(තලාව උපුල් හේරත්)
අනුරාධපුර සුචරිතගමට පෙරේදා (14) පැමිණි විශාල උකුස්සකු කුඩා දරුවන් සිවුදෙනකු පැහැර ගැනීමට දැරූ උත්සාහයේදී තුවාල ලැබූ දරුවකුට රෝහලෙන් ප්‍රතිකාර ලබාදී ඇති අතර ගම්වාසීන් එක්වී අල්ලාගත් උකුස්සා අනුරාධපුර වනජීවී කාර්යාලයට බරදී ඇත.
මෙම සිද්ධියෙන් තුවාල ලැබුවේ සුචරිතගම පදිංචි ඒ. දෙව්මිනි අමායා චන්ද්‍රසේකර නමැති හත් හැවිරිදි දැරියකි. ඇය සුළු තුවාල ලබා අනුරාධපුර රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන ඇත.
අඩි දෙක හමාරක් පමණ උසැති තටු විහිදූ විට අඩි පහක් පමණ දිගින් යුත් හොඳින් වැඩුණු මෙම උකුස්සා පෙරේදා (13) අනුරාධපුර සුචරිතගමට පැමිණ ඇත. එම ග්‍රාමයේ උස ගස්වල රැඳී සිටි මෙම උකුස්සා නිවාස අසලට පැමිණ දරුවන් පැහැර ගැනීමට උත්සාහ කරද්දී ගම්වාසීන් මහත් කලබලයට පත්වී ඇත.
ඒ පිළිබඳව අදහස් දැක්වූ සුචරිතගම පදිංචි අශෝකා මාලනී (60) මහත්මිය මෙසේ පැවසුවාය.
මගේ නිවස අසල පදිංචි චාන්දනී නංගීත් එයාගේ අවුරුද්දක් පමණ වයසැති දරුවාත් පෙරේදා සවස නිවස ඉදිරියේ සිටියා. ඒ අසලට පැමිණි මේ උකුස්සා කුඩා දරුවා රැගෙන යාමට උත්සාහ කළා. ඒ වෙලාවේ චාන්දනී දරුවා රැගෙන නිවසේ කාමරයට දිව ගියා. උකුස්සා ඒ අසල තිබුණු බෝනික්කෙකු රැගෙන ගහකට පියඹා ගියා.
ඉන් පසු අද උදේ මේ උකුස්සා පාසල් යන දරුවකු පසුපස පන්නාගෙන යද්දී මෙය දුටු ගමේ කාන්තාවක් ඌට ඉදල්වලින් පහර දුන්නා. ඉන් බේරුණු කුරුල්ලා වහලයක් උඩට නැග්ගා. ඒ අසල සිටි අමායා දැරිය රැගෙන යාමටද උත්සාහ කළා. අපි බොහොම අමාරුවෙන් ඒ දරුවා බේරාගත්තා. අපේ ගමේ ඉන්න තරුණයන් දෙතුන් දෙනෙකු එක්වී කුරුල්ලා අල්ලාගන්න උත්සාහ කළා. පැයකට ආසන්න කාලයක් දැරූ උත්සාහයෙන් ප්‍රතිඵලයක් ලබා ගන්න බැරිවුණා. ඊට පස්සේ කඩෙන් මස් කෑල්ලක් ගෙනත් ඌට කන්න දී රෙදි කැබැල්ලක් උගේ ඇඟට දමා ඌ අල්ලාගෙන තොටිල්ලකට දැම්මා. පසුව වන ජීවී නිලධාරීන්ට බාරදුන්නා.
මේ සිද්ධිය පිළිබඳව වනජීවී දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කාර්යාලයේ අඩවි ආරක්ෂක නිලධාරී උපාලි ජයවර්ධන මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවැසුවේ මෙම පක්ෂියා (Orieutal Hunny Bu‘art) නමැති විද්‍යාත්මක නමින් හඳුන්වන සිළු බඹර උකුස්සකු බවය. මෙම උකුස්සන් හාවුන්, කුකුළන් වැනි සතුන් දඩයම් කරමින් ජීවත් වන බවද ඔහු කීය.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
දැරියක උස්සාගෙන යන්න හැදූ උකුස්සකු අල්ලා වනජීවියට බාරදෙයි
ලුම්බිණි Wednesday, 15 August 2018 05:35 AM
මේ විද්‍යාත්මක නම හරිද?
nuwan Wednesday, 15 August 2018 06:04 AM
කිලිනොච්චියේ සහ අනුරාධපුරේ වෙනස මේකෙන් පේනවා!
sumith Wednesday, 15 August 2018 06:36 AM
උදේනි කතා වස්තුවේ තියෙනවා , පරන්තන රජතුමාගේ ගැබ්බර බිසව හස්තිලිංග පක්ෂියෙක් උස්සගෙන ගියා කියලා, අන්තිමට ඒ බිසව තමා තාපසයාගේ සීලේ බිඳලා , තාපසය වසගෙට ගන්නේ , පුතාට තාපසය දන්නා හස්තිකාන්ත මන්තරය දෙනවා. සාමාවතී බිසව උදේනි රජාගේ එක බිසවක්, කොහොම හරි පොඩි උකුස්සෙකුට ළමයෙක් උස්සගෙන යන්න පුලුවන්ද කියලා මටනම් ප්‍රස්ණයක්.
