IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


දරුවන් මරණවා යැයි කියා ලක්ෂ 30 ක කප්පම් ඉල්ලු දෙන්නෙක් අත්අඩංගුවට

(ක.ග කරුණාරත්න)

පොලොන්නරුව, බැඳිවැව  ප්‍රදේශයේ  පදිංචි සහල් මෝල් හිමියෙකුගේ දරුවන් දෙදෙනා පැහැරගෙන ගොස් මරා දමන බවට සහල් මෝල් හිමියාට දුරකථන ඇමතුම් මඟින් තර්ජනය කර රුපියල් ලක්ෂ 30 ක කප්පම් මුදලක් ඉල්ලා සිටි තරුණයෝ දෙදෙනෙක් අද (26) අලුයම අත් අඩංගුවට ගත් බව පොලොන්නරුව කොට්ඨාස පොලිස් අපරාධ විමර්ශන අංශය කියයි.

අවුරුදු 25 සහ 29 යන වයස්වල පසුවන සැකකරුවන් බැඳිවැව සහ හබරණ යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

එක් සැකකරුවෙකු දුරකථන සමාගමක සිම් කාඩ්පත් අලෙවි කිරීමේ ව්‍යපාරයක නිරත අයෙකු බවත් ඔහු වෙනත් අයට සිම්කාඩ්පත් අලෙවි කිරීමේදී ලබා ගත් ජාතික හැඳුනුම්පත් අංක උපයෝගී කරගෙන වෙනත් ජංගම දුරකථන සමාගමකට අයත් සිම්පත් මිළදී ගෙන ඒවා භාවිතා කොට කප්පම් ඉල්ලීම සඳහා දුරකථන ඇමතුම් ලබා ගෙන තිබෙන බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී හෙළිවී තිබේ.

අනෙක් සැකකරු හබරණ නගරයට නුදුරු පදිංචිකරුවෙකු බවත් ඔහු සම්බාහන මධ්‍යස්ථානයක සේවය කළ අයෙකු බව හෙළිවී තිබේ.

මොවුන් විසින් මීට පෙරද ව්‍යාපාරිකයාට තර්ජනය කර කප්පම් මුදල් ලබාගෙන ඇත්ද යන්න සොයා බලන බව විමර්ශන කටයුතු සිදු කරන පොලිස් නිලධාරිහු පැවසූහ.



අදහස් (2)

දරුවන් මරණවා යැයි කියා ලක්ෂ 30 ක කප්පම් ඉල්ලු දෙන්නෙක් අත්අඩංගුවට

shan saudi Thursday, 26 April 2018 08:40 AM

මේ අයට උසාවි ගෙන්වා සිරදඩුවම් ලබා දීම කිසිවිටක නොකළ යුතුය. මන්ද මේ ආකාරයේ ක්‍රියාවන් කල පුද්ගලයන් සිරගත කල විට එය ඔවුන්ගේ වැරදි මග ඔප්නන්වාගන්න පන්නරයක් කර ගන්න නිසාවෙනි. ඒ නිසා මිනී මැරුම්, පැහැරගැන යාම්, තර්ජනය කර කප්පම් ගැනීම්, මත්ද්‍රව්‍ය ගෙන්වන්නම් හා බෙදා හරින්නම් යන පුද්ගලයන් සදහා මරණ දඩුවම වහා ක්‍රියාත්මක කල යුතු අතර වහාම මරණ දණ්ඩනය බලාත්මක කල යුතුය. බුදු දහම හොවා දක්වමින් දාමරිකයන් ආරක්ෂා කිරීම රටටත් ජාතියටත් ආගමටත් කරන විශාල විනාසයකි. මරණ දඩුවම ක්‍රියාවේ නොයොදන්නේ බුදුදහම මුල්කොට ගෙනම අද රටේ සිදුවන සිදුවීම් බලන විට මේ රට බෞද්ධ යයි කිසිවෙක් පිලි නොගනී

:       0       1

Saumya Thursday, 26 April 2018 01:38 PM

මෙවැනි අයට උපරිම දඬුවම් ලබාදෙන්න කියා ගරු නීති සම්පාදකයන්ගෙන් ඉල්ලසිටිනවා, මෙවන් අය සමාජයට බරක්....!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 391 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 41 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1806 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 354 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1645 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1601 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 224 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1539 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site