IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


දකුණෙන් ඉන්ෆලුවන්සා රෝගීන් 3000ක් - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ

සුජිත් හේවාජුලිගේ 
 
දකුණු පළාතෙන් ඉන්ෆලුවන්සා රෝගී මරණ 13ක් මේ වන විට වාර්තාවී තිබෙන බවත් ඉන්ෆලුවන්සා රෝගයේ ලක්ෂණ සහිත වූවන් බවට සැකකෙරෙන 3000ක් පමණ ප්‍රතිකාර ලබාගෙන ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජාසිංහ මහතා පැවසීය.
 

මියගිය පිරිසෙන් වැඩි දෙනෙකු දරුවන් බවද ඔහු කීය.
 
දකුණු පළාතේ වසංගත තත්ත්වය මේ වන විට පහත බසිමින් තිබෙන බව කී ජාසිංහ මහතා ඉන්ෆලුවන්සා රෝගීන්ට පහසුකම් සැපයීමට දකුණු පළාතට රුපියල් කෝටි තුනක මුදලක් යැවූ බවද ප්‍රකාශ කළේය.
 
සෞඛ්‍ය සේවා අධක්ෂ ජනරාල්වරයා මේ බව පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේදී අද (04) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
 
අනිල් ජාසිංහ මහතා මෙසේද කීය.
 
   ‘‘දකුණු පළාතේ මේ වන විට වසංගත තත්ත්වය කදු මුදුනට ගිහිල්ලා දැන් බෑවුමකට ගමන් කරමින් තිබෙනවා.කඹුරුපිටියේ මූලික රෝහලට අලුත් රෝගීන් 22 ක් ඇතුළත් වෙලා තිබෙනවා. ජූලි 1 වැනිදා වන විට ඒ ප්‍රමාණය දහසකට පමණ අඩුවුණා.
 
මාතර රෝහලට ගිය මාසයේ 25 වැනිදා රෝගීන්  පස් දෙනෙකු ඇතුළත් කෙරුණා. මේ මාසයේ 1 වැනිදා වන විට ඒ රෝහලට අලුත් රෝගීන් ඇතුළත් වෙලා නැහැ. 
 
කරාපිටිය රෝහලම බැලුවොත් අඩුවීමක් පෙනෙන්නට තිබෙනවා.සෞඛ්‍ය ඇමතිතුමන් ගේ අවධානය මුල ඉදලා යොමුවුණා.මේ රෝගීන් වෙනුවෙන් අවශ්‍ය උපකරණ පහසුකම් ගැනීමට දකුණු පළාතට මිලියන 30ක මුදලක් වෙන් කරලා තියෙනවා.‘‘



අදහස් (3)

දකුණෙන් ඉන්ෆලුවන්සා රෝගීන් 3000ක් - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ

hewawitharana Monday, 04 June 2018 06:40 PM

සැම රෝගයක්ම ලංකාවට එන්නේ ඉන්දියාවෙන් බව සියලු දෙනාම තරයේම සිතා ගන්න

:       0       0

ප්‍රීති Monday, 04 June 2018 09:46 PM

කොච්චර මැරුණත් කමක් නැහැ සෞඛ්‍යය දර්ශක අතින් අපි ලෝකෙන්ම ඉදිරියෙන් ඉන්නවානේ. ලෝකෙන්ම දක්ෂ දොස්තරලා ඉන්නේ ලංකාවේ කියලා අපේ මුත්තා කියනවා මම අහලා තියනවා. මොකක්දෝ අවාසනාවකට අපිට නම් එහෙම දොස්තරලා තවම මේ සිරි ලංකාවේ හමුවෙලාම නැහැ.

:       0       20

asiri Tuesday, 05 June 2018 04:03 AM

නොදෙන්න හේතුව පුද්ගලික සේවයට ලෙඩ්ඩු අඩු වෙන නිසා වත් ද

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 584 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1983 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1467 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 829 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2021 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 98 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1548 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1437 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site