IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


දීර්ඝ කාලීන සාමයට බාධා කරන ආණ්ඩුවේ පිරිස්වලට ඉඩ දෙන්න එපා

(හර්ෂණ තුෂාර සිල්වා)

දීර්ඝ කාලීන සාමයක් උදා කරගැනීමට සහ වාර්ගික අර්බුදයට විසඳුමක් දීම සඳහා කරගෙන යන ක්‍රියාවලිය අනෙක් අතට හැරවීමට උත්සාහ කරන ආණ්ඩුව තුළ සිටින ඇතැම් කොටස්වලට ඉඩ නොදීමට ශ්‍රී ලංකා රජය හා ජනතාව කටයුතු කළ යුතු යැයි මානව හිමිකම් සහ ත්‍රස්තවාදය පිටු දැකීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත බෙන් එමර්සන් මහතා අද (14) ප්‍රකාශ කළේය. 

වසර 26ක් මුළුල්ලේ පැවැති යුද්ධය සමයේදී සහ ඉන් පසු කාලයේදී සිදු වූ දරුණු මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය මෙතෙක් කිසිවක් කර නැතැයි ද එමර්සන් මහතා එහිදි කීය.

ශ්‍රී ලංකා රජයේ ආරාධනාව මහතා පස්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි බෙන් එමර්සන් මහතා එම සංචාරය අවසන් කරමින් කොළඹ තුන්මුල්ල එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම අදහස් පළ කළේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ලබා දුන් වසර දෙකක දිගුවෙන් මාස හතරක් ගෙවී ගොස් තිබුණ ද කවුන්සිලය හමුවේ ඉටු කිරීමට පොරොන්දු වූ ප්‍රධාන අරමුණු ළඟා කරගැනීමේදී ශ්‍රී ලංකාවේ ප්‍රගතිය ඉතාමත් පහළ මට්ටමක පවතින බවත් ඇතැම් අවස්ථාවලදී එම ඉලක්කවලට ගමන් කරන බවක් හෝ නොපෙනෙන බව ද හෙතෙම කීය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම තීරණය වන්නේ අදාළ වසර දෙකක කාලසීමාව අවසානයේදී බව පැවැසූ බෙන් එමර්සන් මහතා සත්‍ය ප්‍රගතියක් අත්පත් කරගැනීම සඳහා ශ්‍රී ලංකාව තුළ සංක්‍රාන්ති යුක්තියක් ස්ථාපිත කිරීම සඳහා කිසිදු පියවරක් ගෙන නැතැයි ද කීය. 

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ගෙන ඒමට යන ත්‍රස්ත විරෝධී යෝජනා සම්බන්ධයෙන් අමාත්‍යවරුන්ගේ, පාර්ලිමේන්තුවේ සහ මහජන උපදෙස් ලබා නොගැනීම කනගාටුවට කරුණක් බව ද ඔහු කීවේය. 

(ඡායාරූප-ශාන්ත රත්නායක)



අදහස් (27)

දීර්ඝ කාලීන සාමයට බාධා කරන ආණ්ඩුවේ පිරිස්වලට ඉඩ දෙන්න එපා

narada Friday, 14 July 2017 02:11 PM

ඕක ට්‍රම්ප් මහත්තයට කියලා බලන්න.. මොකද වෙන්නේ කියලා?

:       119       1245

ගිහාන් Friday, 14 July 2017 03:35 PM

මේ වගේ අයට තමුන්ගේ වැඩක් බලාගෙන ඉන්න කියලා කියන්න කෙනෙක් නෑ නේ...

:       323       657

පිටිගල මිලානෝ Friday, 14 July 2017 04:14 PM

මෙතුමා අදහස් කරන සාමය නම් සිංහල බෞද්ධයාට අයිති මුල්තැන නැති ලංකාවක්. අත යටින් සන්තෝසම් ලැබෙනකොට කවුරුත් මෙහෙම යෝජනා ගෙනාවා. ඉතාලිය අයිති ඉතාලි කාරයොන්ට, ප්‍රංශය අයිති ප්‍රංශ ජාතිකයන්ට, ස්විට්සර්ලන්තය අයිති ස්විස් ජාතිකයන්ට නමුත් මේ හෙළදිව සිංහල බෞද්ධයාගේ කිව්වොත් ජාතිවාදිලු.

:       2266       2510

C.K.lankaputhraFriday, 14 July 2017 11:43 PM

ශ්‍රී ලංකාව අයිති ශ්‍රී ලාංකිකයන්ට. ශ්‍රී ලාංකිකයෝ කියන්නේ මේ රටේ ජීවත් වන මේ රටේ පුරවැසි කම හිමි මිනිසුන්ට.

