(මනෝප්රිය ගුණසේකර)
මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර ගිවිසුමක් ඇති බවට කූඨ ලෙස සකස් කළ ලියවිල්ලක් මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීමේ චෝදනා ලැබ සිටින එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට විදේශගතවීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (05) අවසර ලබා දුන්නේය.
කැලණි විශ්ව විද්‍යාලයේ ආදී විද්‍යාර්ථින්ගේ සංගමයේ ඔස්ටේ්රලියාවේ පැවැත්වෙන රැස්වීමට සහභාගී වන ලෙස ආරාධනා ලැබී ඇති හෙයින් එයට සහභාගී වීමට අවසර දෙන්නැයි කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා ඒ සඳහා අවසර ලබා දුන්නේය.
ඒ අනුව ලබන 10 වැනිදා සිට 25 වැනිදා දක්වා දින 15ක කාලයක් තිස්ස අත්තනායක මහතාට ඔස්ටේ්රලියාවට යෑමට අවසර දුන් විනිසුරුවරයා අධිකරණය බාරයේ ඇති ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය ඔහු වෙත මුදාහැරීමටද නියම කළේය.
පැවැත්වෙන රැස්වීමට සහභාගී වන ලෙස ආරාධනා ලැබී ඇති හෙයින් එයට සහභාගී වීමට එහි යෑමට තිස්ස අත්තනායක මහතාට අවසර දෙන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු අවසර ඉල්ලා සිටි අතර එම කරුණු සළකා බැලූ විනිසුරුවරයා ඊට අවසර දුන්නේය.
මෙම නඩුවට අදාළව තිස්ස අත්තනායක මහතාට ඇප නියම කරන අවස්ථාවේදී අධිකරණයේ අවසරයකින් තොරව විදේශගතවීම තහනම් කරමින් නියෝගයක් පනවා තිබු අතර මෙම ආරාධනාවට සහභාගී වීමට අවශ්‍ය වීම නිසා ඔහු මෙම ඉල්ලීමකර තිබිණි.
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙයි..
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
රාගම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙරට පවතින ආර්ථික අපහසු තත්ත්වය හමුවේ රුසියානු පුරවැසි භාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාවට බැඳී ඇති බව එරට ස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
තිස්ස අත්තනායකට රට යන්න අවසර
maheshika Thursday, 05 April 2018 08:17 AM
විමලේ මල්ලි කියපුව ඇත්ත එහෙනම්. තව දවස් කීපයක් ඉවසන්න තිබුනණේ. ඔය කප්පම් කතාව අදම ඔප්පුකරල පෙන්වන්න ඕනද?
Thunpath rana Thursday, 05 April 2018 08:26 AM
ඔබ යන්න. ආයේ එන්න. ඇවිත් දෙන්නේනම් පමණක් තනතුර භාර ගන්න.
pj Saturday, 07 April 2018 11:08 PM
එජාප මහලේකම් තනතුර දරන්න ඕනේ කොලපාට ලේ තිබෙන අයකු පමණයි. මෙයාගේ ලේ මොන පාට ද කියල මිනිපේ අය හොඳින් දනී.