(ඩයනා උදයංගනී)
යාපනයේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ අංක 4021 දරන නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය ඉකුත් 19 වැනිදා කාර්මික දෝෂයකට ලක් වී දුම්රිය කාර්මික ශිල්පීන්ටද යථා තත්ත්වයට පත් කළ නොහැකිවීමෙන් මගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති අතර එහිදී එම දුම්රියේ ගමන් කළ සිසුවකු ඉදිරිපත් වී එම දෝෂය යථා තත්ත්වයට පත්කිරීමෙන් පසු දුම්රිය යළිත් ධාවනය කිරීමට හැකි වී තිබේ.
මෙලෙස එම දුම්රිය දෝෂය නිවැරදි කර ඇත්තේ මොරටුව ජර්මානු කාර්මික ආයතනයේ අධ්‍යපනය ලබා මේ වනවිට පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් වැඩිදුර අධ්‍යපනය හදාරන ජනිත් දිමන්ත විතානාරච්චි නමැති සිසුවෙකි.
මෙම දුම්රිය එදින පස්වරු 4.27ට අනුරාධපුරයෙන් පිටත්වීමෙන් පසු මහාගල්කඩවල කැළෑබැද ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්ව නැවතී ඇති අතර එහි පැමිණි දුම්රිය කාර්මික ශිල්පීන් ද විනාඩි 45ක් පමණ උත්සාහ කළ ද දෝෂය නිවැරදි කිරීමට නොහැකි වී ඇත.
ඒ හේතුවෙන් මෙම දුම්රිය වෙනත් දුම්රිය එන්ජිමක් මගින් ගල්ගමුව දුම්රිය ස්ථානය දක්වා ගෙන ගොස් එතැන සිට කොළඹ කොටුව දක්වා ගමන් කිරීම සඳහා මගීන්ට ගමන් පහසුකම් සලසන බව දුම්රිය බලධාරීන් මගීන්ට දැනුම් දී ඇත.
විශාල බෑග රැගත් විදේශිකයින් ඇතුළු මගීන් රැසක් මෙම දුම්රියේ සිට ඇති අතර රාත්රියද උදාවෙමින් තිබූ බැවින් ඔවුන් මුහුණ පා ඇත්තේ දැඩි අසීරුතාවකටය.
ඒ අවස්ථාවේ මගීන් අතර සිටි මෙම සිසුවා ඉදිරිපත් වී තමාට දුම්රියේ දෝෂය නිවැරදි කළ හැකි බව දුම්රිය තාක්ෂණ ශිල්පීන්ට පවසා තිබේ.
එම අවස්ථාවේ ඔහුට එම අවස්ථාව ලබා දී ඇති අතර ඔහු ඇතැම් මගීන්ගේ ද සහය ඇතිව විනාඩි 20ක පමණ කාලයකදී දුම්රියේ කාර්මික දෝෂය නිවැරදි කර ඇති අතර ඉන්පසු යළිත් දුම්රිය කොළඹ කොටුව දක්වා ගමන් අරඹා ඇත.
(තොරතුරු හා ඡායාරූප රජයේ දුම්රිය මගීන්ගේ නිල සමූහය ෆේස් බුක් පිටුවෙනි)
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
දුම්රිය කාර්මිකයන්ට බැරිවූ දුම්රිය සරසවි සිසු විනාඩි 20 න් දුවවයි
Raveendra Friday, 28 September 2018 07:11 AM
නියමයි පුතේ මෙන්න දරුවෝ. දියව් දියව් කියා පාරේ කෑගසමින් හැමෝටම කරදරයක් ලෙස හැසිරෙන සියල්ල දත් හැමෝටම හොද ආදර්ශයක්. එමෙන්ම දුම්රිය කාර්මික ශිල්පින් යයි කියන උදවිය පෙදරේරු ශිල්පය ප්‍රගුණ කල අයද කියලත් සැකසංකා මතුවෙනවා. කෙසේ වෙතත් මේ දරුවාට අපගේ සුබ පැතුම් ! තම හිතට එකගව තම රටට සේවයක් කරන්න පුතේ එවන් ලක්වැසියන්ට කිසිදින වරදින්නේ නැත.
සමන් - ඕමානයFriday, 28 September 2018 08:14 AM
විශිෂ්ඨ ක්‍රියාවක් පුතා. ඔබට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. දුම්රිය දෙපාර්තමේන්තුව හෝ එම අමාත්‍යාංශය මොහු වෙත සුදුසු ත්‍යාගයක් පිරිනමා, ඔහුගේ ක්‍රියාව අගය කළ යුතුයි.
vipulaFriday, 28 September 2018 08:34 AM
මෙම දරුවාට එම අවස්ථාව ලබාදීම ගැන අපි දුම්රිය සේවකයන්ට ස්තුති වන්ත වෙන්න ඕනේ. එසේම දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයෙක් විදිහට බඳවා ගන්න පුළුවන් නම් එම නුවණ දිගටම රටට ලැබෙනවා. මෙතන කාටවත් බනින්න අවශ්‍ය නැහැ.
