( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වී මරණ දඩුවම් නියම වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකු එම දඬුවමින් නිදහස් කරන්නැයි ඉල්ලා ගොනු කළ අභියාචනා වැඩිදුර විභාගය හෙට (27) දක්වා කල් තැබීය.
අද ( 26) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම නඩුව කැඳවු අතර එහිදී මෙම වැඩිදුර පෙත්සම් විභාගය හෙටට කල් තැබිණි.
අගවිනිසුරු ප්රියසාත් ඩෙප් , බුවනෙක අළුවිහාරේ , ප්‍රියන්ත ජයවර්ධන නලින් පෙරේරා. සහ විජිත් මළල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් කැදවිණි.
අභියාචන විත්තිකාර දුමින්ද සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා කියා සිටියේ මහාධිකරණයේ පැවති නඩු විභාගයේ සාක්ෂි එකිනෙකට පරස්පර වන බවය.
මෙය සාධාරණ නඩු තීන්දුවක් නෙවන බවද හෙතෙම කීය.
ත්‍රිපුද්ගල මහාධිකරණය විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරැන් ගේ තීන්දුවක් මත තමන්ට මරණීය දණ්ඩනය පැනවීම නීතියට පටහැනි බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සිය අභියාචනයෙන් කියා සිටී.
ඒ හේතුවෙන් එම දඩුවම් අහෝසි කර සියලු චෝදනා වලින් තමන් නිදොස් කොට නිදහස් කරන මෙන් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටී.
(ඡායාරූප -ලහිරු හර්ෂණ)
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
දඬුවම අහෝසිකර නිදහස් කරන්න‘ යි දුමින්දගෙන් අභියාචනයක්
Vajira Monday, 26 March 2018 08:39 AM
තව අවුරුදු දෙකක් ඉවසන්න. ඔයා අධීක්ෂණය කරපු අමාත්‍යාංශයේ පරණ ලේකම්තුමා ජනාධිපති වුනාම කෙලින්ම නිදහස්. ඇමතිකමකුත් ලැබෙයි ඉක්මනටම...
පිටිගල මිලානෝ Monday, 26 March 2018 08:41 AM
2020 ට පොරකන ඔයාට රැකවරණය දුන්න කෙනා ආවොත් නම් ඔයයි, තංගල්ලේ සභාපතියි දෙන්නම නීති හදලා හෝ නොහදා එළියට දායි පැය කීපයක් ඇතුළත.
chandanaMonday, 26 March 2018 10:59 AM
නැහැ පිටිගල, එයා අාවොත් මෙයාගේ ජීවිතය අනතුරේ. ඒක හිරේදීම හෝ එළියට පනින්න සලස්වලා මකලා දාවි...
ලුම්බිණි Monday, 26 March 2018 08:44 AM
දැන් වැඩ සිදුවීගෙන යන විදියට බොහෝ දුරට මෙතුමා අපට යලිත් පාර්ලිමේන්තුවේදී දකින්න පුළුවන් වේවි...
සතයපාල Monday, 26 March 2018 09:06 AM
මොන නීතියටද දන්නේ නැහැ පටහැනියි කිව්වේ. මහා රජ්ජුරුවන්ගේ නීතියට වෙන්න ඇති. හැබැයි දැන් ඒ කැළේ නීතිය වලංගු නැහැ. දැන් ක්‍රියාත්මක වෙන්නේ රෝම ලන්දේසි නීතියයි.. ඒ නීතියට අනුව තමයි නඩුකාරවරු තීන්දුව දීලා තියෙන්නේ...
RNG Monday, 26 March 2018 10:07 AM
රෝම, ලන්දේසි නීතිය මේවට විතරයිද ක්‍රියාත්මක වෙන්න ඕනේ.. එතකොට මහ බැංකු බැඳුම්කර නඩුවට.. ඒවාට ක්‍රියාත්මක වෙන්නේ යමපාලන නීතියනේ.. ඒකනෙ වෙනස...
එර්දි Monday, 26 March 2018 09:20 AM
ලංකාව නීතිගරුක රටක්ද? මිනීමැරුම්, දූෂණ, මංකොල්ල සහ වෙනත් දරුණු අපරාධවලට සම්බන්ධ කළු සල්ලි කාරයින්, දේශපාලකයින් නීතියෙන් දුන් දඬුවම් හෑල්ලුවට ලක්කරමින් නිදහස් වෙන්න හදන්නේ රටේ නීතියක් නැතිකමද? මේ අය නීතියට අභියෝග කරමින් එළියට එන්න හදන්නේ රටට ආදරේටද? ආයෙත් බොඩිගාර්ඩ්ලා පිරිවරාගෙන සමාජය පීඩාවට පත්කරන්නයි. මේ රටේ හැම නීතියක්ම එදා වේල හම්බකරගෙන කන දුප්පතුන්ටයි. අපෙන් ඒ අයට ඕනේ ඡන්දෙ විතරයි.
nimal Monday, 26 March 2018 10:19 AM
අනේ සත්‍යපාල... රෝම, ලන්දේසි නීතිය වෙනයි, අපරාධ නීතිය වෙනයි.
DILITHA Monday, 26 March 2018 10:30 AM
එතකොට තමන්ටම වෙඩි තියාගත්තද?
Rohana Monday, 26 March 2018 10:52 AM
තව වසරක් ඉවසන්න. ඔබ නිදොස්කර නිදහස් කරමි. ඔබට සතුටුද? ඔබට විරුද්ධව තීන්දුව දීපු කෙනා යන දවස වැඩි ඈතක නොවේ.
Kumari Monday, 26 March 2018 11:18 AM
අදහස් කියවලා බැලුවම නිදහස කෙසේවතත් ඔබලා රටට කොඩිවිනයක්...
casmir Tuesday, 27 March 2018 05:36 AM
නිතිය පොඩි මනුස්සයට ක්‍රියාත්මක වෙනවා සල්ලිවලට නැවෙනවා .... මේක ගොඩක් භයානක තත්වයක් මිනිස්සු ගොඩක් නීතිය ගැන කලකිරීමෙන් ඉන්නේ. මේ වගේ තීන්දු වලින් ජාත්‍යන්තර අධිකරණ සාධාරනියකරණය වෙනවා.
shan saudi Wednesday, 28 March 2018 04:48 AM
මෙවන් අයවලුන් නීතියෙන් නිදහස් කරන්නේනම් සුළු වැරදි වලට හිරබත් කන සියලු දෙනාම නිදහස් කල යුතුය.