(අජන්ත කුමාර අගලකඩ)
දුමිරිය සේවක වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විශේෂ කැබිනට් පත්‍රිකාවක් හේතුවෙන් අද (31) පැවැති කැබිනට් රැස්වීමේදී ඇමතිවරුන් වන ආචාර්ය සරත් අමුණුගම,දොස්තර රාජිත සේනාරත්න යන මහත්වරුන් සහ මුදල් ඇමැති මංගල සමරවීර මහතා අතර උණුසුම් මත ගැටුමක් ඇතිවූ බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
දුම්රිය සේවක වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා අචාර්ය සරත් අමුණුගම මහතා විසින් මෙම විශේෂ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබූ අතර මංගල සමරවීර ඇමැතිවරයා ඊට දැඩි විරෝධය පළකිරීම හේතුවෙන් මෙම උණුසුම් මත ගැටුම ඇතිවූ බව එම ආරංචි මාර්ග වලින් පැවසේ .
සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාද අමුණුගම ඇමැතිවරයාගේ අදහස් අනුමත කරමින් කැබිනට් පත්‍රිකාවට සහය දක්වමින් අදහස් දක්වා ඇතැයි පැවසේ.
දුම්රිය සේවක වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය මීට පෙර සරත් අමුණුගම ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබූ අතර එම කමිටුවේ නිර්දේශ මත මෙම විශේෂ කැබිවට් පත්‍රිකාව අද ඉදිරිපත් කර තිබිණි.
එහිදී අදහස් දක්වා ඇති මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා දුම්රිය සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීම යැයි කියමින් මෙවැනි විශේෂ කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කිරීම හේතුවෙන් අනෙකුත් විකුණුම් වලද ප්‍රශ්න මතු විය හැකි බව පවසා ඇත.
එබැවින් මෙම යෝජනාවට කිසිසේත් එකඟවිය නොහැකි බව මංගල සමරවීර ඇමැතිවරයා ප්‍රකාශ කර ඇති අතර ඊට පිළිතුරු දී ඇති ආචාර්ය සරත් අමුණුගම ඇමැතිවරයා මෙම සාකච්ඡාවලට මුදල් අමාත්‍යාංයේ හා මහා භාණ්ඩාගාරයේ නිලධාරීන්ද සහභාගි වූ බවත් එම කමිටුවලද එකඟ වී දැන් විරුද්ධ විය නොහැකි බවත් පවසා ඇත.
මේ අතර දොස්තර රාජිත සේනාරත්න ඇමැතිවරයාද එම කතාබහට එක්වෙමින් දුම්රිය වෘත්තීය සමිතවලට දැන් පොරොන්දුව කඩ කළ නොහැකි බව පවසා ඇතැයි වාර්තා වේ.
දුම්රිය සේවක වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කැබිනට් පත්‍රිකාවට සහය පළකරමින් අමුණුගම සහ රාජිත සේනාරත්න යන ඇමැතිවරුන් දෙදෙනා දිගින් දිගටම අදහස් දක්වා ඇති අතර තමා ඊට කිසිසේත් එකඟ නොවන බවට මංගල සමරවීර ඇමැතිවරයා දිගින් දිගටම පවසා ඇත.
මංගල සමරවීර ඇමැතිවරයා විරෝධය පළ කළද අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට් රැසවීමේදී අනුමත වී ඇතැයිද රජයේ ආරංචි මාර්ග කියයි.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
දුම්රිය සේවක වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධ කැබිනට් රැස්වීමේදී උණුසුම් මත ගැටුමක්
nasrudin Tuesday, 31 July 2018 05:37 PM
මේ රටේ අහිංසක සේවකයන්ට සොච්චමක් වැඩිකරන්න හදන කොට තමයි මේ අමන දේසපාලකයන්ට එක මතයකට එන්න බැරි. ලක්ෂෙන් බැඳී පියල්ලෙන් වැඩි කර ගන්න කොට තමයි හිරිකිතයක් නැතිවම සහ සුද්දෙන් එක පයින්හිට ගෙන ඔක්කොම මේ රටේ බදු ගෙවන අයගේ සල්ලිවලට වැඩේ දෙන්නේ.
sarath perera Wednesday, 01 August 2018 03:04 AM
කමක් නැහැ වැඩි කරන්න.අනෙක් රජයේ සේවක ව්ෂමතා ඒ ගමන්ම විසදන්න.අපිත් බලාගෙන ඉන්නවා.....
lanka Wednesday, 01 August 2018 07:13 AM
මේ අයගේ වැටුප් වැඩිකරනවා හැර දුම්රිය සේවය නගා සිටුවන්න යෝජනා ඔය ඇමතිලා ලඟ නැතිද?