(අනීෂා මානගේ)
දිවයින පුරා විවිධ ප්‍රදේශවල අපරාධ ගණනාවකට සම්බන්ධ බව කියන අපරාධකරුවකු ටී.56 වර්ගයේ පතුරොම් යොදන මෙරට නිෂ්පාදිත ගිනිඅවියක්, ජීවපතුරමක්, හෙරොයින්, සහ මන්නා පිහියක් සමඟ අද (11) මිද්දෙණිය ජූලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරිහු කියති.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ලියාපදිංචි අපරාධකාරයකු වන 35 හැවිරිදි “තැඹිලි අජිත්” නම් අන්වර්ථ නාමයකින් ප්‍රසිද්ධ මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය කියයි.
ඇඹිලිපිටිය, ගම්පහ, කහවත්ත, තංගල්ල, වලස්මුල්ල, වීරකැටිය, ඇතුළු දිවයින පුරා විවිධ ප්‍රදේශවල මිනීමැරීමට තැත්කිරීම්, ගෙවල් බිඳුම්, මංකොල්ලකෑම් ආදී අපරාධ 26 කට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන් මෙම පුද්ගලයා සැකකරුවකු වන බව පොලිසිය කියයි.
සැකකරු සමඟ ටී.56 වර්ගයේ පතුරොම් යොදන මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් , ටී.56 වර්ගයේ ජීව පතුරොමක්, අඟල් 18 ½ ක් දිග සහ අඟල් 2 ක් පළල තලය සහිත මන්නා පිහියක්, හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 1ක් සහ මිලිග්‍රෑම් 850ක්, මුදලින් රුපියල් පහළොස්දහස් නවසීයක් , ජංගම දුරකතනයක් පොලිස් බාරයට ගෙන තිබිණි.
මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට යන පොලිස් නිලධාරීන්ට සැකකරු සතුව තිබෙන මන්නා පිහියෙන් පහරදීමට කිහිප වාරයක්ම උත්සාහ කර ඇතැයිද එම අවස්ථාවන්හිදී සැකකරු පලාගොස් ඇතැයිද පොලිසිය කියයි.
අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ
පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස
කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්
එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව
ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
“තැඹිලි අජිත්” ජූලම්පිටියේදී අත්අඩංගුවට