IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ටෙලි නාට්‍ය නිර්මාණ අලෙවි කීරීමේ සියයට 14 රඳවා බද්ද අය නොකිරීමට ජනපති උපදෙස්

ටෙලිනාට්‍ය නිර්මාණ අලෙවි කිරීමේදී සියයට 14ක රඳවා ගැනීමේ බද්ද අය නොකිරීමට අදාළ ආයතන වෙත ලිඛිතව දැනුම් දෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාට අද (6)  උපදෙස් දී ඇත.  

නව බදු ආදායම් ප්‍රතිපත්තියේ කරුණු වැරැදි ලෙස අර්ථකථනය කර ගැනීම  හේතුවෙන් ටෙලිනාට්‍ය නිර්මාණ අලෙවි කිරීමේදී අදාළ බදු මුදල් අය කිරීමට කටයුතු කර තිබෙන බව ද ජනාධිපතිවරයා පවසා තිබේ.
 
සිනමා, ටෙලිනාට්‍ය සහ ඇතුළු අනෙකුත් කලා ක්ෂේත්‍ර නියෝජන කරන සංගම්වල නියෝජිතයන් ඇතුළු කලාකරුවන් පිරිසක් සමඟ ජනාධිපති කාර්යාලයේ අද (6) පෙරවරුවේ පැවැති හමුවකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉහත උපදෙස් දී ඇත.
රජයේ නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් නිර්මාණකරණ කටයුතුවලදී තමන්ට ගැටලු රැසකට මුහුණ දී සිටින බව කලාකරුවන් හා එම නියෝජිතයන් මෙහිදි ජනාධිපතිවරයාට පවසා ඇති අතර නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් දේශීය සිනමාව සහ ටෙලිනාට්‍ය කලාව ඇතුළු අනෙකුත් ක්ෂේත්‍රවල ඉදිරි ගමනට බාධා එල්ල වී තිබේ නම් අදාළ ආයතන සමඟ සාකච්ඡා කර ඊට සාධාරණ විසඳුම් ලබාදීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා මෙම හමුවේදී පවසා තිබේ. මුදල් අමාත්‍යවරයා සමග සාකච්ඡා නව බදු ප්‍රතිපත්තියට ද හානියක් නොවන අයුරින් සාධාරණ විසඳුම් දීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් තවදුරටත් පවසා ඇත. 
 
දේශීය සිනමාව, ටෙලිනාට්‍ය කලාව ඇතුළු අනෙකුත් කලා ක්ෂේත්‍ර රැක ගැනීම වෙනුවෙන් අවශ්‍ය මැදිහත්වීම රජය ප්‍රතිපත්තියක් ඇතුවම කළ යුතු බවත් ඒ වෙනුවෙන් අවශ්‍ය සියලු තීන්දු තීරණ ගැනීමට වත්මන් රජය කිසිදු පසුබෑමකින් තොරව කටයුතු කරන බව ද ජනාධිපතිවරයා මෙහිදි අවධාරණය කර තිබේ. 
 
මෙම හමුවේදී දේශීය සිනමාව සහ ටෙලිනාට්‍ය කලාව රැක ගැනීම වෙනුවෙන් වත්මන් රජය යටතේ ගෙනයන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ද සාකච්ඡාවට ලක්වී තිබේ. 

055



අදහස් (4)

ටෙලි නාට්‍ය නිර්මාණ අලෙවි කීරීමේ සියයට 14 රඳවා බද්ද අය නොකිරීමට ජනපති උපදෙස්

Bamunuarachchi Wednesday, 06 June 2018 05:11 PM

ටෙලිනාටක වලින් ලක්ෂ ගණන් හම්බ කරන අයට බදු ගහන්න එපා කන්නතාර රටවල දහදුක් විඳලා උපයපු මුදල තැන්පත් කර ගන්න පොලියට බදු ගහපන්. සිරිසේන මහතා මේ දුප්පත් මිනිසුන්ගේ පැන්ෂන් එක ඔය පොළියයි. ඒ මිනිස්සුවෙනුවෙන් ඔබසමග වටමේස සාකච්චා පැවැත්වීමට එනකෙනෙකු නැත. එතරම්ම ඔවුන් අසරණය. ඔවුනට පොලියක් දෙන්නේ නැතැයි කීවත් ඔවුන්වෙනුවෙන් කතාකිරීමට කෙනෙක් නැත. නමුත් 2020 සේදී අපිත් ඔවුන් සමග එකතුවී ඔබලාට කෙලිනවා සහතිකය. එව්විට ඇඟිලි 10 අඩුවෙන් සිටින ටෙලිනාටක කාරයින්ට ඔබලා වෙනුවෙන් කළහැකි මගුලක් නැත.

:       0       0

Sanath Wednesday, 06 June 2018 08:12 PM

සිංහල සිනමාව නැත්තටම නැතිවෙලා තියෙන අතරේ යන්තම් පණනල ගැටගහගෙන ඉන්න ටෙලි නාට්‍ය ශිල්පීන්ටත් කොන්ද කැඩෙන්නම ගහන්න හැදුවේ පරණ කෝන්තරයක් පිරිමහගන්නද?

:       0       0

BamunuarachchiThursday, 07 June 2018 09:51 AM

ටෙලි නාට්‍ය නිෂ්පාදකයෝ විතරක් නොවෙයි ජීවත් වෙන්න ඕනේ රටේ අනික් මිනිස්සුත් ජීවත වෙන්න ඕනේ ටෙලිනාටක නොබැලුවා කියලා කිසිවෙකුට කිසිම හානියක් වෙන්නේ නැත . අපි ඔය ටෙලිනාටක බලන්නේ නැත. ටෙලිනාටක පිනට පෙන්වන්නේ නැත වෙලනද දැන්වීම් වලින් ඒවායින් ලක්ෂ ගණන් නිෂ්පාදකයෝ මුදල් උපයනවා. ඔවුන්ගෙන් බදු ගත්තාට කාටවත් රිදෙන්නේ නැත. සිංහල ටෙලි නාටක බලා ඔලුව මන්ඥන් කර ගන්නවා හැරෙන්නට වෙන සුගතියක් නැත.

:       0       0

Bamunuarachchi Thursday, 07 June 2018 01:33 AM

එතකොට අර කාන්තාර රටවල දුකසේ උපයාගත්ත අහිංසක මිනිස්සු තැන්පත් කරගෙන ඔවුන්ගේ පැන්ෂන් එක ලෙස ලබන සුළු පොලියට බදු ගහන එක සාදාරණද? ඒ මිනිස්සු වෙනුවෙන් කතා කොරන්න වටමේස සාකච්චා තියන්න කෙනෙක් නැත.. සිරිසේන මහතා පත්තරේ කියවුවෙ නැතිනම් රටේ වෙන්නේ මොනවාද කියා දන්නේ නැත. 2020 දී අපි දෙන්නම් තොපිට.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 299 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 700 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 577 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1402 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2871 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1860 2

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 236 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1454 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site