IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ණය ගන්න ගිය බැංකු නිලධරයාට ගුටි


(ජුඩ් සමන්ත)
 
ලබා ගත් ණය මුදල් නිසි පරිදි නොගෙවන ගනුදෙනුකාරියක් සොයා ගිය බැංකු නිලධාරියකුට පහර දුන් බව කියන පුද්ගලයක් හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
 
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත - මහවිලත්තව පදිංචි පුද්ගලයෙකි. 
 
සැකකරු ණය නොගෙවා පැහැර හැර ඇති කාන්තාවගේ පියා බවද හඳුනා ගෙන ඇත.
 
පහර කෑමට ලක්ව ඇත්තේ බිංගිරිය ප්‍රදේශයේ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවක සේවකයක් බවත් ඔහු දැනට ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.
 
 



අදහස් (4)

ණය ගන්න ගිය බැංකු නිලධරයාට ගුටි

sam Wednesday, 29 November 2017 06:13 AM

නය නොගෙව්වානම්, ඇප කරුවන්ගෙන් අයකර ගැනීම, උකස් කල දේපොළ පවරා ගැනීම හෝ ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම විනා ණයකරුවන් පසුපස හඹා ගොස් නය ගෙවන ලෙසට බලපෑම් කිරීමට අප රටේ නීතියෙන් ඉඩක් නැහැ

:       27       48

KANDEPOLA Wednesday, 29 November 2017 06:51 AM

බැංකු සහා මුල්‍ය ආයතන වලින් ලබා දෙන, නොගෙවන ණය අය කර ගැනීම සඳහා රටේ තිබෙන නීති ප්‍රමාණවත් නෑ. තිබෙන නීතිත් ක්‍රියාත්මක වෙන්නේ අලස ලෙස. ණය අය කර ගැනීම සඳහා තිබෙන්නේ සිවිල් නඩු ක්‍රමය. ඒවා අවුරුදු ගණන් ඇදෙනවා. ගෙවන්න හිතන් ඉන්න මිනිහත් උසාවි ආවට පස්සේ ගෙවන්න ඕනේ නෑ කියලා හිතනවා. ඒ තරම් ලිහිල් නීති තිබෙන්නේ. ඉතින් අදාළ ණය දෙන නිලධාරීන් බෙල්ල කඩාගෙන හරි ණය එකතු කරන්න ඕනේ. ගනුදෙනුකාරයන්ගෙන් ගුටි කෑවේ නැතත් කොම්පැනියෙන් බේරිලා රස්සාව කරගෙන ඉන්න දෙන්නේ නෑ. කොහොම හරි දුන්නනම් ගන්න කියලා තමයි ඔය බැංකු, කොම්පැනි තම නිලධාරීන්ට කියන්නේ.

:       0       97

පිටිගල මිලානෝ Wednesday, 29 November 2017 08:47 AM

බැංකු නිලධාරියා ණයකරුවා සොයාගෙන ගෙදරටම යන්න ඇත්තේ ඔහු පුද්ගලිකව මුදල් ණයට දී ඇති නිසා වෙන්න බැරිද?

:       1       37

බද්රානි Wednesday, 29 November 2017 08:53 AM

බැංකුවල නිලධාරීන්ට පගාව දුන්නම තමයි ණය අනුමත කරන්නේ. ඉතින් තක්කඩින් කරන්නේ පගාවක් දීලා තමන්ගේ අවශ්‍යතාවය ඒ වෙලාවට ඉටුකර ගන්නවා. ණය මුදල අනුමත වීමට ගතවන කාලයත් සමග මූල්‍ය අවශ්‍යතාවය දෙගුණයක් වෙලා. ඒ වගේම ලංකාවේ පෙරකදෝරුවන්ට නිවැරදිව නීත්‍යනුකුලව ඔප්පුවක් වත් හරිහැටි ලියා ගැනීමට නොහැකි නිසා බැංකු කටයුතු කර ගැනීමේදී බොහෝ දෙනෙකුට විවිධ අපහසු තත්වයන්ට මුහුණ දීමට සිදුවෙනවා. ඒ වගේම බොහෝ අවස්ථාවලදී සිදුවන්නේ ලියකියවිලි කටයුතු හා පගාව දීලා ඉවර වෙද්දී තමන්ගේ අවශ්‍යතාවය ඉටුකර ගැනීමටවත් ණය මුදල ප්‍රමාණවත් නොවීමයි. අනික ඔය ණය මුදල් ගැනීමේදී රක්ෂණ ආවරණයක් තියනවා නේද? ලංකාවේ රක්ෂණය ක්‍රියාත්මක වෙන්නේ නමට පමණයි. 

:       2       52

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්දය දුන් පළමු සරණාගතයා නාලීනී
2024 අප්‍රේල් මස 20 247 0

ඉන්දියාවේ තිරුචි දිස්ත්‍රික්කයේ කොට්ටපට්ටු සරණාගත කඳවුරේ දිවිගෙවූ ශ්‍රී ලාංකික කාන්තාවක් වූ කේ.නාලිනී ඉන්දීය මහ මැතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කළාය


කෞෂාලි කුසුමපාලට කෝක් සමාගමේ අධ්‍යක්ෂක තනතුරක්
2024 අප්‍රේල් මස 20 673 0

කොකා කෝලා සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂකවරිය ලෙස කෞෂාලි කුසුමපාල මහත්මිය පත් කර ඇත.


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 705 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 1125 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 780 1

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1647 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1553 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1457 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site