IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


තිසා වැවේ දිය නෑමට අවසර දෙන්න’යි අටමස්ථානාධිපති හිමියෝ පොලිස්පතිට කියති

 බී.ජී චතුරංග

තිසාවැවේ ජලය ලබාගෙන ශ්‍රී මහ බෝධින්වහන්සේ දෝවනය කිරීම සිදු නොකරන බවත්, ගිහි, පැවිදි කණ්ඩායමක් ගෙනයන ප්‍රචාරක වැඩ පිළිවෙල නිසා අටමස්ථාන පූජා භූමියට වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට පිරිසිදුවීම සදහා දියනා ගැනීමට ස්ථානයක් නොමැතිවී ඇතිබවත් අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් පැවසූහ.
පොලිස්පති පූජිත ජයසුන්දර මහතා අටමස්ථානාධිපති නාහිමියන් බැහැදැක සුවදුක් විමසීමට පැමිණි අවස්ථාවේ උන්වහන්සේ මේබව පැවසූහ. බැතිමතුන්ට අවහිර ඇතිවන නීති ඉවත්කිරීමට පොලිසිය පියවර ගතයුතු බව උන්වහන් සේ අවධාරණය කල අතර තිසාවැවේ දියනාන පිරිස් අත්අඩංගුවට ගැනීම වැලක්වීමට පියවර ගතයුතු බවට උන්වහන්සේ මෙහිදි පොලිස්පතිවරයාට අවධාරණය කලහ.
දැන් අළුත් කණ්ඩායමක් බිහිවෙලා මේවා රැකගන්න. පිටස්තරින් පැමිණි ස්වාමින්වහන්සේලා පිරිසක් ගිහි පිරිසක් සමග එක්වෙලා තමයි මේ දේවල් කරන්නේ. මේ පුරාණ වැව් රජදරුවන් ඉදිකලේ බැතිමතුන්ගේ අවශ්‍යතාවන්ට. රජ කාලේ රජ දරුවන්ගේ සිට මේ දේවල් ආරක්ෂා කලේ අපි. ඒවා දන්නවා පැරණි ඇත්තෝ.දැන් පිටින් ආපු කට්ටිය මේවට නීති දාන්න පටන් අරගෙන. පසුගිය දිනක තිසාවැවේ දියනෑ අයෙකු අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත්කර තිබ්බා.
සිරිපාදේ යන උදවිය නල්ලතන්නියේ සීත ගගුලෙන් දිය නානවා.කතරගමට යන උදවිය මැණික් ගගෙන් දිය නානවා. අනුරාධපුර අටමස්ථානයට පැමිණෙන බැතිමතුන්ට මේ වන විට දිය නාගෙන පිරිසිදු වෙන්න තැනක් නෑ. බැතිමතුන් දියනාගෙන පිරිසිදුවෙලයි මේ සිද්ධස්ථාන වැදපුදා ගන්න එන්න ඕන.



අදහස් (20)

තිසා වැවේ දිය නෑමට අවසර දෙන්න’යි අටමස්ථානාධිපති හිමියෝ පොලිස්පතිට කියති

saimon Sunday, 12 November 2017 03:38 PM

ගරුතර ස්වාමින් වහන්ස, තිසා වැවේ ජලය අපිරිසිදු වුනොත් අනුරාධපුරයට ජලය ලබාදෙන්නේ කොහෙන්ද?

:       550       684

ධර්මේMonday, 13 November 2017 02:40 AM

නගරයකට ජලය ලබා දෙන්නේ පිරිසිදු කිරීමේ ක්‍රමවේදයක් යටතේ, ජල පිරිපහදුවක් මගින්. මෝඩ කතා කියන්න එපා.

:       24       405

aseMonday, 13 November 2017 06:52 AM

ඔබ හරි, නමුත් වැවක් කියන්නේ ජලය ගබඩා කිරීමක්... එයට ප්‍රමාණයට වඩා අප ද්‍රව්‍ය එකතු වුවහොත් පිරිසිදු කිරීමට අසමානීය ප්‍රමාණයක ක්ලෝරීන් මිශ්‍ර කරන්න සිදු වෙනවා. එයින් පීඩාව කාටද? ප්‍රයෝගික පැත්ත ගැනත් බලන්න.

