IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


දිගන සිද්ධිය ගැන පරීක්ෂණයකට ජනපති උපදෙස්

ඩයනා උදයංගනී 
 
මහනුවර, දිගන ප‍්‍රදේශයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අපක්‍ෂපාතී හා ස්වාධීන පරීක්‍ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පොලීසියට සහ ආරක්‍ෂක අංශවලට උපදෙස් ලබාදී තිබේ.

 
එමෙන්ම ප‍්‍රදේශයේ සියලූ දෙනාගේ ආරක්‍ෂාව සහතික කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කරන ලෙස ද ජනාධිපතිවරයා   පොලීසියට සහ යුද හමුදාවට උපදෙස් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
 
 ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන් වැළැක්වීම සඳහා ද සියලූ පාර්ශ්වයන් සමඟ වගකීමෙන් කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා ආරක්‍ෂක අංශ වෙත උපදෙස් ලබාදී ඇති අතර ප‍්‍රදේශයේ සාමය ස්ථාපිත කිරීම වෙනුවෙන් ගත යුතු සියලූ පියවර ගන්නා ලෙස ද උපදෙස් දී තිබේ.



අදහස් (20)

දිගන සිද්ධිය ගැන පරීක්ෂණයකට ජනපති උපදෙස්

Raveendra Monday, 05 March 2018 12:33 PM

හා හා සංහිදියාව කියන ඔටුන්නට හානියක් වෙනවානම් රටට හෙන ගැහුවට කමක් නැහැ නිකන් ඉන්න හොදේ.....

:       4207       3540

සතයපාල Monday, 05 March 2018 12:52 PM

රටේ නීතිය අතට ගෙන රටතුල අනවශය කලකෝලාහල ඇතිකරමින් නීතිය හා සාමය බිද දමමින් ජන වර්ග අතර සංහිදියාව විනාශ කරමින් හා ඔවුන් අතර සැකය අවිශ්වාසය හා වෛරය ඇතිකරමින් කරන මේ ජාතික අපරාධයට වගකිව යුත්තන් සොයා ඔවුන්ට ඉහලම දඩුවම් දීමට කටයුතු කල යුතුයී.

:       44       639

Muhan Monday, 05 March 2018 01:13 PM

පසුගිය කාලේ සිදුවූ දෙයින් පේනවා මෙම සිදුවීම් පසුපස යම් කල්ලියක් ඉන්න බවට සැක කල හැකියි. නිතිය හා සාමය ෆොන්සේකාට දෙන්න . එතුමා මේ ප්‍රශ්න විසදලා දෙයි. රටේ පැතුමත් එයයි.

:       1185       3204

ranjith Monday, 05 March 2018 01:21 PM

ජනතාව කුපිත කෙරීමට හේතුවන නීතිය අතට ගෙන අපරාද කරන අයට එසේම උපරිම දඩුවම් දිය යුතුයි.

:       69       702

nisar Monday, 05 March 2018 01:59 PM

මෙතන හොඳ පැත්තකුත් තියනවා. දේපලවලට ගිනි තිබ්බහම මිනිස්සු අතරේ තණ්හාව, ඊර්සියාව නැතිවෙලා සමගිය ඇතිවෙනවා. ඉවසීමත් පුරුදු වෙන්න පුළුවන්. ඉපදිච්ච කව්රුත් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් කවදා හෝ මරණය රස විඳිය යුතුමයි. අපරාදකරුවන් ජයගත්තා කියලා ලෝක ඉතිහාසයේ කොහෙත්ම නැහැ. එනිසා මේවා අමතක කරලා දාමු.

:       55       5

බද්රානි Monday, 05 March 2018 02:10 PM

රවීන්ද්‍රලාගේ බලාපොරොත්තු හා පැතුම් ඉටුවෙන ලකුණු පහළවී තිබියදීත් ඇයි මෙතන තවත් බෙරිහන් දෙන්නේ? ගෙදර කිරිබතක් එහෙම උයලා සතුට සමරන්න එපැයි? ඔබට සතුටුයිද දැන්?

