IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


දැරියක අපයෝජනය කළ 6 ක් අත්අඩංගුවට : තවත් 4ක් සොයා පරීක්ෂණ

(දිලීප් ජයසේකර සහ  කේ.පී.සුමනදාස)

සෙවනගල මයුරගම ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි දැරියක තරුණයින් දස දෙනෙකු විසින් අවස්ථා කිහිපයකදි අතවරයට ලක් කිරීමේ පැමිණිල්ලක් සම්බන්ධයෙන් සෙවනගල පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
 
මෙලෙස අතවරයට පත්ව ඇත්තේ සෙවනගල මයුරගම පදිංචි 15 හැවිරිදි දැරියකි.මේ හේතුව නිසාම දැරිය සිය පාසැල් ගමනද නතර කර දමා තිබේ.
 
මෙම දැරියගේ පෙම්වතා බව කියන තරුණයෙකු මෙම දැරිය අවස්ථා කිහිපයකදිම ඇඹිළිපිටිය ප්‍රදේශයේ ලැගුම් හලකට රැගෙන ගොස් අපයෝජනයට ලක් කර පසුව ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකුටද පෙම්වතා විසින් මෙම දැරිය හදුන්වා දි තිබේ.

ඒ අනුව පෙම්වතාගේ මිතුරන් පස් දෙනෙකු විසින් මෙම දැරිය රවටා පසුගිය දිනක සෙවනගල ඉදිකොලපැලැස්ස පාළු නිවසකට රැගෙන ගොස් අතවරයට ලක් කර තිබේ.
 
ඉන් පසු තවත් තරුණයන් සිව් දෙනෙකුද ඊයේ (19) පෙරවරුවේ  මෙම දැරිය රවටා ත්‍රි රෝද රථයකින් රැගෙන ගොස් අපයොජනයට ලක් කර තිබේ.
 
දැරිය ඊයේ (19) තරුණයින් සිව් දෙනෙකු සමග ත්‍රි රෝද රථයකින් යනු ඇයගේ ඥාතියෙකු දැක ඒ බව දැරියගේ මවට පවසා තිබේ.ඒ අනුව මව දැරියගෙන් සිදු කල විමසීමකදී දැරිය මවට සියළු විස්තර පවසා තිබේ.පසුව මව  දැරිය සමග සෙවනගල පොලිසියට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ.
 
ඒ අනුව සිදුකල විමර්ෂණ වලදී  දැරිය විසින් ලබා දි ඇති තොරතුරු වලට අනුව සෙවනගල ප්‍රදේශයේම පදිංචි තරුණයින් 06 දෙනෙකු සෙවනගල පොලිසිය විසින් 19 දින සවස අත්අඩංගුවට ගෙන තිබේ.
 
අත්අඩංගුවට පත් තරුණයන් 06 දෙනා ඇඹිළිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර සිද්ධියට සම්බන්ධ බව කියන දැරියගේ පෙම්වතා ඇතුළු තරුණයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීම සදහා සෙවනගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.



අදහස් (2)

දැරියක අපයෝජනය කළ 6 ක් අත්අඩංගුවට : තවත් 4ක් සොයා පරීක්ෂණ

Samitha Senaka Aluthgamage. Wednesday, 20 May 2020 09:44 AM

මේ තිරිසනුන්ට දඬුවම් දිය යුතුයි. පෙම්වතාට තරුණිය විවාහ කරදීමට හැකි නම් ඔහුට යස පාඩමකි. අනෙක් එවුන්ටද දැඩි දඬුවම් දිය යුතුය.

:       0       25

Ruhunu Wednesday, 20 May 2020 10:33 AM

ඇයි මේ දැරිය මෙච්චර දේවල් වසන් කරගෙන හිටියේ..?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 247 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 61 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 587 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 627 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1073 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 998 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site