IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


දක්ෂිණ අධිවේගයේ නටමින් රිය පැදවූ ටෙලි නිළියට දඩ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී සුක්කානම අතහැර නර්තනයක යෙදෙමින් රිය පැදවූ ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළි මේනකා මධුවන්තිට බණ්ඩාරගම සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය රුපියල් 5000ක දඩයක් නියම කළේය.

ඇය එසේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර තිබූ අතර මේ පිළිබඳ කිසිවකු ‘ජනපතිට කියන්න‘ දුරකථන අංකයට කළ පැමිණිල්ලකට අනුව අධිවේගී මාර්ග බලධාරීන් කළ පරීක්ෂණයකින් පසු ඇයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පෙළඹී ඇත.

එහි යූ ටියුබ් වීඩියෝව පහතින්....

 



අදහස් (27)

දක්ෂිණ අධිවේගයේ නටමින් රිය පැදවූ ටෙලි නිළියට දඩ

sam Tuesday, 04 July 2017 07:15 AM

මෝඩකමේ හොඳම එක . මෝඩකම නම් මේවගේ නටලා වීඩියෝ කරපු එක . මෝඩකමේ හොඳම එක නම් ඒක යු ටියුබ් දාපු ඒක .

:       7       30

anura Tuesday, 04 July 2017 07:33 AM

ඕකට කියන්නේ ඉල්ලන් කනවා කියලයි.

:       1       33

shyamali Tuesday, 04 July 2017 07:44 AM

5000/- ද දඩ? අපි එහෙම ඔහොම ගියා නම් දවසක් විතර හිරේ දානවා,මේකද මෙයාලගේ යහපාලනය?

:       221       181

sunil Tuesday, 04 July 2017 07:52 AM

ටිකාක් විතර ලුස් ගතියක් පෙන්වනවා වගේ නේ? මේ ප්‍රතිකාරේ හරියාවි!

:       2       168

wedage Tuesday, 04 July 2017 08:00 AM

මෙය බොරුවට හදපු වීඩියෝ එකක් වෙන්න බැරිද ?

:       132       19

පිටිගල මිලානෝ Tuesday, 04 July 2017 08:17 AM

සමහරු කාගේ හෝ පස්සෙන් ගිහිල්ලා කැමරාවකට මුණ අල්ලනවා.ඊට පස්සේ ඉබේම නිලියක් යන නම පට බැඳෙනවා. ඉන්පසු කාර් අරන් වටිනා ඇඳුම් අරන් රඟපෑවේ නැතත් සැමදා නිළි තත්වයේ වැජබෙන්න නොයෙක් තාලයේ ඉක්මනින් හම්බකිරීමේ රැකියා වලට ඉබේම යොමු වෙනවා.

:       26       250

champ Tuesday, 04 July 2017 08:19 AM

අනේ සදු,,,,,,,,,,,, හොද වැඩේ

:       0       16

yasith Tuesday, 04 July 2017 08:19 AM

යකෝ මෙහෙම නිලියක් ලංකාවේ ඉන්නවද මන් අදනේ දන්නනේ

:       1       58

Sarath Tuesday, 04 July 2017 09:00 AM

මෝඩකමට බෙහෙත් නැත

:       3       33

Susil Tuesday, 04 July 2017 09:06 AM

හතු පිපෙනව වාගෙ බිහිවෙන බහුබූත නිළියො..

:       0       47

athula Tuesday, 04 July 2017 09:22 AM

මෙයාල වගේ තෙලේ තියන අයට බෙහෙත් දෙන්න ඕන අහිංසක මිනුස්සුන්ගේ ජීවිත විනාශ කරන්න ඉඩනොදී

:       0       48

Bimal Tuesday, 04 July 2017 09:33 AM

වෙන රටක නම් මෙලහකට ලයිසන් තහනම් කරලා. මේක ඉතින් ලංකාව නේ. බහුතරයක්නිටෙලි නිලියෝ දේශපාලු අනුග්‍රහ ලබනවා. මාලබේ පැත්තේ ඉන්න එක නිලියෙකුගේ සැමියා රාජකීය විදුහලේ ආදී සිසුවෙකු නොවී ළමයා එහි එකවසර සිටම ඉගනීම ලබනවා . මේක ටෙලි නිලියන්ටම ගිය රට. !

:       0       25

shantha Tuesday, 04 July 2017 10:28 AM

වෙදගේ ට දුක හිතිලා වගේ , වැරැද්ද පිලි අරගෙන දඩයත් ගෙවල ඉවරයි, නිකන් නයට කහින්න එපා !

:       0       1

ජයන්ත Tuesday, 04 July 2017 10:50 AM

ටෙලි නාට්‍ය වලින් ළමයින්ගේ ඉගෙනුම අවුල් කරනවා. පාරේ නටලා මිනිසුන් මරණයට පත්කරන්නත් යනවා.

:       0       5

narada Tuesday, 04 July 2017 10:58 AM

" ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළි" මේ කව්ද ? ජීවිතේටවත් අහල නැහැ....

:       1       55

piyumi Tuesday, 04 July 2017 11:09 AM

මේකෙන් රුපියල් පන්දාහට වඩා වටිනාකමක් ගන්න පුළුවන් ප්‍රසිද්ධියට පත්වෙලා.