RaveendraFriday, 28 September 2018 09:04 AM
විපුල මයා වෙත, ඔබගේ අදහස්වලට ගරු කරන්නෙමු. අප කිසිවකුට බැනීමක් කර නොමැති බව කීමටද කැමැත්තෙමු. අප පැවැසුවේ අපගේ රටේ යථාර්තයයි. අපගේ අදහස් තවකෙනෙකුට බැනීමක් ලෙස ඔබ විසින් සඳහන් කිරීම පිළිබඳව කණගාටු වන්නෙමු...
රවින් Friday, 28 September 2018 07:39 AM
ෂා !!! වැඩේ නියමයි. මේ වගේ තව කීදෙනෙක් හැංගිලා ඉන්නවද?. දැනුමෙන් අවස්ථානුකූලව වැඩ ගත්තට මේ මල්ලිට වචනයෙන් හරි දිරිය දෙන්න. උත්සව මල්මාලා නොවේ දෙන්න ඕනේ. කොල්ලගේ ටැලන්ට් එකෙන් රටට ප්‍රයෝජනයක් ගන්නේ කොහොමද කියලා හොයලා බලන එක. කොහොමුනත් සැප පුටුවල ඉන්න කීදෙනෙක් මේ වැඩේට අකමැතිද දන්නේ නැහැ. ඔබට ජය මල්ලි.
buddika Friday, 28 September 2018 07:44 AM
අගය කල යුතු දක්ෂයෙක් ,කවුරු හෝ මේ පුවත පත්තෙරෙන් දැකලා වත් වැඩක් උනොත් හොදයි. නැත්නම් කැලේ පිපි පරවෙලා යන තවත් මලක් විතරයි. මේ රටේ මේ ළමයා වගේ වැඩ්ඩන්ට තැනක් නැහැ.
Kumari Friday, 28 September 2018 07:44 AM
නිවැරදි අධ්‍යාපනය තේරුම් ගන්න. සහතික පත්‍ර නොව ප්‍රයෝගික පුහුණුවක වටිනාකම අගයන්න. තම දරුවන්ගේ නම ලොවක් අගයමින් ප්‍රසිද්ධ වෙනකොට ඔවුන්ගේ දෙමව්පියන් කෙතරම් සතුටක් ලබනවා ඇතිද. එයම තමා දරුවන් විසින් තම ළමා කාලයේදී දෙමාපියන්ට දෙන්න පුළුවන් දේ. එදා දුම්රියේ සිටි සැවොම ඔබට ආශීර්වාද කරන්න ඇති. මේපුවත දුටු අපි සැවොම ඔබට ආශීර්වාද කරනවා. මතු දවසක ඔබව අගයන තුරු බලා සිටිනවා. පුතේ නුඹට බුදුසරනයි!
RaveendraFriday, 28 September 2018 08:12 AM
කුමාරි මහත්මිය වෙත, ඇත්තෙන්ම ඔබගේ අදහස් නිවැරදිය. එම වටිනා අදහස් අපද අගය කරන්නෙමු. මේ දරුවාට ජයෙන් ජයම අත්වේවා !! අනෙකුත් දරු දැරියන්ට මොහුව ආදර්ශයක් වේවා !!!
nuwan Friday, 28 September 2018 07:45 AM
සුදුස්සාට සුදුසු තැන දෙනවානම් මෙම තරුණයා හරියන්නේ මේ විෂය භාර ඇමති කමට.
AMARAKOON Friday, 28 September 2018 07:47 AM
මෙවෙනි වීරයන්ට අපේ රටේ තැනක් දෙන්නේ පිටරටක උනානම් ඔහුට නියම සුදුසු තැන.
Jayantha Friday, 28 September 2018 08:04 AM
නියම වැඩක් කොල්ලෝ... අපේ සුබ පැතුම්.!
CHG Friday, 28 September 2018 08:26 AM
මේ ළමයා ඉගෙනගන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක... ඒවගේ ප්‍රමිතියෙන් තොර, මුදලට සහතික දෙන අධ්‍යාපන කඩ වහලදාන්න ඕනේ. නැත්නම් දුම්රිය මගීන්ගේ ජීවිත මින් ඉදිරියට අනතුරේ.
shan saudi Friday, 28 September 2018 08:29 AM
ජනපතිතුමනි, මේ දරුවට දුම්රිය දෙපාර්තමේන්තුවේම ඉංජිනේරුවරයෙක් ලෙස පත් කරන්න ඔහුගේ වැඩිදුර ඉගෙනීමට අතදෙන්න පහසුකම් ලබා දෙන්න. රටේ දරුවන් රටට වැඩදායී අය කරගන්න.
