( චන්ද්‍ර සේන ගමගේ)
දකුණු පළාත පුරා පැතිරී ගිය වෛරස් උණ තත්ත්වය මේ වන විට සියයට 75 න් පමණ පාලනය කර ඇතැයි දකුණු පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජී . විජේසූරිය මහතා පැවසීය.ඒ මහතා වැඩි දුරටත් පැවසුවේ රජයේ සෞඛ්‍ය අංශ ගනු ලැබූ පියවරයන් නිසා රෝග ව්‍යාප්තිය පාලනය කර ගැනීමට හැකි වූ බවයි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ව්‍යාප්ත වෙමින් තිබූ වෛරස් උණ රෝගී තත්වය මුළු මනින්ම පාලනය කොට ඇති බවත් තංගල්ල මූලික රෝහලේ රෝගීන් දෙතුන් දෙනෙකු ප්‍රථිකාර ලබන බවත් තව දින දෙක තුනකදී තංගල්ල මූලික රෝහල ද යථා තත්වයට පත් වෙන බවත් ජී. විජේසූරිය මහතා පැවසීය.
රෝගය පාලනය කොට තිබියදීද් ඇතැම් දෙමා පියන් දරුවන් පාසල් එවීමට අකමැති වීම අවාසනාවන්ත තත්වයක් බවද දකුණු පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරයා වැඩි දුරටත් පැවසීය.
ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා
ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්
රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.
මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ
බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
‘දකුණේ වෛරස් උණ පාලනය වෙමින් තිබෙනවා ‘ . දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක