දරුවන් 19 දෙනෙකු සිටින මවක් පිළිබඳ වාර්තාවක් යැයි කි ඒ මහතා ඒ පිළිබඳව නිත්‍යානුකූල සොයා බැලිම් සිදු කරන බව ද කීය. 
 
දැනට අසූ වන වියේ පසුවන ඇය දරුවන් විසි දෙනෙකුගේ මවක වන අතර එයින් දරුවන් 15 දෙනෙකු ජීවත්ව සිටිති. වැඩිමහල් දියණිය මේ වනවිට 60 හැවිරිදි වියේ පසුවන්නීය. බාලයා තිස් හැවිරිදි වියේ පසුවන්නේය. 
 
තම දරුවන් පස් දෙනෙක් වැඩිහිටිවියට පත්වූ පසුව නොයෙක් ලෙඩ දුක් හේතුවෙන් මිය ගිය බවත් තවමත් ඔවුන් සිහිපත්ව කඳුළු නැගෙන බව රොසලින් නෝනා මාතාව ලංකාදීපයට පැවැසුවාය. 
 
‘‘මම අවුරුදු 15 දි විවාහ වුණේ. එතකොට අපේ එක්කෙනාට අවුරුදු 21 යි. අවුරුද්දෙන් අවුරුද්දට අපට දරුවො ලැබුනා. ඒ කාලෙ නම් දරුවො හදා ගන්න අපි හරියට දුක් වින්දා. ඒත් ඒ අය උස් මහත් වුණාම සන්තෝසයි.  දැන් මට දරුවෝ, ඒ අයගෙ නෝනලා මහත්තයලා දරුමුණුපුරෝ ඔක්කොම 151 ඉන්නවා. ඒ කාලෙ විඳපු දුක් ගැන දැන් දුකක් නැහැ.‘‘යැයි ද ඇය පැවැසුවාය.


 



අදහස් (12)

දරුවන් 20ක් වැදූ අම්මා ලෝක වාර්තාවට හිමිකම් කියනවාදැයි සොයයි

Ruchi Monday, 02 October 2017 10:47 AM

මෑණියනි, ඔබට දීර්ඝායුෂ ලැබේවා! මතු භවයේදීත් ලංකාවේම ඉපිද මෙවැනිම දරුපිරිසක් රටට දායාද කිරීමට හැකිවේවා!

:       0       0

daham Monday, 02 October 2017 10:49 AM

අනන්තවූ තුණුරුවන් ගුණ බෙලෙන් ආයු වර්ණ සැප බල ප්‍රඥා වර්ධනය වේවා ..! නිදුක් නීරොගිවේවා !!!

:       0       900

PerakumTuesday, 03 October 2017 12:09 AM

එසේම වේවා..!

:       0       1

Raveendra Monday, 02 October 2017 11:07 AM

අම්මේ ඔබට දළදා සමිඳු පිහිටත් සියලු දෙවිරකවරණ අප ප්‍රර්ථනා කරන්නෙමු. වික්ටර් රත්නායක මහත්මාගේ මෙම සුන්දර ගීතය අපගේ මතකයට නැගෙනවා. එහි පද කීපයක් ලිවීමට සිත් දෙමි. ආදරයේ උල්පත වූ අම්මා// මා ඔබගේ පුතු වූ// ඔබ මතු බුදු වන දවසේ// මා රාහුල කුමරුන් සේ// සෙවන පතා අද මෙන් පැමිණෙන්නෙමි// සුළැඟිල්ලේ එල්ලී....//.

:       0       2168

ටී.රජින්ද Monday, 02 October 2017 11:52 AM

ඔබතුමියගේ වාසනාවට අපේ හෘදයාංගම සුභ පැතුම් සහ නිදුක් නීරෝගී සුව ජීවනය පතනවා.!

:       0       311

Isha Monday, 02 October 2017 11:57 AM

රුසියානූ ගැණු කෙනා තමයි ළමයි 69 ලබලා වාර්තාව තියලා තිබෙන්නේ. එහෙත් ඔබ අප රටට වාසනාවක් දීර්ඝායුෂ අම්මේ.

:       0       0

ROCKY Monday, 02 October 2017 12:30 PM

රුසියන් කාන්තාවක් දරුවන් හැට නව දෙනෙකු ලැබීමෙන් වාර්තාවක් පිහිටුවා ඇතිබව මේ වැඩිහිටි ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක දන්නේ නැද්ද? ඕක ඔච්චර සොයා බලන්න ඕන තරම් නොවෙයි!

:       0       0

raheem Monday, 02 October 2017 01:55 PM

අපි මේ අම්මට දීගායුෂ පතමු

:       0       0

madhu Monday, 02 October 2017 01:59 PM

ලමයි 69ක් ඉන්න අම්මා කෙනෙක්ට දැනට මේ වාර්තාව තියෙන්නෙ. නිවුන් ජෝඩු 16ක්.

:       0       0

Don Monday, 02 October 2017 03:32 PM

මේ මවට සියලු සැප පහසුකම් සහිතව කෑම බිම, බේත් හේත් , ගමන් බිමන් නොමිලේ දිය යුතුයි .. වාහනයක් සහ නිවසක් වෙනම ම නොමිලේ රජයෙන් ලබාදිය යුතුයි ... දරුවන් මුණුබුරන් කොපමණ සිටියත් ඇයට මේ සියල්ල රජයෙන් දියයුතුයි ..

:       0       0

piyal batuwangala Monday, 02 October 2017 07:37 PM

අම්මේ ඔබට දීර්ඝායුෂ. මගෙත් ආයුගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා ස්තුති

:       0       0

Asanka Tuesday, 03 October 2017 05:11 AM

ළමා විවාහයක ප්‍රතිඵල , මේ වගේ අඩු වයසකදී විවාහ වෙලා දරුවෝ වුනත් දුසිම් ගණන් හදන එක කොච්චර දරුවන්ට බලපෑමක්ද? ඒ දරුවන් සෞබ්‍ය සම්පන්නද කියල හිතල බලන්න මධ්‍යස්තව

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 844 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 1916 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 2197 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 1149 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 301 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 2300 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1643 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site