IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඩෙංගු මර්දනයට හදිසි නීතිය

(රංජන් කස්තුරි)

ඩෙංගු මර්දනය කිරීම සඳහා හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

ඒ අනුව මහජන ආරක්ෂක පනතට නව රෙගුලාසි එක් කෙරෙන අතර අගුළු දමා වසා දමා තිබෙන පාළු නිවාස පරීක්ෂා කිරීමට හැකිවන පරිදි නීති සකස් කෙරේ.

මීට අමතරව කොළඹ හා තදාසන්න පෙදෙස්වල අවිධිමත් ලෙස කුණු බැහැර කරන ස්ථානවලට සීසීටීවී කැමරා සවි කිරීමටත් පැය 24 පුරා ක්‍රියාත්මක මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කිරීමටත් නියමිතය.



අදහස් (3)

ඩෙංගු මර්දනයට හදිසි නීතිය

disanayaka Wednesday, 19 July 2017 03:04 PM

හොඳ වැඩක්... නමුත් කුණු ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙලත් ඉක්මණටම ක්‍රියාවට නැංවිය යුතුයි. සියලු ජනතාවම එකාවන්ව ඩෙංගු මඩින වැඩවලට සහය විය යුතුයි. සියලු නිවෙස්වල සහ ව්‍යාපාර ස්ථාන වල තමතමන්ම තමාගේ කුණු පිරිසිදු කරගන්නේ නම් ඉතා හොඳයි. තමතමන්ගේ ස්ථාන තමන්ම නිතර පිරිසිදුව තබාගන්නේ නම් දේශපාලකයින්ට සහ රජයේ නිලධාරීන්ට ජනතාව දොස් නොනැගිය යුතුයි. ඔවුන් කලයුත්තේ ජනතාවට අවශ්‍ය පහසුකම් සලසාදීමයි. ජපානය වගේ රටවල්වල උත්සවයක් තිබුණත් අනිත් දවසේ වෙන කවුරුවත් ඕනි නෑ පිරිසිදුකරන්න. ඒත් අපේ මින්ස්සු පුරුදුවෙලා ඉන්නේ කුණු හමතැනම දමා වනසා දැමීමටයි. කතාවක් තියෙනවනේ ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිට සිට කියලා. එ්ත් අපේ සමාජ පරිහානිය එක්ක අපේ අය හිතන්නේ වැසිකිළියට ගියාට පස්සෙත් තවකෙනෙක් ඇවිත් සේදිය යුතුයි කියානේ. මිනිසුනේ දැන්වත් හැදෙන්න. නැතිනම් ඩෙංගු නෙමෙයි තව ඊට වඩා ලොකු දේවලුත් ඇවිත් අපේ ජාතිය විනාශ වෙනවා.

:       0       116

shan saudi Wednesday, 19 July 2017 07:15 PM

ඩෙංගු මදුරුවන් බෝවන ලෙස පරිසරය අපවිත්‍ර කර සිටින සියලුම දෙනාට හා ආයතන වල පාලකයන්ට හා ගෙහිමියන්ට රුපියල් ලක්ෂයක දඩයක් හා මස 6 වත් අනිවාර්ය සිරදඩුවම් ලබා දෙන්න. පසුගිය කාලයේ දොස්තරවරුන් පිරිසක් මේ මදුරුවන් බෝකිරීම කලබව පුවත් පත්වල පල වුණා. එවන් අවස්ථා සොයා ගතහොත් ඔවුන්ට මරණ දඩුවම අනිවාර්යෙන්ම ලබා දෙන්න ජනපතිතුමනි අප බෞද්ධ රටක් උවත් නීතියෙන් වරදකරුවන් වී රටට විශාල විනාසයක් කරන හා කල වැරදිකරුවන්ට පනවා ඇති මරණ දඩුවම ක්‍රියාවට නංවන්න. එසේ නොකර අද සිදුවන මිනිස් ඝාතන හා සමාජ විරෝධි ක්‍රියා පාලනය කල නොහැකිය. නීතිය බලාත්මක නොවීම නිසා ජනතාව ඕනෙම බරපතල වරදක් කිරීමට පසුබට නොවීමේ ප්‍රවනතාව වේගයෙන් වැඩිවෙමින් පවතී. තවද ලංකාව මත්ද්‍රව්‍ය ලෝකයට හසුරුවන ප්‍රධාන ස්ථානයක් බව මා මෑතක පුවත් පතක්ද දුටිමි. මේ දේවල් තදින් පාලනය නොකළහොත් ජාතියම විනාස වන දිනය අතලගටම පැමිණ ඇත

:       0       0

thilak gamage Thursday, 20 July 2017 04:15 AM

මේ පොඩි පොඩි අත්‍ හදාබැලීම් නොකර විද්‍යානුකුලව ඩෙංගු කීටයන් බෝවෙන එක වලක්වන තාක්ෂණයක් හදුන්වාදෙන්න ආණ්ඩුව ක්‍රියා කරන්න. තමන්ගේ ගෙවල් ඉඩම් පිරිසිදු කරගන්න එක තමන්ට වගේම මේ කාරණයේදී ජාතික යුතුකමක් බව මිනිස්සුන්ට තේරුම් කරලා දෙන්න අනෙක් සමාජ සත්කාරී සමාජ ජාල එකතු වෙන්න .රජයක් වශයෙන් ආණ්ඩුව ස්ථිරසාර පිලියමක් සොයන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 62 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 164 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 795 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 91 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 263 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 247 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site