IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


දියවැඩියාව වැළැක්වීමට උදව්වන නව වී ප්‍රභේදයක්

නාලක සංජීව දහනායක
 
දියවැඩියා රෝගය වැළැක්වීමට උපකාරී වන නව වී ප‍්‍රභේදයක් හඳුන්වා දීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.


නිරෝගා නමින් හැඳින්වෙන මෙම වී වර්ගයෙන් සකස් කෙරෙන සහල්වල අඩංගු අවම කාබෝහයිඩ්රේට් නිසාවෙන් රුධිරයේ අඩංගු සීනි ප‍්‍රමාණය අවම කර ගැනීමට හැකිවේ.


දියවැඩියා රෝගය සමස්ත ලෝකයටම බරපතල තර්ජනයක් වී ඇති අතර අප රටේ සෑම පුද්ගලයන් සිව් දෙනෙකුගෙන්ම එක් අයකු දියවැඩියා රෝගයෙන් පෙළෙති. එබැවින් මෙම වී වර්ගය ව්‍යාපාරික මට්ටමින් වගාකර එම සහල් විදේශ රටවලට පවා අපනයන කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය. 


අම්බලන්තොට වී පර්යේෂණායතනය විසින් මෙම වී වර්ගය සම්බන්ධයෙන් පර්යේෂණ පවත්වා ඇත.



අදහස් (10)

දියවැඩියාව වැළැක්වීමට උදව්වන නව වී ප්‍රභේදයක්

ajith Monday, 23 July 2018 09:41 AM

දියවැඩියාව අඩුවන්න නම් බත් සහ පිටි අඩුවෙන් කන්න ඕනෑ... එමෙන්ම ව්‍යායාම අවශ්‍යයි. කොයි වී වර්ගයත් වැඩි වෙනසක් නැහැ. ඕවා බොරු කතා.

:       41       94

RaveendraMonday, 23 July 2018 10:22 AM

අජිත් මයා වෙත, ඔබගේ අදහස් සමග අපද එකග වන්නෙමු. නමුත් එසේ වී වර්ගයක් සොයාගෙන තිබේනම් අප ඒ පිළිබදව අදාළ නිලදරුවන්ට අපගේ සතුට අවංකව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු. තවද අපට එකහෙලා බොරුවක් යයි කීමට ඇති සාධක මොනවාද? ඔබගේ ඒ පිළිබදව ඇති දැනුම් සම්බහාරය කුමක්ද? මොන පදනමක් යටතේ ඔබ මෙය මෝඩ කතාවක් ලෙස පවසන්නද? අප හිතනවා එවැනි ප්‍රකාශයක් කිරීම එතරම් යෝග්‍ය නොවන බව. කෙසේ වෙතත් අප නැවත මෙය සොයාගත් සැමටම සුබ පතනවා! අපගේ මම අදහස් වලින් ඔබට යම්කිසි අපහසුතාවයක් ඇතිවුනි නම් අප කණගාටු වන්නෙමු.

:       0       18

MalithTuesday, 24 July 2018 04:29 AM

ඔබතුමා නව සොයා ගැනීම් පිලිබදව අවබෝදය අඩු බව පෙනේ... මෙය GI අගය අවම මට්ටමක පවතින වී ප්‍රබෙද්යකි. මෙම වර්ගය At 311 ලෙස නම් කර ඇත.. රතු බාස්මති ප්‍රබේදයකි... ලංකාවේ ප්‍රථමයෙන් බිහිකල රතු බාස්මති ප්‍රබේදයකි. මෙහි විශේෂ ගුණයක් වනේ. අනික් සහල් වලට සාපේක්ෂව ශරීරයේ සිනි මට්ටම වැඩි නොකට පලිත්ව පවත්වා ගැනීම.

:       0       1

isurandi Monday, 23 July 2018 10:52 AM

අපේ පැරැන්නන් තුන්වේලටම බත් කෑවේ ඇඟපත හොල්ලල වැඩ කරන නිසා. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ ඒ ඇත්තන්ට. දැන් ඉන්න අය තුන්වේලටම බත් ගිලලත් රටේ නැති ලෙඩ. මොකද ඇඟක් පතක් හොලවන්න කැමති නැහැනේ.

:       13       39

adiriTuesday, 24 July 2018 03:54 AM

හාල් වල විෂ නිසා

:       0       0

Somipala Monday, 23 July 2018 01:32 PM

මම නම් කන්නේ සම්බා විතරයි.

:       1       1

sameera Monday, 23 July 2018 02:30 PM

වී වර්ග කීපයක් තියනවා පුදුම විදිහට සීනි ප්‍රමාණය අඩුවෙන.... අත්දැකීමෙන් කියන්නේ. මේවා බොරු නොවෙයි.

:       33       2

සතයපාල Monday, 23 July 2018 02:54 PM

සහල් වල අඩංගු ප්රධාන සංඝටකය තමයි කාබෝහයිඩ්රේට් හෙවත් පිෂ්ඨය ඊට අමතරව තන්තු ප්රෝටින හා විටමින් වර්ග ඉතා සුළු ප්රමාණ වලින් තියනවා.මේ පිෂ්ඨය ආහාරයට ගත්විට එය ශරිරයේදී ජීරණය වී ග්ලුකෝස් බවට පත්වෙනවා. රුධිරයේ ග්ලුකෝස් ප්‍රමාණය ඉහළයාම පාලනය කල නොහැකි වූ විට එය දියවැඩියාව ලෙස හඳුන්වනවා. අද ලෝකයේ ජාන තාක්ෂණය ඉතාම දියණුයි. එමගින් ආහාරවල ගුණාත්මක හා ප්‍රමාණාත්මක වෙනස්කම් කළ හැකියි. ඒ නිසා එමගින් සහල් වල පිෂ්ඨය ප්‍රමාණය අඩුකර තන්තු හා ප්‍රෝටීන ප්‍රමාණය වැඩි කිරීම මගින් දියවැඩියා රෝගීන් සඳහා සුදුසු සහල් වර්ගයක් පහසුවෙන් නිෂ්පාදනය කළ හැකිවන අතර අජිත් මහතා ඕවා බොරු කතා යයි පැවසුවේ කුමණ පදනමකින්දැයි නොවැටහේ...

:       0       3

nalu Monday, 23 July 2018 04:10 PM

මොකක් කෑවත් සීමාවක් ඇතිව අනුභව කරන ප්‍රමාණය පාලනය කලොත් මැනවි. දවසකට අඩුම වශයෙන් සැතපුමක් වේගයෙන් ඇව්දොත්, සතියකට බිත්තර තුනක් කෑවොත්, ශරීර ගත සිනි අඩුවෙනවා, සහතිකයි.

:       0       14

Vilbert Tuesday, 24 July 2018 01:28 AM

අනේ මේවා මොන කතාද? මේ තත්වය යටතේ සමහර සහල් දියවැඩියාවට ගුණයි කියන එක විද්‍යාත්මකව පදනම් රහිතයි. මුන් අැට, පරිප්පු වගේ අාහර වල ප්‍රෝටීන් 40% ඇති අතර කාබෝහයිඩ්‍රේට් ඇත්තේ අඩු ප්‍රමාණයක්. එබැවින් එවැනි අහර දියවැඩියාවට ඉතා හිතකරයි. නිවුඩු සහල් වලත් එතරම් දියවැඩියාවට ගුණයක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 2202 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 1153 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 894 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 393 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 693 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 617 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site