IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


තේ කර්මාන්තයේ වැටීමට නිලධාරීන් වගකිවයුතුයි - ජනපති

හර්ෂණ තුෂාර සිල්වා

මීට වසර කිහිපයකට පෙර ලොව ඉහළම ඉල්ලුමක් තිබූ ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ කඩා වැටීමට රජය පත් කළ නිලධාරීන් ද හේතුවක් වී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (8) කොළඹදී පැවැසීය. 
 
ඔවුන් තනතුරු මෙන්ම රටද අත්හැර පෞද්ගලික ප්‍රතිලාභ වෙනුවෙන් කටයුතු කළ බව ද ජනාධිපතිවරයා කීවේය.
  
ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයට වසර 150ක් සපිරීම නිමිත්තෙන් කොළඹ නෙළුම් පොකුණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ජාතික තේ සම්මාන උළලේදී ජනාධිපතිවරයා එසේ කීවේය. 
 
ඡායාරූපය ශාන්ත රත්නායක



අදහස් (28)

තේ කර්මාන්තයේ වැටීමට නිලධාරීන් වගකිවයුතුයි - ජනපති

Mo77 Friday, 08 December 2017 02:30 PM

ජනපතිතුමා පවසන්නේ ඇත්ත. උසස් පෙළේ නිලධාරීන් බොහෝ දෙනා කරන්නේ අකටයුතුකම්ම තමයි.

:       158       472

RaveendraFriday, 08 December 2017 03:31 PM

එම්.ඕ 77 මයා..මිය වෙත, ඔබගේ අදහස් වලට අප ගරු කරන්නෙමු. දැන් ගැටලුව තියෙන්නේ ඔය කියන " උසස් පෙළේ නිලධාරීන් " කියන මහජන මුදල් කාබාසිනියා කරන හරකුන්ව පත්කළේ ඔබද? මමද? අපිද?

:       0       167

samanSaturday, 09 December 2017 09:32 AM

ඔය වැඩ බෑ කියන රාජ්‍ය නිලධාරීන් කියන පිරිසට ඉහළින් රටේ ජනතාවගේ මුදලින් වරප්‍රසාද විඳින ඇමතිවරු ඇතුළු දේශපාලකයෝ පිරිසකුත් ඉන්නවා නේද? ඇත්තටම එයාලා මොකටද පත්කරලා ඉන්නේ...

:       0       119

Thilina Friday, 08 December 2017 02:50 PM

ඒ දවස්වල වුණානම් මහින්ද තමයි වග කියන්න ඕනේ .. දැන් වුණානම් නිලධාරීන්.. එතකොට වගකිව යුතු නිලධාරීන් පත් කරන්නේ අපිද? හැමදේටම බැරි බැරියාව..

:       1       1013

dahamSaturday, 09 December 2017 01:09 AM

සහතික ඇත්ත.

:       0       1

සන්ජේ ද සිල්වා Saturday, 09 December 2017 05:32 AM

ඔබ හරි, දැනුත් වැඩකට නැති නිලධාරීන් පත්කරලා තියෙන්නෙත් මෙතුමාම තමයි.

:       31       235

Raveendra Friday, 08 December 2017 03:05 PM

දැන් එතකොට ඔය කියන නිලධාරීන් කියන හාදයෝ ටික පත්කළේ.... අඟහරු ලෝකෙන් ආව බෝබිලෝ වෙන්න ඇති. අනේ පව් !!! එච්චර දුරකතරක් ගෙවලා ඇවිල්ලා මේ වැඩකට නැති නිගණ්ඨයෝ ටිකක් පත්කළ එක නම්..

:       0       364

පිටිගල මිලානෝ Friday, 08 December 2017 03:52 PM

ඔබ හරි. වැඩ පෙන්නන්නේ නැති අය ගෙදර යවන්න. එම නීතියම ඔබටත් අදාළ බව අමතක කරන්න එපා.