Samathasena A . Aluthgamage.Wednesday, 15 August 2018 09:17 AM
සුමිත් මහතාණෙනි, විදෙස් මාධ්‍ය විචාරයේදී සහ විනිශ්චයේදී මේ හා සම්බන්ධ දේ මා දන්නවා. විශාල බරක් උසුලාගෙන පියාසර කළහැකි මේ සතුන්ට ඒ සඳහා ඔවුන්ගේ විශේෂ උපක්‍රම තියෙනවා. ලොව උස්කඳු මත දිවි ගෙවන එළුවන් විශේෂයක් සිටිනවා. ඔවුන් හඳුන්වන්නේ "රොක් ගෝට්ස් " යනුවෙනුයි. උකුස්සන් මේ එළුවන්ව එකවර ඔසවාගෙන ගොස් ගල් තලාවල් වලට අතහරිනවා. පසුව මියගිය එළුවන්ගේ මස් ඔවුන් අනුභව කරනවා. ඔබතුමාට එවැනි සිද්ධිවල වීඩියෝ දර්ශන අන්තර්ජාලයේදීද නැරඹිය හැකියි.
NUWANWednesday, 15 August 2018 09:54 AM
ඔයා අහල තියෙනවද අන්තර්ජාලය කියල එකක්? එ්කෙන් බලන්න පුළුවන් ලෝකේ දැනට ඉන්න සහ වඳවී ගිය විශාල පක්ෂීන් ගැන සහ එම සතුන්ගේ හැකියාවන්. ළිං ගෙම්බන් වගේ ජීවත් නොවී ලෝකේ දිහාත් බලන්න.
ඉන්දි Wednesday, 15 August 2018 07:02 AM
කුරුල්ලාට කරදරයක් නොකර අල්ලා ගත් එක ලොකු දෙයක්. තිරිසන් සතුන්ට හොද නරක තේරෙන්නේ නෑනේ..
Ananda Wednesday, 15 August 2018 07:34 AM
මෙය අතිශයින්ම භයානක පූර්වාදර්ශයකි. මෙවැනි සතුන් දුටු තැන විනාශ කල යුතුය. මුන් කැලයට ගොස් දැමුවද පියාඹාගන නැවත පැමිණිය හැක. අපගේ වෘක්ෂලතා හා සත්ව ආඥා පනත කාලීනව වෙනස් කළ යුතුය එසේ කල නොහැකිනම් ලංකාව අලින්ට,කොටින්ට,කිඹුලන්ට,දිවියන්ට හා නාගරීක ප්‍රදේශ අයාලේ යන බල්ලන්ට,හරකුන්ට භාරදී පුරවැසියන්ව ආපසු ඉන්දියාවේ-බංගලි දේශයේ ලාට රටට ආපසු යැවියයුතුය. මෙරටට ගිය කල!!
praveenWednesday, 15 August 2018 08:52 AM
ඔන්න කිව්වා මෝඩ කතාවක්... එහෙනම් ඔක්කොටම කලින් මිනිසුන්ව විනාශ කල යුතුයි.
nuwanWednesday, 15 August 2018 09:31 AM
ඔයාට ඕනේ නම් ආපු රටකට යන්න. අපිට වෙන රටක් නැහැ කොහෙවත් අපේ ශ්‍රී ලංකා දීපය හැර.... බහුතර නූගත් කට්ටිය තවම විජය කියලා පල් හොරෙක් පස්සේ යනවා. ඒ අය දන්නේ නැහැ විජය එනකොට ලංකාවේ රෙදි ඇඳපු මිනිස්සු හිටිය කියලා. කරුමේ තමයි!
SAMANWednesday, 15 August 2018 09:52 AM
සාක්ෂරතාවය අතින් ලංකාව ඉදිරියෙන් හිටියත් තවමත් නූගත්කම උපරිමයෙන් සමහරුන්ට තියෙනවා.
BamunuarachchiWednesday, 15 August 2018 10:46 AM
ඒ උකුස්සාට ලමෙයෙක් උස්සගෙ යන්න පුළුවන් කමක් නැත. එහෙම දෙයක් මේ ලංකාවේ වෙලා නැත. මේකතාව විස්වාස කර මෙවැනිසතුන් දුටුතැන විනාස කල යුතු බව කියන්න තරම් මේ මිනිසුන් මෝඩද? ලම්බෝගිනි විස්වාස කර ආණ්ඩු පෙරලුවේ මෙවැනි මිනිස්සුය. මෙවන් මිනිසුන් අතරේ ජීවත් වීම අති භයානකය
PRABATH Wednesday, 15 August 2018 09:45 AM
වන ජීවී නිලධාරීන් නිදිද?
laksman Wednesday, 15 August 2018 12:16 PM
බමුණුආරච්චි පටාචාරා කථාවඅහල නැද්ද. එහිදිත් ළදරුවෙකු ගෙනගියේ උකුසසෙක්. එහෙම දෙයක් ලංකාවේ වෙලා නැතත් වෙන්න බැරිද.?
Sampath Wednesday, 15 August 2018 02:17 PM
මෙය ඉතා භයානක ආරංචියක්.. මේ සතාව සත්වෝද්‍යානයට බාරදෙන්න. මොනම හේතුවකටවත් ආයේ යවන්න එපා. පොඩි ළමයෙක් අඩි 4ක්, 5ක් ගිහින් අත්ඇරියත් ඉවරයි.
Bamunuarachchi Wednesday, 15 August 2018 05:33 PM
ලක්ෂ්මන් මේ උකුස්සව මිනිසුන් අල්ලලා වනජීවියට බාර දුන්න බවත් ඇල්ලු පසු සතාගේ චායාරූපයකුත් පත්‍රයක පලවී තිබුනා එය දුටුවේ නැද්ද?
sanath Thursday, 16 August 2018 01:03 PM
මොවුන් විනාශ කිරීමට නීතියෙන් බාධාවක් ඇති නම් නීති වෙනස් කලයුතුයි.
Bamunuarachchi Thursday, 16 August 2018 10:59 PM
උස්සන් යයි කියලා බයටද? අනේද කියන්නේ.