:       602       553

RaveendraMonday, 05 March 2018 03:17 PM

බද්රානි මිය වෙත, ඔබගේ අදහස්වල ගරු කරන්නෙමු. අපගේ කිසිදු ජාතිවාදී අදහස් හෝ කිසිදු ක්‍රියාවක් හෝ නොමැති බවට පළමුව සඳහන් කිරීමට කැමැත්තෙමු. ඕනෑම සිදුවීමක දෙපැත්තක් ඇති බව අප මෙන් ඔබද දන්නා කරුණකි. කිසිවකුගේ ජීවිත හානියකදී අප කිරිබත් පිස නොමැතිබවත් කාරුණිකව දැන්වීමට කැමැත්තෙමු. අද අපගේ මවුබිම මුහුණදී ඇති තත්වය පිළිබඳව ඔබගේ "හිතට එකඟව" අවංකව සොයා බැලුවොත් වැටහෙන්නේ අපගේ "නිවට දේශපාලකයන්" විසින් පිල් බෙදී අනවශ්‍ය "හිවලුන්ගෙන්" උදව් ලබාගෙන බලයේ සිටීම බව නොරහසකි. අවසාන වශයෙන් මෙයද සඳහන් කළ යුතුමය. සැමවිටම කපටිකමින් තම තමන්ගේ අභිප්‍රායන් මුදුන් පමුණුවාගන්නවා හැර කිසිවිට අනිකා සමග සමගියෙන් නොසිටන බවත්... නැවත මතක් කිරීමට කැමැත්තෙමු. (අනාගතයේදී ඔබගේත්, අපගේත් වලවල් වලට හෙනහත ඉල්ලන මුණුබුරෝ, මිණිබිරියන් ඔබටත්, අපටත් සාප කරනු නියතයි. මෙය තමා යථාර්තය.)

:       1399       1503

RNGTuesday, 06 March 2018 08:36 AM

වයසෙ තරමට මොළේ තියෙනව නම් මේ කියපු ටික තේරේවි හොඳට..

:       85       127

Ela kolla Monday, 05 March 2018 03:09 PM

භද්‍රානි, ඔයාගේ කතාව හරි... සමහරු කාලකණ්ණි සතුටක් ලබනවා මේවාගෙන්...

:       223       509

RaveendraMonday, 05 March 2018 04:50 PM

Ela kolla මයා වෙත, ඔබගේ අදහස් වලින් පැවසෙන පරිදි අප කිසිවකුට කරදරයකදී "කාලකණ්ණි සතුටක්" නොලබන්නු වන්නෙමු..ඔබත් ඔබගේ සිතට එකගව කරුණු හරිහැටි තේරුම් ගන්නේනම් අප පැවසුව දෙය හොදින් වැටහෙනු ඇත.අප ජාතිවාදීන් නොවන්නෙමු. ඔබගේ, අපගේ අනාගත පැවැත්මට මෙයද පවසන්නෙමු. රටක ඕනෑම පුරවැසියකුට රාජදොරෝහියකු වීමේ අයීතියක් ඇති නමුත් කිසිවකුට "දේෂද්‍රෝහියෙකු" වීමේ "කිසිදු අයීතියක් නොමැති" බවත් දැන්වීමට කැමැත්තෙමු.

:       542       238

saman.kTuesday, 06 March 2018 04:39 AM

"සමහරු" කියල කීවේ පවතින ආණ්ඩුව වෙන්න ඇති නේද?

:       57       77

එරන්ද Monday, 05 March 2018 03:27 PM

රටේ අසාධාරණයක් වුණාම ඒකට ස්වාධීන පරීක්ෂණයක් කරන්න කියලා අමුතුවෙන් කියන්නේ ඇයි කියන එක ප්‍රශ්නයක්.... එ් කියන්නේ එහෙම කියන්නේ නැති ඒවාට වෙන්නේ පක්ෂපාතී පරීක්ෂණ කියන එකනේ.. රටේ මුල් පුරවැසියම රටට කියන්නේ නේද? මොනවා වුණත් එතුමා ඇත්ත කියනවා.

:       17       244

U SiriwardaneTuesday, 06 March 2018 01:49 AM

පැති කන්නාඩියක වටිනාකම වෙනුවට මනුස්සයෙක් ජීවිතයෙන් වන්දි ගෙවිය යුතු ද?

:       0       76

සඳුන් Monday, 05 March 2018 05:38 PM

ජනාධිපතිතුමා සංහිඳියාව ගැන කටයුතු කරනවා. නමුත් සංහිඳියාව කියන්නේ කෙනෙකුගේ පැවැත්මක් සමග තවත් කෙනෙකුගේ විනාශය නෙමෙයි. ජනපතිගේ සංහිදියාව සුළුතරය අනුමත කරනවා නම් පසුගිය මැතිවරනයේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නැගෙනහිර හා උතුරේ ජයග්‍රහණය කල යුතුයි. ඒත් අඩුම තරමේ ඡන්ද දහයක් වැටුනේ නැති අවස්ථා තිබ්බා. ජනපතිගේ සංහිදියාව සුළුතරයත් ඔක්කෝටම කලින් ප්‍රතික්ෂේප කලා.