:       113       1065

Senarath Friday, 08 December 2017 04:40 PM

තේ කරමාතය වැටීමට වගකියන්න ඕනේ දේශපාලනඥයෝ. පිටරටවලින් ගෙනෙන බාල තේ කලවම් කර නැවත පිටරට පැටවීමට ඉඩදීම. අනෙක් හේතුව තමයි, තේ මිලේ කඩාවැටීමට ඉඩදීම. ඡන්දෙ කාලේ නම් ලොකු කතා කිව්වේ කිලෝවට රුපියල් 80 ක් අවමය දෙනවා කියලා. ඒ වුනාට කිලෝව රුපියල් 50 ට වැටුනත් කිසිම ආධාරයක් කලේ නැහැ. ඒ නිසා තේ වගාකරුවෝ කරන්නේ මෝරපු දළුත් කඩන එක. එහෙම වුනාම තේවල නියම රසය එන්නේ නැහැ. ගැනුම්කරුවෝ වෙනත් රටවලින් තේ ගන්නවා. දැන් නිලදාරීන්ගේ දොස් කියනවා.

:       0       0

දිලාන් Friday, 08 December 2017 04:48 PM

දැන් ගම්මිරිස් වලටත් දීලා තියෙන්නේ අපමණ අගයක්.

:       0       0

chanidma Friday, 08 December 2017 05:27 PM

හැම අංශයක්ම වැටෙනකොට තේ විතරක් නොවැටී තිබුනොත් හරි නෑ නේද?

:       0       0

sal Friday, 08 December 2017 06:26 PM

කලාතුරකින් වන හොඳ දෙයක්... මේ ගොල්ලෝ ඒ ගොල්ලන්ගේ ගිණුමට දාගන්නවා. එම උත්සව වල මයික් එකක් දැක්ක ගමන් දොඩවනවා. මේ ගොල්ලන්ගේ නාලිකාවල ඒවා ගැන නැති උදම් අනනවා. හැබැයි වැඩක් වැරදිච්ච ගමන් එකට වැරදි නිලධාරියෝයි, පහුගිය පාලකයෝයි, දේශගුණය වගේ දේවල් තමයි වග කියන්න ඕනේ. මේ කතාවලින් තේරෙන්නේ මේ ගොල්ලෝ කොච්චර දේශපාලනය කරත්, වයසින් වැඩි වුණත් තියෙන නොමේරුම් ගතියයි. මේ අය පාලනය කරන රටක් කවදා දියුණු වෙයිද? මේ ගොල්ලන්ගේ නොහැකි යයි හින්දා දැනටමත් අවුරුදු 3 ක් ඉවරයි.

:       0       0

sunil Friday, 08 December 2017 07:22 PM

තේ කර්මාන්තයේ වැටීමට නිලධාරීන් වගකිවයුතුයි... ජනපතිතුමනි, රට වැටීමට කව්ද වග කියන්න ඕනේ?

:       0       0

sam Friday, 08 December 2017 08:58 PM

ලංකාවේ තේ කර්මාන්තයේ (තේ පමණක් නොව රබර් හා පොල් ) පරිහානිය පටන් ගත්තේ 1972 එල්.ආර්.සී එක පිහිටුවලා සුද්දන් ඇතුළු වතු හිමිකරුවන් ඉතාම හොඳින් රැකබලාගත් වතු සියල්ලම රජයට පවරාගෙන පාලනය සඳහා නුසුදුසු පුද්ගලයින් පත්කිරීමෙනුයි. ජනවසම, උසවසම කියලා හදාපු ආයතනවල වතු පාලනය ගැන මළපොතේ අකුරක් නොදත් දේශපාලන හෙන්චයියන් පත්කර වතු බොහොමයක් විනාශ කළා. මානුෂිකව සැලකූ විට වරදක් ලෙස නොපෙනුනත්, ද්‍රවිඩ වතු කම්කරුවන්ගේ වර්ජන, වැඩි වැටුප් ඉල්ලීම, අනවශ්‍ය දේශපාලන ශක්තිය ලැබීම ආදී සියලු ප්‍රශ්න වල ආරම්භයත් වතු ජනතාව සතුවයි.