:       1       13

Appuhami Tuesday, 04 July 2017 11:34 AM

මම ඔය ළඟපාතක හිටියා නම් පොලිසියට අල්ලලා දෙනවා...

:       0       11

vijitha Wednesday, 05 July 2017 01:10 AM

මුන් හිතාගෙන ඉන්නේ මුළු රටම උන්ගේ කියල. අශිලාචාර විදියට අරව මේවා පෙන්නලා ජනප්‍රිය උනහම මුන් හිතාගෙන ඉන්නේ නීතිය උන්ගේ කියල. දඩය නම් මදි. මාස 6 කට හිරේ දන්නා තිබුනේ .

:       0       18

tikiri Wednesday, 05 July 2017 01:32 PM

5000 ක් නම් මොකක්ද? ඒ වගේද නම පත්තරේ යන එක....

:       1       21

vidya Wednesday, 05 July 2017 03:22 PM

සුද්දා ලස්සනට පහසුවට ඉන්න කියා දුන්නා. ඒත් දැන්...

:       8       0

sam Wednesday, 05 July 2017 03:59 PM

ඔයගොල්ලන්ට නටන්න බෑ කියල ඉරිසියාද? නෝ ඇක්සිඩන්ට්, නෝ ප්‍රොබ්ලම්...

:       46       19

සමන්තFriday, 07 July 2017 03:09 AM

සෑම් මෙතන තිබෙන්නේ ඉරිසියාව ගැන ප්‍රශනයක් නොවේ .වාහනයක සුක්කානම අතහැර යාමෙන් හදිසි අවස්ථාවක පාලනය රියදුරුගෙන් ගිලිහි යයි .විශේෂයෙන් වාහනය පැයට කිලෝමීටර් 100 වේගයෙන් ධාවනය වීමේදී මේ තත්වය ඉතාම භයානකයි .මේ කාන්තාව මා මිට කලින් දැක නෑ නමුත් මැය මැගේ ජීවිතය මෙන්ම අනුන්ගේ ජිවිතද අනතුරේ හෙලනවා .මැගේ වාහනය වෙන වාහනයක ගැටීමට පවා පුළුවන් .අන්න එනිසා මෙවැනි වැරදි වලට උපරිම දඩුවම දීම වැදගත් .වැඩම සුදුසු දෙය රියදුරු බලපත්‍රය යම් කාලසීමාවකට අහෝසි කර රියදුරු පුහුණු කඳවුරකට යොමු කර පුනුරුත්තාපනය කිරීම .බටහිර මෙය සිදුවෙනවා

:       0       79

prabash Saturday, 08 July 2017 03:20 PM

මේ වගේ අය නිසා අමාරුවේ වැටෙන්නේ පාරේ යන අනිත් මිනිස්සු...

:       0       444

chank los anjalis Saturday, 08 July 2017 03:26 PM

නටමින් රිය පැදවීමේ වැරැද්ද මොකද්ද?

:       16       0

prasad Sunday, 09 July 2017 12:08 AM

සුක්කානම අතහැරීම සහ එමගින් අනුන්ගේ ජිවිත සමගද සෙල්ලම් කිරීම.

:       0       33

disanayaka Sunday, 09 July 2017 04:38 AM

මේ කතාව ඇත්තක්නම් මේ මොන නිවුස් එකක්ද . මේ වගේ පිස්සු වැඩ කරන අය‍ට අදික දඩ ගැසිය යුතුයි.5000 මොන දඩයක්ද මේ වගේ වැඩකට.මිනිස්සු මරාගෙන යන්න හදන මෝඩ හරක්.උදාහරණයක් ලෙස අරාබි රටවල් ගත්තොත්, කැමරා පද්දති මගින් ස්වයන්ක්‍රීයව දඩය ගෙදරටම එනවා.ඉන් පසුව වැරදි කරනවාට ලකුණු ලැබෙනවා.උපරිම වැරදි සහ උපරිම දඩ ලකුණු ලබාගත් පසු ඉබේම රියදුරු බලපත්‍රය අවුරුදු දහයකට තහනම් කරනවා.අපේ රටේ මෙවැනි දේවල් ක්‍රියාත්මක කිරීමට දැන් කාලය පැමිණ ඇත.අපේ රටනම් යන දිහාව හිතාගන්නවත් බෑ.පුස් ටෙලි නිළියන්ගේ පිස්සු වැඩ හින්ද පත්තරවල වැදගත් ප්‍රවුර්තියක් දාන්න තිබෙන ඉඩත් නැතිවෙනවා.

:       0       12

Raveendra Monday, 10 July 2017 06:41 AM

අනේ අපේ නළු නිලියෝ කියන අය වැඩි දෙනෙක් ටෙලි චිත්‍රපට එකක් දෙකක් රඟපෑවා කියල පසුව හිතන්නේ තමන් තරම් දක්ෂ අය මේ මුළු ග්‍රහලෝකෙටම නැහැ කියල. වැදගත් නළු නිලියෝ සමාජයට ආදර්ශ වන විදියට හැසිරෙන්න ඕන නීති ගරුක වෙන්න ඕන මේ මුකුත් නැහැනේ මේ දරුවා ළග.අනේ මේ දරුවාගේ දෙමුපියෝ ගැන අපට කනගාටුව තමා කියන්න වෙන්නේ .

:       0       8

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1504 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1403 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site