IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


තායිවාන බැංකු කොල්ලයට සැකපිට ශලීල මුණසිංහ අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක)

නිව්යෝක් නුවර සිටි බැංකුවේ මූලස්ථානයේ පරිගණක ජාලයට අනවසරයෙන් ඇතුළුවී තායිවාන බැංකුවකින් රුපියල් කෝටි 32කට ආසන්න මුදලක් වංචා කර සාවද්‍ය පරිහරණය කළැයි සැකපිට පොලිසිය සොයමින් සිටි ශලීල මුණසිංහ නමැත්තා අද(9) රාත්‍රියේ රහස් පොලිස් අත්අඩංගුවට පත්විය.

අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන අතරතුර සැකකාර ශලීල මුණසිංහ නමැත්තා නීතිඥවරුන් මාර්ගයෙන් අද රහස් පොලිසියට බාරවූ අතර සිද්ධියට අදාළව ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු එසේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙරට ප්‍රමුඛ පෙළේ ගෑස් සමාගමක් වන ලිට්රෝ ගෑස් සමාගම් ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ වත්මන් සභාපති ලෙස ශලීල මුණසිංහ කටයුතු කරයි.

මොහු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ (හංසයා) සභාපතිවරයා ද වන අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 2015දී ජනපතිවරණයට ඉදිරිපත් වුයේ ද, සරත් ෆොන්සේකා 2010දී ජනපතිවරණයට ඉදිරිපත් වූයේ ද මෙම පෙරමුණ යටතේ ය.



අදහස් (19)

තායිවාන බැංකු කොල්ලයට සැකපිට ශලීල මුණසිංහ අත්අඩංගුවට

sam Monday, 09 October 2017 03:44 PM

හංසයා කියන්නේ දියෙන් කිරි වෙන් කරන්න පුළුවන් දක්ෂ සතෙක්. එවන් අපුරු සතෙක් ලකුණු කරගත් දේශපාලන පක්ෂයක නායකයෙක් ලාංකීය මාතාවගේ නමට විදේශයන් හමුවේ විශාල අවමානයක් ඇතිකළා. රටේ බුද්ධිමත් ජනතාව මෙවැනි වැරදි කරන මිනිසුන් කිනම් හෝ ආකාරයකින් සමාජයේ වැජඹීමට ඇති අවකාශ නැති කල යුතුය. උදා: කිසිම දිනයක මෙවන් මිනිසුන් පාසලක හෝ වෙනත් වැදගත් ස්ථානයක ආරාධිත අමුත්තා කර නොගත යුතුයි.

:       6       877

lusena Monday, 09 October 2017 04:45 PM

හංසයාගේ පාරෙන් එළිය බලපු කවුරුත් අද කරදර කරන්නේ.... රටේ නම කැත කරන්නයි...

:       2121       2682

Nandalal Monday, 09 October 2017 05:27 PM

හංසයාගෙන් හෝ මොකෙන් ආවත් මෙයා කිරි කළයට ගොම දමල ශ්‍රී ලංකා අභිමානය විරූපී කරපු පුද්ගලයෙක් ! නිව්යෝක් නුවර සිටි බැංකුව මෙයාට විරුද්ධව නඩු පැවරීමේ සඳහා ඇමෙරිකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන්න පුළුවන්. අපේ යහපාලන රජයේ ජනාධිපතිතුමා මේ විශාල වංචාව අධිකරණයට භාරදී නිහඬ පිළිවෙතක් අනුගමනය කල යුතුය. එතුමා මෙයාට කිසිම සපෝර්ට් එකක් නොදිය යුතුය.

:       46       220

Lalith Monday, 09 October 2017 05:46 PM

කොටි තිස් දෙකත් කජ්ජක්ද, ඔය තරම් දියුණු රටක බැංකු පද්ධතියට ඇතුළුවෙලා ඔයවගේ සුළු ගණනක් ගත්ත කියන්නේ අන්තිම අඥාන වැඩක්.

:       65       36

janatha anura Monday, 09 October 2017 06:12 PM

1.අබිමානය නැති වෙන්න නම් අබිමානයක් පළමුව තිබිය යුතුය 2. තම රටේ බැංකු හොරකම් ඕන තරම් කිරීමට ඉඩ තිබියදී ඇමෙරිකාවේ බැංකු බිඳින්න යන මෝඩයා කවුද ?

:       316       417

පිටිගල මිලානෝ Monday, 09 October 2017 09:21 PM

රටේ මුදල් හොරාකාපු විනිමය බිල්පත් හොරුන්ට, හිටපු හොර රැලට වඩා මෙයා නම්බුකාරයි.

:       165       52

pushpa Monday, 09 October 2017 09:43 PM

හරියට හරි අනුර අපිට අභිමානය කියන එක ගැවිලා වත් නෑ.

