ඩී.ජී.සුගතපාල
දකුණු පළාත් රාජ්‍ය කළමනාකරණ සේවයේ අධි ශ්‍රේණියේ පුරප්පාඩු පිරවිම ඔක්තෝබර් 31දක්වා අත් හිටුවමින් දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම්වරයා වෙත අද අතුරු ආඥාවක් නිකුත් කළේය.
මහාධිකරණ විනිසුරුවරයා මෙම අතුරු තහනම නිකුත් කරනු ලැබුවේ දකුණු පළාත් රාජ්‍ය කළමනාකරණ සේවයේ නිලධාරින් තිදෙනෙකු ඉදිරිපත්කර තිබු පෙත්සමක් සළකා බැලිමෙන් පසුවය.
පෙත්සම්කරුවන් කියා සිටියේ අධි ශ්‍රේණියේ පුරප්පාඩු පිරවිමට 2018 වසරේ විභාගයක් පැවැත්විමට ඉල්ලුම්පත්‍ර කැඳවා තිබියදි 2016 වසරේ පවත්වන ලද විභාගයේ ප්‍රතිපල මත අධි ශ්‍රේණියේ පුරප්පාඩු පිරවිමට දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම්වරයා සහ දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිසම තීරණය කර ඇති බවයි.
මේ නිසා 2018 වසරේ පැවැත්විමට නියමිත විභාගයට තමන්ද ඉල්ලුම්කර තිබියදි මෙසේ පුරප්පාඩු පිරවිමෙන් තමන්ට අසාධාරණයක් වන නිසා එම පුරප්පාඩු පිරවිම අත් හිටුවමින් මැන්ඩාමුස් රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවෝ ඉල්ලා සිටියහ.
ඒ අනුව අතුරු තහනම් නියෝගය නිකුත් කළ මහාධිකරණ විනිසුරුවරයා එදිනට විරෝධතා ගොනු කරන ලෙස වග උත්තරකරුවන්ට නියෝග කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට
මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර
දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.
මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දකුණේ කළමනාකරණ සේවයේ අධි ශ්‍රේණියේ පුරප්පාඩු පිරවීම අත්හිටුවන්න නියෝග