IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


දිගන සිදුවීමට බුද්ධි අංශද වගකිව යුතුයි - චම්පික රණවක

(මුදිතා දයානන්ද) 
      
බුද්ධි අංශය නිසි අයුරින්  ක‍්‍රියාත්මක වුවානම්  දිගන සිදුවීම පදනම් කරගෙන ඇති වු කලහකාරී තත්වයන් වළක්වාගන්න හොඳටම ඉඩකඩ තිබු බව  ජාතික හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (07) පැවසීය.

      
කලහකාරි ලෙස හැසිරෙන හා ඊට අනුබල දෙන  ඕනෑම අයෙක් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය සැමට සමානව ක‍්‍රියාත්මක වන බව සැමට පේන්නට සළස්වන්නැයිද අමාත්‍යවරයා එහිදී  ඉල්ලා සිටියේය.
      
බත්තරමුල්ලේ පිහිටි ජාතික හෙළ උරුම ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අමාතවරයා මෙම අදහස් දැක්වු අතර වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ
      
දිගන සිදුවිමෙන් සිංහල පුද්ගලයෙක් තුවාල ලබා රෝහල්ගත වුණේ පසුගිය 22 වැනිදායි. එතැනින් පසු දෙවන සිදුවිම ඇති වුණේ දින ගණනාවකට පසුවයි. ඒ කාලය තුළ මෙවැනි සිදුවිමක් ඇතිවිය හැකි බවට යම් යම් ඉගි පළ වී තිබෙනවා. බුද්ධි අංශයක් තිබෙන්නේ මේවා ගැන තොරතුරු රැස්කරගෙන ඉහළට දැනුම් දී අවශ්‍ය පියවරයන් ගැනීමට සහය වීමටයි. නමුත් මේ සිදුවිමේදි බුද්ධි අංශ එලෙස කටුයතු කර නැහැ. ඒක ලොකු දුර්වලකමක්. මෙවැනි සිදුවිම් පාලනය කරන්න පෙර කාලයේ පොලිසිවලට අනුබද්ධව ක්ෂණික විහිදුම් බලකායක් තිබුණා. දැන් ඒවා නැහැ. මෙවැනි සිදුවීම් තවත් ඉදිරියේදිත් ඇති විය හැකි නිසා ක්ෂණික විහිදුම් බලකායක් ඇති කර සෑම පොලිස් ස්ථානයකටම අනුබද්ධ කර පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස  අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා යයිද පැවසීය.



අදහස් (12)

දිගන සිදුවීමට බුද්ධි අංශද වගකිව යුතුයි - චම්පික රණවක

Asanka Wednesday, 07 March 2018 03:02 PM

දැන් ඕවා ඕනේ නැහැ. පොලිසිය භාවනා කරලා දිවැස් ලබාගෙන මේවා කලින් දැනගන්න එක තමයි නවතම වැඩපිළිවල...

:       1       20

jayanaath Wednesday, 07 March 2018 03:16 PM

ඔහේ ජනාධිපති වෙච්චි දාක තමයි ඕවා කරන්න වෙන්නේ...! එහෙම අදහසක් ඔළුවේ තියෙනවනේ..?

:       1       24

Gihan Wednesday, 07 March 2018 03:27 PM

එහෙම එකක් ඉතුරු වෙලා තියෙනවද? හිටපු අය අල්ලලා හිරේ දැම්මනේ...

:       33       697

athuraThursday, 08 March 2018 04:10 AM

ඔබතුමා කියන විදිහට ලංකාවටම හිටියේ ඔය හිරේ දැම්ම කියන කට්ටිය විතරද?

:       326       69

GihanThursday, 08 March 2018 08:41 AM

නිකමට හිතල බලන්න ඔබතුමා වැඩ කරන ආයතනයේ, දක්ෂම ලෙස වැඩ කරන 3,4 දෙනෙක්ට බොරු චෝදනා එල්ල කරල ඉවත් කරා කියලා පෞද්ගලික කෝන්තරයක් පිරි මහ ගන්න. ආයතනයේ අනිත් අය දක්ෂ ලෙස වැඩ කරන්න ගනීද? කාට උනත් හිතෙනව කොච්චර කරත් ඔච්චර තමයි කියල.

:       1       145

chanda Wednesday, 07 March 2018 03:58 PM

අනේ බලන්නකෝ මගේ කලිසමේ කවුද මන්දා ජරා කරලා ගිහින්නේ ..!

:       1       15

Sathyayaa Wednesday, 07 March 2018 09:16 PM

හොඳ වෙලාවට ඔයාට බුද්ධිය පිහිටලා නැති නිසා වගකීමෙන් නිදහස්. ඉස්සා හිසේ මොනවාද තියාගෙන මම සුදනා කිව්වලු. (හැබැයි ජනතාව ඒ බයිලා පිළිගන්නේ නැහැ)

:       0       0

ranga Thursday, 08 March 2018 03:11 AM

ඔබ තුමාලට නම් වගකීමක් ඇත්තේම නැනේ................

:       1       31

Senarath Thursday, 08 March 2018 03:34 AM

කිසිම සොයා බැලීමකින් තොරව , දේශපාලන පලිගැනීම්වලට අවශ්‍ය වටපිටාව සාදා ගැනීමට බුද්ධි අංශ නිලදාරීන් අවුරුදු ගණන් හිරේ දමල , ඔවුන්ගේ මානසිකත්වය සම්පුර්ණයෙන්ම වට්ටවල, අද කියනවා බුද්ධි අංශ නිලදාරීන් වග කියන්න ඕනේ කියල. එතකොට කොළඹ දිස්ත්‍රික්කෙන් චන්න්දේ ඉල්ලපු උස හාදය වගකියන්න ඕනේ නැත්ද ? මේකට වග කියන්න ඕනේ පොලිසිය සහ දේශපාලුවෝ.

:       44       364

amali Thursday, 08 March 2018 03:34 AM

බුද්ධි අංශ හිරේ දැම්මේ අපිද.

:       12       182

සෙනෙවි Thursday, 08 March 2018 05:19 AM

ඇයි අර දිග හින්දෑරි නැෂනල් අඳින හාදයා වග කියන්න ඕන නැද්ද ?

:       1       202

siri Thursday, 08 March 2018 09:51 AM

චම්පික මහත්තයෝ, ඔයා මැරිලා ඉපදුනාද? බුද්ධි අංශ මැරුවේ රනිල් නොවේද? 2002 අගමැති කාලේ කරපුවා දැන් අය‍ට අමතක වුණාට ඔබට අමතකද? දැනට කී දෙනෙකුට බලපෑම් තියෙනවද? ඉතින් තවත් ඒ අය ඉල්ලගෙන කයිද?

:       57       186

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 314 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 703 1

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 607 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 888 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 722 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 105 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1683 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site