IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


දෙමළ භාෂා සේවක හිඟයෙන් උතුර-නැ‘හිර අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටළු රැසක්

(අජිත්ලාල් ශාන්තඋදය)


අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය ආයතන ශාඛාවේ ඒකාබද්ධ සේවා නොවන ශාඛාවේ දෙමළ භාෂාව දන්නා සේවකයන්ගේ උග‍්‍ර හිඟය හේතුවෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ, ගුරු විද්‍යා, ජාතික පාසල්, ගුරු මධ්‍යස්ථාන සහ පළාත් පාසල් වල සේවය කරන අනධ්‍යයන කාර්ය මණ්ඩල ගැටලූවලට විසඳුම් නොලැබෙන බව අධ්‍යාපන අනධ්‍යයන සේවා වෘත්තිකයන්ගේ ඒකාබද්ධ සංගමය කියයි.


එම සංගමයේ ලේකම් ඒ.කේ.ඩබ්. විජේසේකර මහතා මාධ්‍ය දැනුවත් කරමින් පැවසුමේ මේ හේතුවෙන් දෙමළ මාධ්‍යයෙන් කටයුතු කරන තම සාමාජිකයන්ට විශාල අසාධාරණයක් සිදුව ඇති බවයි.


අධ්‍යාපන දෙපාර්තමේන්තුව යටතේ  ප‍්‍රාථමික මට්ටමට අයත් කනිෂ්ඨ සේවකයන් සහ ද්විතීක මට්ටමට අයත් නිලධාරීන් 15000ක් පමණ දිවයින පුරා පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ, ගුරු විද්‍යාල, ජාතික පාසල්, ගුරු මධ්‍යස්ථාන සහ පළාත් පාසල් වල සේවය කරන බවයි.


සනීපාරක්‍ෂක කම්කරු, පාසල් කම්කරු, මුරකරු, රසායනාගාර සේවක, පුස්තකාල සේවක යන තනතුරු ප‍්‍රාථමික මට්ටමේ සේවක ගණයට අයත්ය. රසායනාගාර සහකාර, ශිෂ්‍ය නිවාස අධිකාරී, සහකාර ශිෂ්‍ය නිවාස අධිකාරී, ලේඛන සහකාර, දත්ත සටහන්කරු, ශ‍්‍රව්‍ය දෘෂ්‍ය සහකාර යන තනතුරු ද්විතීක මට්ටමේ නිලධාරී තනතුරුවලට අයත් ය.


මෙම ඝණවලට අයත් අනධ්‍යයන සේවක සේවිකාවන් හාර දහසක් පමණ උතුරු නැගෙනහිර පළාත් දෙකේ සේවය කරන බව අධ්‍යාපන අනධ්‍යයන සේවා වෘත්තිකයන්ගේ ඒකාබද්ධ සංගමයේ ලේකම් ඒ.කේ.ඩබ්. විජේසේකර මහතා අවධාරණය කරයි.


මේ ගැටලූ විසඳීමට අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය ආයතන ශාඛාවේ ඒකාබද්ධ සේවා නොවන ශාඛාවට දෙමළ භාෂාව කතාකළ හැකි සහ ලිවිය හැකි සේවකයින් කඩිනම්ව පත් කරන්නැයි ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ අධ්‍යාපන ඇමතිවරයා ඇතුලූ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද ඒ.කේ.ඩබ්. විජේසේකර මහතා පැවසුවේ ය.



අදහස් (2)

දෙමළ භාෂා සේවක හිඟයෙන් උතුර-නැ‘හිර අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටළු රැසක්

nuwan Tuesday, 18 September 2018 07:23 AM

දැන් එතකොට සිංහල අපේ දරුවන්ට දෙමළ ඉස්කෝලේ දාගෙන උගන්වනවා වගේ දෙමල කට්ටියට සිංහල උගන්වන්නේ නැද්ද??

:       0       2

Menna Tuesday, 18 September 2018 10:24 AM

එක රටකට එක භාෂාවක් හොඳටම ඇති කියලයි මටනම් හිතෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 92 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 276 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 55 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 495 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 1408 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 3573 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site