(විනීතා එම් ගමගේ)
ඩෙංගු හදිසි සෞඛ්‍ය තත්ත්වයක් හෙවත් මෙඩිකල් ඉමර්ජන්සි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන්නනැයි රජයෙන් ඉල්ලා සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.
හදිසි නොවන සැත්කම් මාසයකින් කල් දමා එකී එම රෝගීන්ගේ ඇඳන් ද ඩෙංගු රෝගීන් වෙනුවෙන් වෙන් කිරීමට කටයුතු කරන්නැයි රජයට යෝජනා කරන බවද හෙතෙම සඳහන් කළේය.
මන්තී‍්‍රවරයා මේ අදහස් පළ කළේ පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේ අද (25) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
‘‘වැඩ බැරි ආණ්ඩුවේ නොහැකියාව නිසා මේ වන විට ඩෙංගු රෝගීන් ගණන ලක්ෂය ඉක්මවා ගොස් තිබෙන අතරේ ඩෙංගු මරණ 300 ඉක්මවා ගිහින්. ඇත්ත තත්ත්වය මීටත් වඩා භයානකයි.
අද රෝහල් රෝගීන්ගෙන් පිරී ඉතිරි ගිහින් නිසා බොහෝ රෝගින් රෝහල් වලට ඇතුළු කර ගන්න විදියක් නෑ. ඒ අය ගෙදර ඉඳන් ප්‍රතිකාර කර ගන්නවා.
ඒ රෝගින් පිළිබඳ මෙම වාර්තාවට ඇතුළු වෙන්නේ නෑ. මාස තුනකට අධික කාලයක් ගත වුණත් තවමත් ඩෙංගු අධි වසංගත තත්වය පාලනය කරන්න ආණ්ඩුවට බැරි වෙලා යැයි ගම්මන්පිල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඩෙංගු හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරන්නැයි ගම්මන්පිල කියයි
Rohitha Tuesday, 25 July 2017 10:42 AM
ඩෙංගු හදිසි තත්ත්වයක් ප්‍රකාශ කලහම දැන් ඇතිද?
de silva berlin Tuesday, 25 July 2017 02:29 PM
ඩෙංගු හදිසි තත්වයක් බවට පත් කලොත් ඩෙංගු මදුරුවා හදිසි නීතියට බයේ විදින්නේ නැතුව ඉඳීවි කියලද හිතන්නේ ? ඩෙංගු මදුරුවා ඇති වෙන විදිහට කටයුතු කරන මිනිස්සුන්න්ට දඩුවම් දෙන්න පුළුවන් උපරිම නීති දමල තිබෙන්නේ ? සෞඛ්‍ය පරීක්ෂකවරු හැම අස්සක් මුල්ලකම ගොස් පරික්ෂ කරනවා, ඔය හදිසි තත්ත්ව ප්‍රකාශ කලොත් අවුරුදු ගණනාවකට රටට එන සංචාරකයෝ, ආයෝජකයෝ අඩු වේවි , ආර්ථිකය කබලෙන් ලිපට වැටේවි.