:       136       156

asiriMonday, 13 November 2017 07:04 AM

අනුරාධපුරයට වතුර දෙන්නේ තුරුවිල වැවෙන් නුවර වැවෙන් සහ තිසා වැවෙන්. මේ සේරටම වතුර එන්නේ නාච්චදුව වැවෙන්. නාච්චදුව වැවේ නාන්න තහනමක් නෑ. වතුර ජය ගඟ දිගේ එනකොට දිගටම කට්ටිය නානවා. එතකොට තිසා වැවේ නාන්න තහනම් කරන එකේ පදනමක් නැහැ. අනික අනුරාධපුරේ හැමෝම බොන්නේ බෝතල් කරපු වතුර එහෙම නැත්නම් ආර්.ඕ. ෆිල්ටර් කරපු වතුර.

:       29       52

MuhanWednesday, 15 November 2017 11:59 AM

මේ මහත්තයා ජනාධිපති, අගමැති පස්සෙන් යනවා. තව පන්සල් වලට නිතර යනවා.. කව්ද මෙයාගේ රාජකාරි කටයුතු කරන්නේ?

:       0       101

අනුර ඉලන්කෝන් Sunday, 12 November 2017 03:39 PM

ඔබ වහන්සේට නමස්කාර වේවා !

:       111       235

Roshan Sunday, 12 November 2017 04:04 PM

එතකොට කව්ද මේ නීති දාන්නේ?

:       0       14

aseMonday, 13 November 2017 06:42 AM

ඕක තමයි කියන්නේ "නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ කියලා, ඕක ඉල්ලා සිටියේත් ඔයාමයි. එපා කියන්නෙත් ඔයාමයි.

:       275       6

ajih Sunday, 12 November 2017 05:36 PM

මිනිස්සු දැන ගන්න ඕනේ මේවගෙන් බේරෙන්න, නමුත් පුරාතනයේ වගේ නෙමේ ලොකු ගැටුමක් වගේ

:       0       0

sunil gikiyage Sunday, 12 November 2017 06:41 PM

කවුද කියන එක නෙවෙයි වැදගත් මොකක්ද කියන්නේ ඇයි කියන්නේ කියන ඒකයි වැදගත්. මම බොන්නේ බෝතල් වතුර මුදලට අරගෙන.

:       0       1

Sena Sunday, 12 November 2017 07:01 PM

එතකොට වතුර බොන අය පව් නැද්ද

:       0       0

Bhathiya Sunday, 12 November 2017 09:00 PM

වැවක් කියන්නේ ගලා බහින ජල ප්‍රවාහයක් නොවෙයි. නාන අයගෙන් ජලයට මිශ්‍ර වෙන සබන් සහ ෂැම්පු වැවේ ජලයේම නතරවෙනවා. තහනමට හේතුව මෙයයි.

:       4       1

නුමා Sunday, 12 November 2017 09:19 PM

තිසා වැවේ ස්නානය නොකල යුත්තේ, ජය ශ්‍රී මහා බෝධියට ජලය ගන්නා නිසා නොව, අනූරාධපුර ජනතාවට පානීය ජලය ඉන් ලබා ගන්නා නිසායි. ජය ශ්‍රී මහ බෝධිය තම මූල පද්ධතිය මගින් අවශ්‍ය ජලය ලබා ගන්නවා. දෝවනයට අවශ්‍ය නම්, ජලයට වඩා සිත පිරිසිදුව එය කල යුතුයි, මන්ද ඔය දෝවනය කරන ජලය සංකේතයක් ලෙස මිස බෝධියේ පැවැත්මට උපකාර වන්නේ නැහැ. නමුත් වැවේ ස්නානයෙන් පසු එම ජලය බීමට ගතහොත්, අසරණ වන්නේ බෝධීන් වහන්සේ නොව, වන්දනාමාන කරන සැදැහවතුන් පිරිසයි.

:       0       9

KANDEPOLA Monday, 13 November 2017 02:38 AM

මම දන්නා විදියට අනුරාධපුරේට ජලය ලබා දෙන්නේ තිසා වැවෙන්. තිසා වැවේ නාන්න අවසර දුන්නොත් වෙනත් සෞඛ්‍ය ගැටළු මතු වෙන්න පුළුවන්. ඒවටත් විකල්ප හොයාගෙන හොඳ තීරණයක් ගත්තොත් තමා හොඳ. කොහොමත් නායක ස්වාමීන්වහන්සේගේ ඉල්ලීම මානුෂිකයි.

