IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


තොරතුරු දැනගැනීමේ කොමිසමට අභියාචනා 951 ක්

(බිඟුන් මේනක ගමගේ )

තොරතුරු දැනගැනීමේ කොමිසමට මේ දක්වා අභියාචනා 951 ක් ලැබී ඇතැයි ද එයින් 690ක් විභාග කිරීම ආරම්භ කර 420 කට තීන්දු දී ඇතැයි ද එහි අධ්‍යක්ෂ ජනරාල් පියතිස්ස රණසිංහ මහතා පවසයි.

මෙරට ඇති පන්දාහකට අධික පොදු අධිකාරී සංඛ්‍යාවට මාසිකව තොරතුරු අයැදුම් දාහකට අධික සංඛ්‍යාවක් ලැබෙන නමුත් මාස 18 කටම අභියාචනා 951ක් පමණක් කොමිසමට යොමුවීමෙන් පැහැදිලි වන්නේ තොරතුරු ලබාදීමේදී හොඳ ප්‍රතිචාරයක් ඇති බව යැයි ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ලැබී ඇති අභියාචනා පළාත් වශයෙන් වර්ග කළ විට 42‍ක් බස්නාහිරෙන් ද 14ක් දකුණෙන් ද 10‍ ක් මධ්‍යමින් ද 7‍ ක් උතුරෙන් ද වාර්තා වන්නේ යැයි කී හෙතෙම අඩුම ප්‍රතිචාරය වාර්තා වන්නේ ඌවෙන් යැයි ද කීය.

අභියාචනාවලින් 30‍ ක් පමණ සම්මුඛ පරීක්ෂණල උසස් කිරීම්ල මාරු කිරීම් ආදී මානව සම්පත් කළමනාකරණ ප්‍රශ්න ගැනත් 17‍ක් පමණ ඉඩම් හා දේපල ගැනත් යොමුවෙද්දී පරිසර ගැටලුල නීතිය හා සාමය පිළිබඳ ගැටලු හා සමාජ සේවාවලට අදාළ ප්‍රශ්න සම්බන්ධයෙන් ද අභියාචනා රැසක් ලැබී ඇතැයි රණසිංහ මහතා සඳහන් කළේය.

සෞඛ්‍ය හා අධ්‍යාපන ප්‍රශ්න සම්බන්ධයෙන් අභියාචනා ලැබෙන්නේ ඉතාම අඩුවෙන් යැයි කී හෙතෙම අධ්‍යාපන අමාත්‍යංශය හා පාසල් පද්ධතිය විශිෂ්ට ලෙස තොරතුරු ලබාදීම ඊට හේතුව යැයි ද කීය.

තීන්දු දුන් අභියාචනාවලින් කොමිසමෙන් ප්‍රතික්ෂේප වී ඇත්තේ 4ක% වැනි සුළු ප්‍රතිශතයක් යැයි ද රණසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (0)

තොරතුරු දැනගැනීමේ කොමිසමට අභියාචනා 951 ක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 837 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 162 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1025 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1058 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1365 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1216 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site