Nandalal DE SILVA - FranceFriday, 28 September 2018 10:33 AM
අපෝ ඒක නම් කොහෙත්ම කරන්න එපා!!! දුම්රිය දෙපාර්තමේන්තුවට මෙයා බඳවා ගත්තොත්, නිතර වර්ජන කරන පින්පඩි ලබන, රටට සේවයක් නොලැබෙන රජයේ සේවකයෙක් වෙනවා. මෙයාගේ වැඩිදුර අධ්‍යාපනය දියුණු කිරීම සඳහා අත හිත දෙන එක ඊට වඩා පින් සිද්ධවෙන වැඩක් වෙනවා. ඔබට මගේ උණුසුම් සුබපැතුම් !!!
sas Friday, 28 September 2018 08:30 AM
අගය කළ යුතු වැඩක්... මෙහි විශේෂත්වය නම් මේ තරුණයා පුද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙන ගැනීමයි. රජයේ විශ්වවිද්‍යාල සිසුන් හිතන්නේ ඔවුන් සියලු දේම දන්නා බවත්, අනිකුත් අය මෝඩයන් බවත්ය. මේ සිද්ධියෙන් ඔවුන් වැරදි බව ඔප්පුවේ...
සනාFriday, 28 September 2018 11:56 AM
ඉංජිනේරුවෙක්ගේ පුතකුවන මෙතුමා ජර්මානු තාක්ෂණ ආයතනයේ ශිෂ්‍යයකු වේ. එය පෞද්ගලික නොවේ. එමනිසා එතුමගේ හැකියාව ගැන ඔබේ ගොන් සහතික අවශ්‍ය නොවේ..
BamunuarachchiSaturday, 29 September 2018 01:51 PM
"මොරටුව ජර්මානු කාර්මික ආයතනයේ අධ්‍යපනය ලබා මේ වනවිට පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් වැඩිදුර අධ්‍යපනය හදාරන ජනිත් දිමන්ත විතානාරච්චි නමැති සිසුවෙකි." සනා මෙහෙමයි කියලා තිබෙන්නේ. ඒ දරුවා මොකටද රජයේ විශ්ව විද්‍යාලවලට ගොස් අවුරුදු ගණන් පාරේ රස්තියාදු වෙන්නේ... ?
Sun Fernando Friday, 28 September 2018 09:14 AM
ලෝකේට පස්ස පෙන්නපු අයට දුන්න ප්‍රසිද්ධිය මේ වගේ ලෝකේට වැදගත් යමක් කරපු දරුවන්ට ලබාදෙන්න.
chapa Friday, 28 September 2018 09:32 AM
පාරක් ගානේ මිනිස්සුන්ට වද දෙන අයට වඩා ඔහුගේ ක්‍රියාව කොයි තරම් වටිනවද?
Janahitha Friday, 28 September 2018 09:51 AM
ලෝකයේ දියුණු රටවල උසස් අධ්‍යාපනය හදාරන සිසුන් තමයි ප්‍රායෝගික පුහුණු කටයුතුවල රජයේ හෝ පුද්ගලික ආයතනවලට යනවා. දක්ෂ අයව ඒ ආයතනවලම තියාගෙන ඒ දැනුමෙන් ප්‍රයෝජන ගන්නවා. අවාසනාවට අපේ රටේ එහෙම නැහැ. හොඳම උදාහරණය අපේ ලක්දරුවෝ ඒ රටවලට හොඳ සේවයක් දෙනවා විතරක් නොවෙයි, හොඳින් කරගෙන යනවා. උදාහරණයක් හැටියට ඇමෙරිකාව පෙන්වන්න පුළුවන්. ඇයි අපේ රටේ ඉන්න නායකයින්ට මේ ගැන උනන්දුවක් නැත්තේ? ඉතාමත්ම කණගාටුයි.
tommy Friday, 28 September 2018 10:00 AM
මෙන්න නියම ලංකා පුත්‍රයෙක්...
Sampath Friday, 28 September 2018 10:15 AM
මගේ සුබපැතුම් පිළිගන්න. උගත් සහ නූගත් අයගේ වෙනස මෙයයි.
upul Friday, 28 September 2018 10:16 AM
අාඩම්බරයට කරුණ නම් ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ ඉගෙනුම ලබා පිටව යන බොහෝ සිසුන් ඉතා දක්ෂ හා මනා විනයකින් යුතුවෙයි. තවද ඔවුන් මහපොළ ශිෂ්‍යත්වය වැඩි කරන ලෙස, රැකියා ලබා දෙන ලෙස රජයට බාධා කරන්නේ නැත. අද වනවිට රැකියා ඔවුන් සොයා පැමිණේ...