:       521       406

පිටිගල මිලානෝ Sunday, 16 July 2017 01:51 AM

ඉතාලි සහ ස්විට්සර්ලන්ත පාස්පෝර්ට් හිමි මම ඔබ කියන දේ ඒ අයට තේරුම් කරන්න ගියොත් මටත් ඒ රටවල් අයිතියි කියලා මගේ පාස්පෝර්ට් දෙකම ආපහු ගනියි. අපේ සිංහල බෞද්ධයන්ගේ ලංකාවේ විතරයි හැමකෙනාම අයිතිය කියාගෙන එන්නේ.

:       2       44

siri Friday, 14 July 2017 09:11 PM

නිවටකම දැක්කහම හැම කෙනාම එන්නේ ඔලුවට අත හෝදන්න තමයි.

:       74       257

Shanaka Saturday, 15 July 2017 02:23 AM

මේවාට එහෙයි කියන අය තමයි අපේ රටේ ඉන්නේ...

:       106       214

krishantha Saturday, 15 July 2017 03:48 AM

රට පාලනය කරන්න මෙයාලටම දෙන්න.... කතාව ඉවරයිනේ....

:       59       75

suranga Saturday, 15 July 2017 04:29 AM

සංහිඳියාවට කඩේ යන කවුරුත් මේවා දකින්නේ නැති එක ලොකු ප්‍රශ්නයක්. ඇත්තටම අපේ රටේ සහ රජයේ වුවමනාවකට දැනට රටේ වෙන දේවල් නොවන බවට මේක හොඳම උදාහරණයක්. මේක අධිරජවාදී කුමන්ත්‍රණයක් නොවන්නේ කෙසේද? "යුද වැරදි සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණු ආරක්ෂක අංශ සාමාජිකයන් සම්බන්ධයෙන් පියවර ගැනීමත් මන්දගාමීවයි සිදුවන්නේ" මේකත් එතුමාගේම ප්‍රකාශයක්.

:       305       501

nihal Saturday, 15 July 2017 04:29 AM

පිටිගල මිලානො.. ශ්‍රී ලංකාව අයිති ශ්‍රී ලාංකිකයන්ට..

:       405       354

jeeva Saturday, 15 July 2017 05:30 AM

බෙන් එමෙර්සෝන්... තමන්ගේ වැඩක් බලාගත්තොත් බොහොම හොඳයි නේද? අනුන්ගේ දේවල්වලට කතා නොකර...

:       56       267

ramani Saturday, 15 July 2017 06:09 AM

මෙන්න අපේ අලුත් අගමැති...

:       29       79

සෙනෙවි Saturday, 15 July 2017 06:24 AM

අනේ... කොහෙද යන කෙනෙක් වගේනේ වැඩකරන්නේ...

:       0       33

කුමාර Saturday, 15 July 2017 06:29 AM

මෙතුමා කියන්නෙ අගමැතිතුමාව ඉවත් කරන්න කියලා නේද?

:       48       123

සෙනෙවි Saturday, 15 July 2017 06:48 AM

මේ හදන්නේ ආණ්ඩුව පෙරලන්න තමයි.

:       1       37

බණ්ඩාර (කැකිරාව) Saturday, 15 July 2017 07:42 AM

මේ වගේ අය ඇවිත් අපේ රටේ ගිනි අවුලනවා. යහපාලන සංහිඳියාකරුවන් ගින්නට පිදුරු දානවා. මෙම අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණය පරදවමු. විජේදාස ඇමති තුමා වගේ කොන්ද කෙලින් තියෙන මිනිස්සු යහපාලන ආණ්ඩුවේ හිටියනම් අපි ජිවත් වෙන්න ඕන සුන්දෝ කියන විදිහට නොවෙන බව සුද්දන්ට කියල දෙන්න තිබුනා...

:       218       384

Wasantha Saturday, 15 July 2017 10:02 AM

යුරෝපේ ඒවා කතානොකර හිටියානම් ඉවරනේ..

:       0       1

himal Saturday, 15 July 2017 12:23 PM

ඇයි මේ මාධ්‍ය සාකච්ඡාවේදි මෙයාගෙන් වීරයොවගේ ගිහිල්ලා ප්‍රශ්න කළේ නැත්තේ?ලංකාවේ ගැලරිය පිනවන්න වහසිබස් දොඩන අයට ගිහිල්ලා කට වැහෙන්නම කියලා එන්න තිබ්බනේ.

