IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ත්‍රි’මලේ -මුලතිව්වල විනාශ කරන පුරාවිද්‍යා ස්ථානවල වාර්තාවක් ජනපතිට

විනීතා එම් ගමගේ

 

අන්තවාදී කොටස් විසින් ත‍්‍රිකුණාමල හා මුලතිව් දිස්ත‍්‍රික්කවල විනාශ කරමින් සිටින පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන පිළිබඳ සවිස්තර වාර්තාවක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත අද (12) භාර දුන් බව මොනරාගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර මහතා පැවැසීය.

ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයේ බඹරගල, කෝකිලායි, යාන්ඔය හා නාගලන්ද ද මුලතිව්හි උරුඳුමලේ ද වව්නියාවේ වෙඩිත්තින්නරකිලෙයි හි වට්ටමාන විහාරය වෙත ගොස් පරික්ෂා කළ බවත් එහි තිබු පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ස්ථාන විශාල ප‍්‍රමාණයක් මේ වනවිට විනාශ කර ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

වසර දහසකටත් වඩා පැරණි නටබුන් සහිත යාන් ඔය පෙදෙසෙහි විජය ආගමනයටත් පෙර ශිෂ්ටාචාරයක නටබුන් විනාශ කරමින් පවතින බවත් තමන් එහි යද්දී විශාල ට‍්‍රැක්ටර් යොදවා නටබුන් සමතලා කරමින් තිබු බවත් මන්ත‍්‍රීවරයා කීය.

මෙම විනාශයන් පිළිබඳව බලධාරින් කිහිප විටක් දැනුවත් කළ නමුත් මේ වනතුරුත් කිසිවකුගේ අවදානය යොමු වී නැතැයි කී ගුණසේකර මහතා මේ නිසා තම අධ්‍යයනයේ විස්තර ඡායාරූප සහිත වාර්තාවක් සකස් කර ජනාධිපතිවරයා වෙත  ලබාදෙන බව ද කියා සිටියේය.

මීට අමතරව උතුරේ හා නැගෙනහිර පළාත්වල පුරාවිද්‍යා ස්ථාන රාශියක් විනාශ කෙරෙමින් පවතින බව පෙන්වා දුන් ගුණසේකර මහතා මුහුදු මහා විහාරය සතුව තිබු අක්කර හත්සියයක පුරාවිද්‍යා භූමියේ දැන් ඇත්තේ අක්කර තුනක ප‍්‍රමාණය පමණක් යැයි ද පෙන්වා දුන්නේය.

අම්පාර දීඝවාපියේ මාණික්කාවඩු, මඩකලපුව මංගලගම හා කෙවිලියාමඩු වැනි ස්ථාන විශාල ප‍්‍රමාණයක් මෙසේ විනාශ කෙරෙමින් පවතිතැයි හෙතෙම කියා සිටියේය.

පුරාවිද්‍යා නිලධාරින් මේ පිළිබඳ කිසිදු අවදානයක් යොමු නොකරන බව පෙනී යන්නේ යැයි ද ජනාධිපතිවරයා යම් පියවරක් ගනී යැයි විශ්වාස කරන බව ද ඔහු තවදුරටත්  සඳහන් කළේය.  



අදහස් (7)

ත්‍රි’මලේ -මුලතිව්වල විනාශ කරන පුරාවිද්‍යා ස්ථානවල වාර්තාවක් ජනපතිට

Mugalan Jayatilake Friday, 12 October 2018 10:21 AM

වරද දුටු තැන එඩිතර තීන්දු තීරණ ගැනීමට නොහැකි යහපාලනය දෝරේ ගලනවිට එයට යට වෙන්නේ අපේ ජාතික උරුමයයි.

:       49       159

Upul Friday, 12 October 2018 11:26 AM

මොන වාර්තාද මැතිඳුනි, වරද දුටු තැන පහර දෙනු මිස වරද කරුවට, වාර්තා සක්ස්කර කැඳවා විශ්ලේෂණය කර, ප්‍රතිලාභ ප්‍රතිඵල විග්‍රහ කරකර ඉඳලා තීරණය ප්‍රකාශයට පත්කරලා අදාල පරිපාලන රමුවේ සීමාවලින් ගිහින් යනකොට කෙළවෙලා ඉවරයි... ගනු කඩුව දෙනු පහර අවැසි තැනදි අවැසි අයුරින්..

:       0       32

saman Friday, 12 October 2018 11:32 AM

ඉක්මන් පියවරක් නොගතහොත් අනතුරේ... වහාම මෙම ස්ථානවලට ආරක්ෂක අංශවල ආරක්ෂාව දිය යුතුයි. දල ලේඛන මත මෙය කල හැකිය. ඉන්පසු පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට පවරා ගැනීම් කල හැකිය. දැනටමත් පරක්කු වැඩිය. ඉතිහාසය මැකීමට ඉඩ නොතැබිය යුතුයි.

:       0       30

DhammikaFriday, 12 October 2018 01:43 PM

මේ අදහස්වලට තදින් හිනා.. ඔහොම වෙනවා නං හොඳයි. මේක කලි යුගය වෙන්නේ ඕකේ අනිත් පැත්තයි.

:       0       41

samanFriday, 12 October 2018 04:29 PM

ඇත්ත. වෘත්තීය සමිති පඩි වැඩිකරන්න කියලා කෑගහන වාවගේ ජනතා සංවිධානත් කෑ ගහන්න ඕනේ ඕවා පරිස්සම් කරන්න කියලා. අනුරාධපුරේ යන්නවගේ වැඩි වැඩියෙන් ඕවා නරඹන්න යන්න ඕනේ. කොහොම හරි වලක්වගත්තේ නැතිනම් ඉතිහාසයත් ඉවරයි,

:       0       45

kapila Friday, 12 October 2018 02:05 PM

මෙතුමාට මෙතෙක් වාර්තා කීයක් නම් දීලා තියෙනවද? එකකටවත් හොඳ තීරණයක් ගත්තද? මේකත් කුණු බක්කියට තමයි.

:       0       25

sisil Saturday, 13 October 2018 12:21 AM

තවම පුරාවිද්‍යා විෂය තියෙන්නේ මධ්‍යම රජය යටතේ. 20 ආවේ නැනේ.! ආරක්ෂක අංශ තියෙන්නේ ජනාධිපති යටතේ. තීරණයක් ගන්න පුළුවන් සියල්ල සිවිල් ආරක්ෂණ අංශයට භාර දෙන්න. සමහර තැන වල සිවිල් ආරක්ෂකයින් සිටියත් හරියට රාජකාරිය ඉටුවෙන්නේ නැති බවක් කියවෙනවා. වැඩේ භාරදීලා පසුවිපරම් වෙනම කණ්ඩායමකට භාර දිය යුතුයි. හුඟක් ව්‍යාපෘති වල දුර්වලකම පසුවිපරම් නැතිවීම. ඉතිහාසය මකන්නේ සැලසුම් සහිතව.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 926 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 178 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1081 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1119 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1396 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1243 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site