IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


දින 100 ගැන සඳුදා කියනවා - ඇමැති හරීන්

හර්ෂණ තුෂාර සිල්වා
 
‘දින 100’ ගැන සඳුඳාට කියන බව විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අරලිය ගහ මන්දිරයේදී අද (1) පැවැසීය.

 
එක්සත් ජාතික පක්ෂයේ නව ජන සන්නිවේදන ඒකකය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඒ බව කීය.
 
මෙහිදි හරීන් ප්‍රනාන්දු මහතා එක්සත් ජාතික පක්ෂයේ නව මාධ්‍ය ඒකකයේ ප්‍රධානියා ලෙසත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රකාශක ලෙසත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් පත්වීම් ලැබීය. 
 
පත්වීම් ලිපිය ලබාදෙමින් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ කීය.
 
“එක්සත් ජාතික පක්ෂයේ ප්‍රකාශක සහ පක්ෂයේ ජන සන්නිවේදන ඒකකයේ ප්‍රධානියා ලෙස හරීන් ප්‍රනාන්දු මහතා පත්කර තිබෙනවා. ඔහු ඊට සුදුසුකම් තිබෙන පුද්ගලයෙක්. ඔහු කළ කැපවීම නිසා අපිට ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කර මැතිවරණය ජයග්‍රහණය කිරීමට ලැබුණා.  පාර්ලිමේන්තු ඡන්දේ දිනලා ආණ්ඩුවක් හදන්න ලැබුණේ හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා නිසයි. ඒ නිසා රටේ මාධ්‍ය සමඟ ජන සන්නිවේදන අංශ සමඟ වැඩ කිරීම අපි ඔහුට පවරා තිබෙනවා. ඒ කටයුතු ඔහු කරගෙන යනවා”. 
 
“අන්තිමට සත්‍යය තමයි ජයගන්නේ” යැයි ද අග්‍රාමාත්‍යවරයා පත්වීම් ලිපිය අමාත්‍යවරයාට ලබාදෙමින් සිනා මුසු මුහුණින් යුතුව පැවැසීය.  
 
මෙහිදි අදහස් දැක්වූ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මෙසේ කීවේය. 
 
  “එක්සත් ජාතික පක්ෂය මාධ්‍යය අංශයේ වෙනසක් කිරීමට අපි සැලසුම් කර තිබුණා. ජනතාවට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රවෘත්ති රැගෙන යෑමේ අඩුපාඩුවක් තිබුණා. අපි සඳුඳට මේ වැඩසටහන ආරම්භ කරනවා. අපේ සන්නිවේදන දුර්වලතා මග හරිමින් අපි නව මාධ්‍යය ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා. ලබන සඳුඳා සිරිකොතෙන් මේක ආරම්භ කරනවා. එක්සත් ජාතික පක්ෂයට සත්‍යය තරමක් යටවෙලා තිබෙනවා කියලා අපි හිතනවා. ඒ නිසා ‘සත්‍යය’ මෙහි තේමාව වී තිබෙනවා. සත්‍යය කීම අපේ වගකීමක්. සත්‍යය ජනතාවට ගෙන යෑම ඔබේ යුතුකමක්. සත්‍යය තේරුම් ගැනීම ජනතාවගේ අයිතියක්. 
 
අපි ඇත්ත කියන්න දැනගන්න ඕනේ. ඇත්ත ජනතාවට ගෙන යන්න ඔබ දැනගන්න ඕනේ. එය ඔබේ යුතුකමක්. ඇත්ත තේරුම් ගැනීම ජනතාව බුද්ධියෙන් කළ යුතු දෙයක්. ඒ නිසා සත්‍යය කියන වැඩසටහනත් එක්ක පරක්කු වෙලා හරි කමක් නෑ අන්තිම අවුරුදු දෙකේදී අපි සත්‍යය සමඟ ඉදිරියට පැමිණෙනවා. 
 
ඡායාරූප ඉෂාන් සංජීව



අදහස් (6)

දින 100 ගැන සඳුදා කියනවා - ඇමැති හරීන්

සතයපාල Friday, 01 June 2018 04:28 PM

දෙගොල්ලම එකතු වෙලා අනාගත්තා කියලා තමයි කියන්න වෙන්නේ.

:       556       909

TD Saturday, 02 June 2018 02:36 AM

එක්සත් ජාතික පක්ෂයේ දෙවන පෙළ නායකයකු වන හරීන්ට පක්ෂයේ මාධ්‍ය වගකීම ලබාදී තිබේ. හරීන්ගේ වගකීම හරීන් හරියට කරාවි යන විස්වාසය මත වෙනත් අය සිටියදීත් නායකතුමා විසින් පක්ෂයේ ප්‍රචාරක කටයුතු හරීන්ට පවරාදි තිබේ. ජන මාධ්‍ය සමග සමීප සබඳතාවක් ගොඩනගා ගැනීමෙන් හරීන්ගේ රාජකාරිය පහසු වනු ඇත. දින 100 ගැන සඳුදා කියනවාට වඩා නොකියා සිටිනවානම් වටිනේය. දින 100 කතාව දැන් පරණ කතාවකි. එම වැඩසටහනට දැන් වසර දෙකකට වඩා ඉක්ම ගොසින් තිබේ. දින 100 වැඩ සටහන පටන් ගැනීමේදී ප්‍රසිද්දියේ එය ඉහලින් අගය කරන්නටත් වසර දෙකකට පසු රටටම ප්‍රසිද්දියේ එය විවේචනය කරන්නටත් සිදුවීම ගැන විවේචනය කල අයම දැන් කණගාටුවනවා ඇත. ලංකාවේ බුද්දිමත් ජනතාව එම විවේචනය කෙසේවත් ගණන් ගන්නේ නැත. එයට හේතුවනම් දින 100 වැඩ සටහන පටන් ගැනීමේදී ප්‍රසිද්දියේ එය ඉහලින්ම අගය කල අයම ඔවුන්ගේම මුවින් මෙය හොඳ නැත කීමට වසර දෙකකට වඩා කල් ගත්තේ මන්ද කියා ජනතාවටත් ප්‍රශ්නයකි . කෙසේ වෙතත් දින 100 වැඩසටහන විවේචනය කිරීම සම්බන්දව එක්සත් ජාතික පක්ෂයේ කව්රුන් හෝ පිළිතුරු නොදී සිටීම හොදම සහ කාලෝචිත පිලිතුරවේ.

:       487       36

Sunil Saturday, 02 June 2018 02:59 AM

නටපු තොවිලෙකුත් නැත. බෙරේ පලුවකුත් නැත.

:       5       81

kalani Saturday, 02 June 2018 05:46 AM

අශ්වයා පැනලා ගියාට පසුව ඉස්තාලයේ දොර අබලන් බව කියලා වැඩක් නැහැ. දැන්වත් මේ රටේ දුක්විඳින දිළින්දන් ගැන සොයා බලන්න.

:       0       47

kamal Saturday, 02 June 2018 09:26 AM

දින 100 ගැන කතාකරල වැඩක් තියෙනවද?

:       0       0

සංකල්ප Saturday, 02 June 2018 02:01 PM

අර 118 දෙනා ගැනත් ඇත්ත දැනගන්න පුලුවන් වෙයිද?

:       0       28

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 216 0

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 106 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 169 0

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මත්පැන් බදු ජූනි 30ට පෙර අයකර ගන්න
2024 අප්‍රේල් මස 25 209 0

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු ක‍රන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා


විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 353 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 799 2

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1688 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site