:       156       152

Tissa Monday, 05 March 2018 10:39 PM

දිනෙන් දින රට ආරාජකත්වයට යනවා. රජයේ පරිපාලනය මන්දගාමිවෙලා. නිතිය අඩපනවෙලා, ජනතා ප්‍රශ්නවලට විසදුම් නොමැත. නායකයන් තමන් පැවැත්ම රැක ගන්න උත්සහ කරව මිසක් ජනතා ප්‍රශ්න විසදීමට අවධානය යොමුකරන්නේ නැහැ, සහනාධාර දෙන්න අදික බදුබර අඩුකරන්න, හොදම දේ තමයි මැතිවරණයකට යන්න.

:       257       51

Chanak Los angeles Tuesday, 06 March 2018 12:08 AM

රටේ යම් සිද්දියක් වුණාම එකට පරීක්ෂණයක් කරන්න කව්රු හරි කියන්නම ඕනෙද ඒකද නීතිය ? අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න කියා තිබෙන දෙයින් පැහැදිලි වෙන්නේ රටේ නීතිය සාධාරනව සැමට ක්‍රියාත්මක නොවන බව නේද ?

:       18       11

බුද්ධික Tuesday, 06 March 2018 01:46 AM

ඔය දිගන ප්‍රශ්නත් දුරදිග ගියෙ පිටින් ආපු අය නිසා ඔය අසල්වැසි අය මෙයට සම්බන්ධ නැහැ, දැන්වත් රටෙ නීතිය හා සාමය තහවුරු කරන්න. ඔබගෙ ඔය කියන බලය පාවිච්ච් කරන්න. රට අස්තාවර වෙන්න ඉඩ තියන්න එපා. ඒ වගේම ඔය මිනීමරුවන්හට උපරිම දන්ඩුවම් දෙන්න රට අස්තවර කරන්න ඔය සුලු පිරිසකට ඉඩ තියන්න එපා රටේ මිනිස්සුන්ට ජීවන වියදම දරා ගන්න අමාරුයි ඒකට මොනව හරි කරන්න.

:       0       175

kumara Tuesday, 06 March 2018 04:14 AM

ඕකටත් කොමිටියක් දාල බලමු. ටික දවසක් ගියාම අමතක වෙලා යයි.

:       35       25

Shan Tuesday, 06 March 2018 07:20 AM

ඒ කියන්නේ දැන් පොලිසියත් වැඩ කරන්නේ මෙයා කිව්වොත් විතරද?

:       26       0

බද්රානි Tuesday, 06 March 2018 09:34 AM

රවීන්ද්‍ර මහත්මයෝ, අපේ රටේ පමණක් නොවෙයි මේ මුළු ලොවේම අශීලාචාර පුද්ගලයින්ගේ නොමනා, හැසිරීම් හා ක්‍රියාකාරකම් පිළිබඳ ගැටළු තිබෙනවා. නමුත් ඒ, පුද්ගල වැරදි, කිසියම් ජනවර්ගයකට හෝ ජාතියකට ආරෝපණය කිරීම ඉතාම අමනෝඥ ක්‍රියාවක්. පුද්ගල චින්තන, හා ආකල්ප, එකම ජාතියකට හෝ ආගමකට අයත් වූවත් විෂමයි. විවිධාකාරයි. යුද්ධයක නියැලෙන සොල්දාදුවා, කිසිවිටෙක අපරාධ කරුවෙක් නොවන බවත්, යුද්ධය සඳහා සමාජය පොළඹවන්නන්, භයානක අපරාධකරුවන් බව අවබෝධ කර ගන්න. තිස් වසරක යුද්ධයෙන් බැට කෑ එකම රටක වෙසෙන, මානව ජාතියක් ලෙස, අපි විඳි පීඩා මෙනෙහි කරන්න. යුද්ධයෙන් අබාධිත වූ රණවිරුවන් හා සාමාන්‍ය වැසියන් ගැන සිහි කරන්න. කෙන්ද, කන්ද කර දැකීම අඥාණයින්ගේ ස්වභාවය බවත්, අපට මේ ලැබී තිබෙන මේ ජීවිතය ඉතාම කෙටි වුවත්, සසර මීට වඩා බොහෝ දිගුවිය හැකි බවත්, ධර්මය රකින්නා, ධර්මය විසින් ආරක්ෂා කරන බවත්, වෛරයෙන්, වෛරය නොසංසිඳෙන බවත්, වෙන්වී, එකිනෙකා සමග ගැටී, අපි සැමදෙනා එකට නැසෙමුද? සැවොම එක්වී සමාදානයෙන් ජීවත් වෙමුද? යන තීරණය රටේ අනාගතය තීන්දු කෙරෙන ප්‍රධාන සාධකය බව අපි සැම දෙනා බුද්ධිමත් ලෙස අවබෝධ කර ගත යුතු වෙමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 314 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 639 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 775 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 595 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 167 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1779 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 282 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1636 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1516 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site