:       37       6

mad Monday, 09 October 2017 09:54 PM

යහ පලනේ නැත්තන් ඔය මනුස්සය අත්අඩංගුවට ගයිද......එකත් පොඩ්ඩක් විතර හිතන්ඩ ඕන ........ආණ්ඩුවේ හොරුන්ට ඉඩ තියන්න හොඳ නෑ.....කොහොමහරි හිමීට හරි සුද්ද කරන්ඩ ඕන..

:       227       230

lalith Tuesday, 10 October 2017 05:14 AM

මේ හොර කම කරලා තියෙන්නේ යහපාලන හංස පක්ෂයේ සභාපති තුමා. තව මොන කතා ද ?

:       18       122

ramanTuesday, 10 October 2017 09:12 AM

යහපාලානේ නිසා නොවෙයි එයාව අත්අඩංගුවට ගත්තේ. ඇමරිකාවේ සහ තායිවාන් වලින් ආපු කේස් නිසා. නැත්නම් අදත් මුකුත් නැහැ. යහපාලනේ හොඳනම් අර්ජුන් මාම සහ බෑනාට මහා බැංකුව බාර දේවිද. අඩු ගානේ ඒ අයවත් සැක නිසා අත්අඩංගුවට ගන්න ඕනනේ.

:       0       11

dingirala Monday, 09 October 2017 10:58 PM

මේ රටේ ලොකු මිනිස්සු දක්ෂ හොර කමට මිස වෙන කුමකටද? රටේ හිටපු සහ ඉන්න නායකයෝ බහුතරයක් ආදර්ශය දී ඇත්තේ හොරකම් කිරීම් වලින් මිස වෙන කුමකින්ද? මෙරට තව ටික කලකින් බැංකු මංකොල්ල කරුවන්ගේ පාරාදීසයක් ලෙස ලෝක පුජිත වේවි.

:       42       113

චමින්ද සිල්වා Tuesday, 10 October 2017 02:58 AM

බැංකු මංකොල්ල කන්න හංසයාගේ කට්ටිය බොහොම දක්ෂයි.

:       1       241

නලින් Tuesday, 10 October 2017 03:28 AM

පරීක්ෂන කටයුතු දිවුලපිටිය පොලිසියට බාර දෙමුද?

:       0       26

one srilankan Tuesday, 10 October 2017 03:37 AM

රවී ගේ ගෝලයෙක් කියනවනේ ,,තවත් මොන කාටද ,,

:       0       204

Upali Tuesday, 10 October 2017 03:41 AM

ලිට්ට්‍රො ගෑස් ලොක්ක අපේ සාක්කුව ශුද්ධ කරන ගමන් තායිවාන බැංකුවකුත් ශුද්ධ කරලනෙ

:       0       8

ධම්ම Tuesday, 10 October 2017 04:02 AM

ඔය හංස පක්ෂය අටවාගෙන ඉන්නෙත් ඔයවගේ වැඩවලට පහසුවෙන්න තමයි. හංස පක්ෂයෙන් වැඩගත් අය පක්ෂ සභාපති වෙනුවෙන් පෙනීසිටීම එයාලගේ යුතුකමක්.

:       1       65

emerson Tuesday, 10 October 2017 05:21 AM

මෙයාට ෆොන්සේකාට තරම් අත්දැකීම් නැ. ෆොන්සේකාගේ කෝටි ගාන අවේ කොහෙන්ද කියල තාමත් හොයා ගන්න බෑ. හොරකම් කරන්න කලින් ෆොන්සේකාගෙන් ඇහුවනම් ඔය දේ වෙන්නෑ. දැන් ඉතින් උසාවියේ කට උත්තර දෙන්න ඉස්සර වෙලා රවී කේ ගෙන් උපදෙස් ගන්ඩ බරුවම ගියොත් ජනාදිපති සමාවක් ගන්න පුළුවන්

:       25       65

thushan Tuesday, 10 October 2017 08:38 AM

දන් රටට විදේශ අායෝජන නොඑන නිසා ගංවතුරෙන් විපතට පත් පවුල් දහසකට ලිට්රෝ වෙතින් ගෑස් ලිප් සහ සිලින්ඩර් ලබා දීම සඳහා මේ මුදල් මෙතුමා විසින් සොරකම් කරා විය හැකි..... නේද?

:       0       4

daham Tuesday, 10 October 2017 08:45 AM

අනේ මන්ද, තිරුපති වැඩක් නැහැ වගේ. නරක ආරන්චිමනේ අහන්න ලැබෙන්නේ. මේවා ඔක්කොම කරකැවිල ඇවිල්ල හංසයාගෙන් ඉල්ලපු එක්කෙනාගේ ගිණුමට එකතු වෙනවා.

:       0       9

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 902 0

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 116 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 360 1

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 777 5

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 251 1

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 316 1

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1692 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site