(ඉන්දිකා රාමනායක)
ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සඳහා ඩ්‍රෝන යානා ගුවන්ගත කිරීම තහනම් කර ඇති බැවින් තහනම නොකතා ඩ්‍රෝන යානා හෝ නියමුවන් රහිත ගුවන් යානා භාවිතා කළහොත් ඒ සම්බන්ධයෙන් උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙස ගුවන් ආරක්ෂක පද්ධතියට දැනුම් දී ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක සමූහ කපිතාන් ගිහාන් සෙනවිරත්න මහතා පවසයි.
“මේක ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්. මේකේදි අපට කිසිම දෙයක් සැහැල්ලුවෙන් සලකන්න බෑ. නීතියට පිටින් කිසිවකු ඩ්‍රෝන යානා හෝ නියමුවන් රහිත ගුවන් යානා භාවිතා කළොත් ඒවාට වෙඩි තියන්නත් සිද්ධ වේවි“ යයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරත් පැවසීය.
පාස්කු ඉරිදා සිද්ධියෙන් අනතුරුව රටේ උද්ගත ව ඇති හදිසි නීති තත්ත්වය හමුවේ ගුවන් හමුදාවේ නිර්දේශ මත, ඩ්‍රෝන යානා සහ නියමුවන් රහිත ගුවන් යානා ශ්‍රී ලංකාවේ ගුවන් සීමාව තුළ පියාසර කරවීම සිවිල් ගුවන් සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා විසින් තහනම් කරන ලදි. එවන් තත්ත්වයක් තිබියදීත් පසුගියදා කන්කාසන්තුරේ සහ නාරාහේන්පිට යන ප්‍රදේශ වල ඩ්‍රෝන යානා දෙකක් පියාසර කරවන ලදි. ආරක්ෂක අංශ හා පොලිසිය එම යානා දෙකටම වෙඩි තැබුවද එ්වා පොලිස් වෙඩි පහරින් මිදී පළා ගියේය.
ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කරවීම ජාතික ආරක්ෂාවට මෙන්ම ජාතික ආරක්ෂාව සම්බන්ධ මෙහෙයුම්වලට බාධාවක් බවද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඩ්‍රෝන යැව්වොත් වෙඩි තියනවා
අතුල Tuesday, 07 May 2019 12:58 PM
තුවක්කුවක් හරි රයිෆලයක් හරි තියෙනවනම් කාට උනත් වෙඩි තියන්න පුළුවන්. ඒත් "වදින්න" වෙඩි තියන එක තමයි ප්රශ්නය. පහුගිය දවසකත් වෙඩි නම් තිබ්බා. ඒත් ඉතා හොදින් ඒක ආපසු ගියා.
දිමුත් Tuesday, 07 May 2019 01:23 PM
ඔය ඩ්‍රෝන සංඥා අවුල් කළ හැකි උපකරණත් ඇටෙව්වොත් නරකද?
Nisan S. Tuesday, 07 May 2019 01:40 PM
ඇයි ඩ්‍රෝන වලට විතරක්, මූන වහගෙන අඳුරගන්න බැරිවෙන්න ඔලුවෙන් යන ඇවිදින ඩ්‍රෝන වලටත් අදාල නීතිය ක්‍රියාත්මක කරන්න, අනිත් අය නීතිය අතට ගන්න කලින්.
පිටිගල මිලානෝ Tuesday, 07 May 2019 02:03 PM
රාලහාමිලාගේ වෙඩි ඩ්‍රෝන් එකට වදියිද?
Kumar Tuesday, 07 May 2019 02:09 PM
මේ නිලධාරීන් කතා කරන්නේ සිතා බලා නොවන වග කියන්න ඕනෙ. පසුගිය දිනවල ගැටවික් ගුවන් තොටුපොල අසල පියාසර කල ඩ්‍රෝන යානාවලට වෙඩි තැබීමෙන් වැලකුනේ ඒ අසල සිටින කෙනෙකුට හානියක් සිදුවිය හැකි නිසා. අහසට ගිය හෙලිකොප්ටෙර්යක් වගේ දෙයක් නිෂ්ක්‍රීය වූ අවස්ථාවක ගල් ගෙඩියක් වගේ බිමට වැටෙනවා, මම කියන දෙය අවිස්වාස නම් පිටතට ගොස් උඩ බලා කෙලගසා බලන්න. මුහුණටම වැටෙන බව මම හොදාකාරව දන්න දෙයක්.
kumar2Tuesday, 07 May 2019 03:08 PM
ජාතික ආරක්ෂාව සහ උඩ බලා කෙලගසා ගැනීම අතර විශාල වෙනසක් තිබෙන බව ඔබට නොවැටහීම පුදුමයට කරුණක්.
ඈපා Tuesday, 07 May 2019 03:20 PM
ඒ අය කියන්නේ ඔයා කියන එක ගැන නෙවෙයි ..ඊයෙ පෙරේදා මේ පුවත්පතේම පුවතක් පළ කරලා තිබුණා නාරහේන්පිට - ජාවත්ත ප්‍රදේශයට ඉහළ අහසේ සැරි සැරූ ඩ්‍රෝන යානයකට වෙඩි තැබූ නමුත් එය ඉන් මිදී බබම්බලපිටිය මුහුදු සීමාව දෙසට පලා ගිය බවට.. ඊට වෙඩි තබා තැබුවේ පොලිස් නිලධාරියෙක්. ඒ ගැන මේ කියන්නේ
ravi Tuesday, 07 May 2019 02:14 PM
ඔව්.. තියලා දාන්නයි තියෙන්නේ. ඒත් මේක මනුස්සයින්ගේ ඔලුවලට හෝ මනුස්සයෝ ජීවත් ගෙවල්වලට වැටෙන්න ඉඩ තියන්න එපා.
nandana Tuesday, 07 May 2019 03:04 PM
කුරුල්ලන්ට වෙඩි තැබීමට බාවිතා කරන කුඩා ඊයම් බෝල රාශියක් ඇති පතරොම් බාවිතයෙන් මෙවැනි ඩ්‍රෝන පහසුවෙන්ම බිම දැමිය හැක. මහජන ආරක්ෂාවට තර්ජනයක් වන ඕනෑම දෙයක් අහසේදී හෝ ගොඩබිමදී විනාශ කිරීමේ වරදක් නැහැ.
chandima Tuesday, 07 May 2019 03:37 PM
වෙඩි තියන්නේ ඩ්‍රෝන යානා වලටද? නැතිනම් එව්වා යවන කෙනාටද? ඩ්‍රෝන යානා වලට නම් වෙඩි තියලා වැඩක් නැහැ, අන්තිමට පතුරොම් ටිකත් ඉවරයි, එව්වා බිමට වැටෙද්දී බිම ඉන්න කිහිප දෙනෙකුත් කම්මුතුයි, යවපු මිනිහ තව එකක් ගෙන්නාගෙන උඩ යවයි.
de silva Wednesday, 08 May 2019 12:23 AM
වෙඩි වදින්නේ නැත්නම් මොකද කරන්නේ ?