:       0       0

Manel Friday, 08 December 2017 10:01 PM

"තනතුරු හා රට අමතක කර පුද්ගලික ලාභ බලාගෙන වැඩ කර " .. ඇත්ත නේන්නම්. ඔය කියන ටිකම තමාට අදාල නැද්ද? තමාගේ ලාභ, තණ්හා නිසා වරායවල් විකිණීම, නව ව්‍යවස්ථා ගෙනැවිත් රට කැබලි වලට කැඩීම, රටට හිතැති අය රිමාන්ඩ් කිරීම, රණ විරුවන් පාවාදී දෙමළ ඡන්ද වලට ලෝභ වීම .... තමන්ම නේද කරන්නේ?

:       0       0

lipton Friday, 08 December 2017 10:50 PM

අපි එදා කසල තේ වැලලුවා. දැන් කසල තේ විකුණනවා.

:       0       0

ajith Saturday, 09 December 2017 04:11 AM

දැන් ජාත්‍යන්තරේ දිනු නිසා තේ ටික කොහෙට හරි විකුණා ගන්න බැරිද?

:       0       0

Upul Saturday, 09 December 2017 04:51 AM

වරද ඇත්තේ තව තැනක නොව එකතැනකය. ලංකාවේ මිනිස්සු කෝටි දෙකක අය ජනාධිපති වුණාම වැඩ කරන විදිය දන්නවා. හැබැයි විධායක ජනාධිපති කම අතේ තියාගෙන වැඩ කරවන්න, වැඩගන්න පරිකල්පනීය හැකියාවක් නැති, දැක්මක් නැති, ප්‍රඥාව පහල නොවන, අවස්ථානුකුල තිරණ නොගන්නා, විධායකමය තීරණ හා ක්‍රියාමාර්ග නොදන්නා හා නොගන්නාකමයි ගැටලුව. කලමනාකරණය විෂය නොදන්නාකම, මානව සම්පත මෙහෙයවීමට නොදන්නාකම, සංකල්පනාත්මක හැකියාව නොමැතිවීම මත කාටවුවද විධායක බලතලවලින් පලක් නැත. මයික්‍රොෆෝනයක් ඉදිරියේ දිග බරපතල වචනවලට රටක් හැසිරවිය නොහැකිය.

:       0       113

RaveendraSaturday, 09 December 2017 03:18 PM

උපුල් මයා වෙත, ඔබ විසින් නිසි ලෙස සහ මෙය යථාර්තවාදිව විග්‍රහ කිරීම පිලිබදව අප සතුටු වන අතර ඔබට ස්තුතිවන්ත වන්නෙමු.

:       0       0

Mahinda Gamage Saturday, 09 December 2017 09:15 AM

තේ මණ්ඩලයේ වත්මන් සභාපති ආචාර්ය රොහාන් පෙතියාගොඩ මහතා ඉතා දකෂ අවංක කාර්යශූරී නිලධාරි මහතෙකි. මෙතුමා විදේශීය අධ්‍යාපනය හදාරා දිවයිනට පැමිණ මා දන්නා තරමින් ප්‍රථම රැකියාව විදුලි වේදීය ඉන්ජිනේරු අංශයයි. මා එම කාර්‍යමණ්ඩලයේ සාමාජිකයෙක්මි. ඉතාම ඉහල සමාජ පසුබිමකින් හෙබියාවුවද ඉතම සරල ගතිපැවතුම් ඇති, සේවය ඉතාම නිවැරදිව හා මහත් කැපවීමෙන් ඉටුකරයි.

