IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


දරුවාට වූ අසාධාරණය අහන්න කෙනෙක් නැතිව අම්මා වස බොයි

විනිතා .එම් ගමගේ සහ බිඟුන් මේනක ගමගේ

 

තලවතුගොඩ පිහිටි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රධාන කාර්යාලය තුළදී වස පානය කර සියදිවි හානි කරගැනීමට තැත් කළ මවක් මවක් අද (12) සවස කළුබෝවිල රෝහලට ඇතුළත් කරනු ලැබ සිටී.

පරිවාස භාරයේ සිටින තම පුතුට දිගින් දිගමට සිදුවන හිරිහැර සම්බන්ධවයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි කළද ඵලක් නොවු යැයි කියා ඇය මෙසේ සියදිවි හානි කරගැනීමට උත්සහ කර ඇතැයි එම අධිකාරියේ ප්‍රකාශකයෙක් පැවසීය.

24 හැවිරිදි මෙම කාන්තාව අද (12) දිනය පුරා ජාතික ළමා ආරක්ෂක අධිකාරි කාර්යාලයේ සිට ඇති අතර වස පානය කර ඇත්තේ සවස් කාලයේ බවද ඔහු පැවසිය.

මේ සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති නීතිඥ එච්.එම්.අබේරත්න මහතාගෙන් කළ විමසීමේ දී සිදුවීම සත්‍ය බවත් අදාළ කාන්තාව මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන්නියක බවත් ඔහු පැවසීය.

ඇය ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කළ බවත් තත්ත්වය අසාධ්‍ය බැවින්  අය කළුබෝවිල රෝහලට ඇතුළත් කළ බවත් සභාපතිවරයා තවදුරටත් කීවේය.



අදහස් (16)

දරුවාට වූ අසාධාරණය අහන්න කෙනෙක් නැතිව අම්මා වස බොයි

රවින් Tuesday, 12 June 2018 02:46 PM

වැදගත්ම ප්‍රශ්නය තම මවටද , නිලදරින්ටද මානසික රෝගී තත්වය තියෙන්නේ කියල හොයා බලන එක. ළමා අපචාර දිනෙන් දින වැඩි වෙනවා මිස අඩුවන බවක් පෙන්වන්නේ නැහැ.

:       0       0

පුජාපිටියේ හිමි Tuesday, 12 June 2018 03:04 PM

ඔව් ඉතින් තමන්ගේ අඩුපාඩු වසාගන්න මානසික රෝග ලේබලේ ගහලා බේරෙයි. දරුදුක නොහඳුනන නිලධාරියෙක්. ඒ අම්මාට සහ පුතාට සාධාරණය ඉටුවේවා! අගමැතිතුමා, ජනාධිපතිතුමා මේ ගැන ඉක්මනට සොයා බලන්න.

:       0       0

කමල් Tuesday, 12 June 2018 04:15 PM

කාන්තාව මානසික රෝගී තත්වයෙන් පෙලෙන බව කිව්වත් චෝදනාව සොයා බැලිය යුතුමයි.

:       0       67

Anton Austria Tuesday, 12 June 2018 04:51 PM

මානසිකව ලෙඩ හැදෙනවා මේ වගේ රජයේ සේවකයෝ හිටියම. අනික මානසික ලෙඩේ හැදුනේ හවසද උදේ ඉදන් බලන් ඉදල ? මේ රට හදන්න බෑ

:       0       90

Cyril Tuesday, 12 June 2018 06:16 PM

ඔය වගේම තව කතාවක් වෛද්‍යවරු කියනවා “ව්ෂ බීජයක් ඇතුල්වෙලා මැරිලා තියෙන්නේ. නියම විෂ බීජේ වගකීමෙන් මිදෙන්න . මොක්කද්ද බීජේ? කියල ඇහුවත් ? හදුනා නොගත්, කලාතුරකින් ඇතිවෙන දෙයක් වගේ පිළිතුරක් ලැබෙන්නේ.

:       0       69

Bamunuarachchi Tuesday, 12 June 2018 07:04 PM

ඔව් ඔව්, ලේසිම වැඩේ තමයි තමන්ගේ ගැලවුමට එක්කෝ මතක නැහැ කීම හෝ අනික් තැනැත්තාට පිස්සු කීම...

:       0       41

සුදත් ශ්‍රී Tuesday, 12 June 2018 07:54 PM

දැන් ඉතින් ඒ අම්මා මානසික රෝගියෙක් කියලා විනාශ කරන්න.

:       0       65

Sanath Tuesday, 12 June 2018 08:09 PM

මේ අම්මා ළඟ දරුවා නම් කවදාවත් තියන්න හොඳ නැහැ.