:       45       163

sarath Saturday, 15 July 2017 01:30 PM

ත්‍රස්ත විරෝධී පනතක් වගේම මේ වගේ අයට විරෝධීව පනතක් සම්මත කරගන්න ඕනේ. ඔලුවට අත හෝදන්න එන..., තම තමන්ගේ සැලසුම්වලට අහිංසක මිනිසුන් ගැන නොබලන අයට විජේදාස රාජපක්ෂ මහත්තයා වගේම උත්තර දෙන්න ඕනේ...

:       75       118

Kithsiri Saturday, 15 July 2017 01:34 PM

ලංකාවේ ජනවාර්ගික අර්බුදයක් නැති බව මේ මහත්තයට කියන්න.

:       14       160

lusena Saturday, 15 July 2017 03:14 PM

ඇත්තටම අද ලංකාවේ දෙමළ ජනයාට නැති සිංහල ජනයාට විතරක් තියෙන අයිතිවාසිකම් මොනවාද? එදා යුද්ධය පවතින විට රටේ ඕනෑම තැනකට දෙමළ ජනතාවට පදිංචියට අවකාශ තිබුණා. නමුත් සිංහල වූ පමණින් උතුරට යන්න අපිට අවසර තිබුණද ඒ දවස්වල?

:       0       8

සමන්ත Saturday, 15 July 2017 06:42 PM

මෙතන මේ ලොකු කතානේ... රටට වෙලා තියෙන දේ ගැන දන්නේ නැති කට්ටියක් විතරයි. දැක්ක නේද කටාර් වලට සම්බාධක දාලා වුන දේ? ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න දැනගන්න ඕනේ....

:       1       1

sam Saturday, 15 July 2017 10:22 PM

මේකේ තියෙන ප්‍රතිචාර දැක්කාම අපේ අයගේ මතකයේ තරම හිතා ගන්න පුළුවන්. යුද්ධය අවසානයේ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්තුමා ලංකාවේ සංචාරය කරලා අවසානයේ කරපු කතාව කාටත් අමතක වෙලා නේද? යුද්ධයේදී මානව හිමිකම් කඩවීම පිලිබඳව සොයා බලා වැරදි කරුවන්ට දඬුවම් ලබා දීමට පොරොන්දු වූ බවත් 13 වන සංශෝධනයෙන් එහා ගිය බලතල පළාත් සභා වලට ලබා දෙන්න පොරොන්දු වූ බවත්, ඒ පිළිබඳව (හිටපු) ජනපතිතුමන්ට ස්තුතිවන්ත වෙන බවත් එතුමා කිව්වා නේද? දැන් වසර කීයක් ගතවෙලාද ඒ පොරොන්දු එකල රජය හෝ වර්තමාන රජය ඉෂ්ඨ කලාද? ඉහත අදහස් දැක්වූ බොහෝ දෙනෙක් මේ කියන බෙන් ඉමර්සන් මහතා ගැන අවඥාවෙන් කතා කලාට ඔහුගේ අදහස් හෝ තීරණ ජාත්‍යන්තර මට්ටමේදී අපේ ජනපති හෝ අගමැතිතුමන්ලාගේ අදහස් හෝ තීරණ වලට වඩා ඉහළින් පිළිගැනීමට ලක්වෙනවා.

:       246       1

nisha Sunday, 16 July 2017 12:36 AM

අපේ අයගේ කතාවලින්ම පේනවා කියන දේ. ජාතිවාදය, ආගම්වාදය ඉහවහා ගිහිල්ලා....

:       18       0

ධම්ම Sunday, 16 July 2017 03:39 PM

මේ අය කවුරුන්ද?

:       2       0

dhamneth Sunday, 16 July 2017 04:17 PM

එදා එක්සත්ජාතීන්ගේ මහ ලේකම්තුමාට හිටපු ජනාධිපතිතුමා දුන් පොරොන්දුව එතුමාගේ පොරොන්දුවක්... ඒක රටේ අදහස හෝ මතය නොවේ. හදිසියේම මහලේකම්තුමා. පැමිණිය අනික දැන් ඊස්‍රාලයට දීපු නියෝග එකක් වත් ඊස්‍රායලයට ක්‍රියාත්මකද ?

:       0       0

Madushanka C Monday, 17 July 2017 03:45 AM

උස් තැන් දැක හැකිළෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ "නිවටුන්" බව සිතමින්නේ'' අපේ එවුන් ලොකු වන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 77 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 23 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1500 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 310 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1474 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1459 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 223 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1538 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site