IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


දුම්රිය මැදිරියක් තුළ කාන්තාවක් දරුවකු බිහි කරයි


 
                                        
ක.ග කරුණාරත්න
 

කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ මීනගයා නගරාන්තර සිඝ්‍රගාමී දුම්රියේ ගමන් ගනිමින් සිටි ගැබිණි මවක අද (7) අලුයම දුම්රිය මැදිරිය තුළදීම දරුවකු බිහි කර ඇතැයි හබරණ පොලිසිය කියයි. 


දුම්රියේ ගමන් ගනිමින් සිටින ගර්භණී කාන්තාවක සිය දරුවා බිහි කිරීමට ආසන්නයේ පවතින බව දුම්රිය නිලධාරීන් විසින් හබරණ පොලිසියට දැනුම්දී තිබේ.


වහාම ක්‍රියාත්මක වු හබරණ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.යූ.ඩබ්ලිව්.ඒ පිටිගල මහතා හබරණ රෝහලට මේ බව දැනුම් දී පවුල් සෞඛ්‍යය නිලධාරිනියක ඇතුළු සෞඛ්‍යය කාර්ය මණ්ඩලයක්ද සමඟ දුම්රිය නවතා තිබූ හබරණ දුම්රිය ස්ථානය වෙත යන අවස්ථාවේ ඒ වනවිටත් එම කාන්තාව දරුවා බිහි කරමින් සිටින බව කියයි.


පසුව පවුල් සෞඛ්‍ය නිලධාරිනිය විසින් දුම්රිය මැදිරිය තුළදීම අවශ්‍ය මූලික සෞඛ්‍යය සේවාවන් ලබාදී මවත් දරුවාත් හබරණ රෝහලට ඇතුළත් කිරීමට පියවරගෙන ඇත. 

 
මේ වනවිට එම මවත් දරුවාත් නිරෝගී සුවයෙන් පසුවන බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.



අදහස් (9)

දුම්රිය මැදිරියක් තුළ කාන්තාවක් දරුවකු බිහි කරයි

sanjeeva Thursday, 07 June 2018 04:59 AM

මේ විදිහට සෑම කටයුත්තක්ම සහයෝගයෙන් හා හොද සම්බන්දතාවයකින් කරනවා නම් කොච්චර ලස්සන ද ? සියලු දෙනාටම ගොඩක් ස්තූතීයි.

:       0       182

ජගත් ලියනගේ Thursday, 07 June 2018 05:26 AM

හරිම සතුටු දායක පුවතක්. දරුවාටත් මවටත් නිරෝගී සුවය පතමු . දුම්රිය කාර්ය මණ්ඩලයට , හබරණ පොලිසියටත් ,සෞඛ්‍ය නිලධාරිනිය ඇතුළු කාර්ය මණ්ඩලයටත් අපගේ ප්‍රණාමය පුදමූ.

:       0       237

faizer Thursday, 07 June 2018 05:56 AM

සියලුම දෙනාට ම මගේ ප්‍රණාමය...

:       0       14

sumith Thursday, 07 June 2018 06:21 AM

පොලිසිය හොද වැඩ කරනවා එහෙනම් නේද , පොලිස් පරීක්ෂක පී.යූ.ඩබ්ලිව්.ඒ පිටිගල මහතාට සුබ පැතුම්.!

:       0       13

Kamal Thursday, 07 June 2018 06:25 AM

වෙලාවට අපේ තෙවරප්පෙරුම ඇමතිතුමා හබරණ පැත්තේ ගිහින් නැත්තෙ.

:       5       11

vipula Thursday, 07 June 2018 06:29 AM

ඔබ සැමට අපගේ ප්‍රණාමය.. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ සේවය කවදත් විශිෂ්ටයි. ඔවුන් ගම් නියම් ගම් සිසාරා සෑම නිවසකටම ගොඩවී සෑම මවකට මෙන්ම දරුවෙකුටම අවැසි උපදෙස් සහ හෙද සහය ලබා දෙනවා. එම ගෞරවය ඔවුනට ලබාදිය යුතුයි.

:       0       22

sathyapala Thursday, 07 June 2018 06:31 AM

අගය කල යුතු කටයුත්තක්. විශේෂයෙන්ම රාජ්‍ය සේවකයන්ට හොද ආදර්ශයක් ආයතන තුනක් එක්වී හදිසි අවස්තාවකදී ක්‍රියා කලයුතු ආකාරය ඉතාමත්ම නිවැරදිව හා බුද්දීමත්ව තීරණය කර වටිනා ජීවත දෙකක් බේරා ගැනීම. මේ කාර්යට සම්බන්ධ අනික් පිරිසගේ නම්ද මෙම පුවතත් සමග පල කළා නම් ඉතා අගනේය.

:       0       28

saman Thursday, 07 June 2018 07:21 AM

කෝච්චියේ ඉපදිච්ච නිසා පොඩි එකා හැමදාම ස්ට්‍රයික් කරාවිද දන්නේ නැහැ.

:       0       3

Raveendra Thursday, 07 June 2018 09:55 AM

ඇත්තෙන්ම හිතට සතුටක් දැනුණු පුවතක්.මේ පුණ්‍ය කර්මයට දායකවූ රජයේ නිලදාරීන් ඇතුළු සියලු දෙනාටම අප අවංකව ස්තුති වන්ත වන්නෙමු.එමෙන්ම මේ මව සහ දරුවාට නිදුක් නිරෝගී වේවා යන්න අපගේ ප්‍රාර්ථනාවයි.!!!!

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 291 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 592 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 718 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 575 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 165 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1759 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 281 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1636 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1516 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site