:       15       6

sasath Monday, 13 November 2017 03:15 AM

ඒවාට තමයි ජල පිරිපහදු තියන්න

:       2       2

nalin Monday, 13 November 2017 03:42 AM

මම දන්නා විදියට තිසා වැවේ නාන්න තහනම් කලේ, එකෙන් අනුරාධපුරයට වතුර බොන්න ගන්න නිසයි, නාන්න එන අය වැව වටේට අපිරිසිදු කරන නිසයි. අනිත් වැව් වලින් නාන්න බැරිද? ඇත්තටම දන්නේ නැති නිසයි අහන්නේ?

:       0       136

රංග Monday, 13 November 2017 04:56 AM

මං දන්නා තරමින් අනුරාධපුරයට වතුර දෙන්නෙ නුවර වැවෙන් මිසක් තිසා වැවෙන් නොවේ....

:       1       1

Mahinda lankathilaka Monday, 13 November 2017 08:12 AM

තිසාවැවේ ජලය ලබාගෙන ශ්‍රී මහ බෝධිය දෝවනය කළත්, නැතත්, එය වැව ප්‍රයෝජනයට ගන්න මිනිස්සුන්ට ප්‍රශ්නයක් නොකළ යුතුයි. හදිසියෙන්වත් කැළණි පන්සලෙත් බෝධීන් වහන්සේ දෝවනයට කැළණි ගඟේ වතුර ගන්නවා කියල කැළණි ගඟත් මිනිස්සුන්ට තහනම් කලොත් .. ඇයි මේ ලංකාවේ මිනිස්සු මෙච්චර ගල් යුගයක ජීවත් වෙන්නේ?

:       0       113

nalinMonday, 13 November 2017 09:45 AM

ගඟයි වැවයි අඳුනන්නේ නැතිද? ලංකාවේ නෙවෙයි ද ඉන්නේ? ගඟේ වතුර ගලාගෙන යනවා. ගිහින් බලන්න ලබුගම, කලටුවාව මිනිස්සු ජරාකරනවද කියලා? අනුරාධපුරයේත් ඉන්නේ මිනිස්සු තමයි. ඒ අය ගැනත් හිතන්න.

:       0       0

N.G.S.S. Nishshanka Monday, 13 November 2017 05:31 PM

තිසා වැවේ ස්නානය සඳහා අවසර ලබාදෙන්න ලෙස ඉල්ලා සිටින ඔබ වහන්සේ එක් පොසොන් කාලසීමාවක් සදහා ස්නානයට අවසර ලබාදී ඉන්පසුව තිසා තිසා වැව පරීක්ෂාකර බලා මේ තීරණය ස්ථිර කරන ලෙස ඉල්ලා සිටින අතර ඉන්පසු වැවට සිදුව ඇති විනාශය හා ද්‍රව්‍ය කැලිකසල එක්ව ඇති අයුරු ඔබවහන්සේට හොඳින් දැකගත හැකිවේ. තවද තරමක් දුරට හෝ මුදල් හදල් ඇති පුද්ගලයින් බෝතල් වතුර පාවිච්චි කරන නමුත් අනුරාධපුර තුළ ජල සම්පාදන මණ්ඩලය බෙදාහරින වතුර පානය කරන පුද්ගලයින් සිටින බවද සිහිපත් කරමි.ස්තුතියි!

:       0       11

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැටුප් ප්‍රශ්නය විසදන්න ගුරු බලය සංවිධානයට ලිපියක්
2024 අප්‍රේල් මස 24 65 0

ගුරු විදුහල්පති සේවයන්හි වැටුප් විෂමතාවක් නැතැයි පවසමින් ගුරු බලය සංවිධානයට ලිපියක් යැවූ ගුරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියගෙන් ඒ සම්බන්ධයෙන් ක


ෆොක්ස්හිල් අනතුරේ රියදුරන්ට ඇප
2024 අප්‍රේල් මස 24 130 0

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්


’’ගෝඨාභය පොත ලිව්වේ පව් සෝදා ගන්න’’
2024 අප්‍රේල් මස 24 162 0

ගෝඨාභය පොත ලියා ඇත්තේ ඔහු විසින් කළ පව් සෝදා ගන්නට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 427 0

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 384 3

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 1621 4

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1665 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1524 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site