:       68       0

gihan Wednesday, 13 June 2018 01:46 AM

දරු දුකට වස බිව් අම්මාට කෙසේ වෙතත් ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිට නම් මානසික රෝගයක් තියෙන බව පේනව. ගො‍ටු අල්ලල තනතුරු වලට ආවම මනුස්සකම නැති වෙලා.

:       0       70

Saththaya Wednesday, 13 June 2018 02:01 AM

දැන් හැමෝම මානසික රෝගීන් තමා. බොහෝ කලක සිට මේ රටේ පුරුදු පුහුණු කරලා තියෙන්නේ , මුදල ඉස්සල්ල. ඊළගට වැඩේ. ආයතනවල සහ නොයෙකුත් තැන්වල ඇහුන්කම් දෙන්න කෙනෙක් නැහැ,කප්පමක් නොදී. මෙය සාමාන්‍ය දෙයක් වෙලා. ලෙඩෙක් වුනත් මැරෙන්න කලින් මරාගෙන කනවානේ . ඉතින් ඉවසන්න අමාරුයි . ගුණධර්ම කියන එක කොහෙත්ම නැහැ, මුදල් තමා දෙයියෝ. ආදර්ශමත් චරිතයක් හොයාගන්න පුලුවන්ද ? ඉදල හිටලා එක පුද්ගලයෙක් හමුවෙයි . ඒ කෙනාට රටම වෙනස් කරන්න බැහැනේ. හොද දේශපාලඥයෙකුට වුනත් මේවා වෙනස් කරන්න අමාරුයි දැන් , මොකද ඡන්දෙත් පගාවට ගන්නවා . වෙනස් කරන්න යන කෙනාත් පරාදයි .

:       0       48

වටවල මේධානන්ද Wednesday, 13 June 2018 02:58 AM

මොනවා හරි දෙයක් කියලා බේරෙන්න බලමු!

:       0       0

lalithsjm Wednesday, 13 June 2018 03:12 AM

තමන් වැදු දරුවන්ට කෙනෙහෙලි කම් වෙනකොට මවක් මානසික ආතතියෙන් පෙළෙන්න පුලුවන් එවැනි කෙනෙහෙලිකම් කරන නුබලා මොක්කුද එතකොට ??

:       2       91

KANDEPOLA Wednesday, 13 June 2018 03:43 AM

රජයේ නිලධාරීන්ගේ පිහිට පැතුවොත් වහ බොන්නම වෙනවා.

:       1       42

hemanthi Wednesday, 13 June 2018 06:29 AM

ළමාරක්ෂක අධිකාරිය තවත් එක බල පුළුවන්කාරකම් පෙන්වන තැනක් විතරයි අහිංසක අසරණ දරුවොන් ට දෙවියන්ගේම පිහිටයි.

:       0       20

athula Wednesday, 13 June 2018 06:45 AM

මෙවන් පුවත් අහනකොට හිතෙන්නේ අපි ඉන්නේ අපායක කියල හැබැයි කියන්නේ ධර්මද්වීපයේ ෙ බෞද්ධ රජය කෝ ? මේ මොන අපරදද? මේවා අහස පොලව නුහුලන අපරාද ? අන්තිමට කියන්නේ ඕක තමයි බීල ගෙවල් දොරවල් කඩාගෙන මාර්ග අනතුරු කරන ඇමති පුතාල ගැන තාත්තල කියා කතා ඇහුවම මහත් පිළිකුල්. ඉතින් මේ වගේ අය පාලනය කරන රටක තව මොන කතාද ?

:       0       13

නුමා Wednesday, 13 June 2018 10:20 AM

කරුණු කිහිපයක් තිබෙනවා, දරුවා ළමාරක්ෂක භාරයට පත්වුනේ මන්ද? සමහරවිට දෙමාපියන්ගේ කෙණෙහිළිකම් නිසා වන්නට ඇති. තවද මෙම අම්මා ළමයා තමන් භාරයට ඉල්ලුවා නොව (ප්‍රවෘත්තියට අනුව), ළමයාට වන හිරිහැර නවත්වන්නට ඉල්ලුවා පමණයි. එම ඉල්ලීමට කන්නොදීම වරදක්. මානසික ආබාධ සම්බන්ධව ඔය නිළධාරීන්ට තීරණය කරන්නට නොහැකියි ඒ සඳහා වෛද්‍යවරුන් සිටිනවා. කෙසේමුත්, නිළධාරීන් තම වගකීම පැහැරහැර ඇති බව නම් පැහැදිළියි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩ්ඩෙක් සමග හාදකම් පෑ එස්.ටී.එෆ් සෙබළා අල්ලයි
2024 අප්‍රේල් මස 25 11 0

සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා


රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 418 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 388 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 126 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 1362 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 350 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1703 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site