:       105       1

RaveendraSaturday, 09 December 2017 10:17 AM

මහින්ද ගමගේ මයා වෙත, ඔබගේ අදහස් වලට අප ගරු කරන්නෙමු. අප විශ්වාස කරනවා ඔබ අපගේ මෙම අදහස් ඔබව හෝ ආචාර්ය රොහාන් පෙතියාගොඩ මයාව අපහසුතාවයකට ලක්කිරීමට හෝ අපහාස කිරීමක් සඳහා මෙසේ සඳහන් නොකරන්නෙමු. ඔබ සඳහන් කරන පරිදි "ඔහු ඉතා දක්ෂ අවංක කාර්යශූරී " නිලධාරියෙක් නම් කෙසේ මෙවැන්නක් සිදුවන්නේද? එක්කෝ ඔබට ( දකෂ අවංක කාර්යශූරී ) යන වචනවල තේරුම පිළිබද ගැටළුවක් ඇත නැත්නම් මෙම "සභාපති" හැර අනෙකුත් සියලුම සේවකයන් මහජන මුදල් කාබාසිනියා කරන පින්ගුත්තරයන් වියුතුමය.

:       0       124

senewi Saturday, 09 December 2017 10:29 AM

රොහාන් පෙතියාගොඩ ඉස්සර රනිල්-චන්ද්‍රිකා ආණ්ඩුව කාලේ ජලසම්පත් පෞද්ගලිකකරණය කිරීමේ අසාර්ථකවූ ව්‍යාපෘතියේ නියමුවා වෙලා හිටියා..

:       0       120

thushara Saturday, 09 December 2017 09:25 AM

ඔබතුමා කිසිදේකට වගකියන්න ඕනෑ නැහැ. අපි තමයි වග කියන්න ඕනේ ඔබතුමා වගේ කෙනෙක් පත්කර ගත්තට...

:       0       158

Palitha Galapitiya Saturday, 09 December 2017 09:50 AM

නිලධාරීන් වරදිබව දන්නවනං එවැනි නිලධාරීන්ට විරුද්ධව පියවර ගන්නේ නැතිව ප්‍රසිද්ධියේ කටමැත දොඩවලා හරියන්නේ නැහැ. දෙවෙනි කාරණය වන්නේ, කවුරු කවුරුත් පාලකයාත් ඇතුළුව වැඩකරන්නේ තමන්ගේ ලාභ ප්‍රයෝජනය වෙනුවෙන් බව දැන් දැන් හොඳටම පේනවා.

:       0       112

de silva Saturday, 09 December 2017 12:24 PM

බොරු කයිවාරු පමණි වැඩ නැත. ඕකට මුල්ම වැරදි කරුවෝ ඔය නිලධාරීන් පාලනය කරන සහ කරපු ඇමතිවරු තමයි.

:       0       87

laksman Saturday, 09 December 2017 01:52 PM

විදේශ රටක දරුවන් සිටින විශ්‍රාමික මහත්මියක් එයාගේ දරුවන් සිටින රටේදී ශ්‍රී ලංකා තේ ගත්තලු එම තේ බොන්නම බැරිලු. ඒතරම් අප්පිරියලු එහෙම වෙනවිට අපේ තේ වලට හොඳ ඉල්ලුමක් ලැබෙන්නේ කොහොමද? ඒ ගැනත් සොයා බලන්න.

:       0       0

Saman Saturday, 09 December 2017 03:14 PM

මොන හතර බීරි කතාවක් ද මේක, මේකට අරයා වගකිව යුතුයි, අරකට මෙයා වගකිව යුතුයි කියන එකද ජනාධිපති කෙනෙක් හැටියට කියන්න ඕනෑ. එහෙමනං ඉතිං ඔය තනතුරේ ඉන්න එක තේරුමක් නැහැනේ. හැමදාම කියන්නේ එකම කතාව අන්තිමට ගහපු බෙරේකුත් නෑ බෙරේ පලුවකුත් නෑ..

:       0       105

minipe Saturday, 09 December 2017 05:39 PM

මේ හැම දෙයකටම මුල, විදේශ වෙළෙදපොලේ තරගකාරී හා අභියෝග වලට මුහුණ දීමට නිලදාරීන්ගේ දක්ෂතාවය අඩු වීමය. තේ, පොල් රබර්, සහ ශ්‍රී ලන්කන් යන ආදී පුද්ගලික අංශයට බාර දිය යුතු වේ .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 291 0

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 224 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 524 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 86 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 69 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 690 0


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site